- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි
සිංහල භාෂාවෙන් සයිබර් අවකාශය පරිශීලනය කරන ප්රජාවට ඉමහත් වැදගත්කමක් සහිත කාරණයක් ලෙස හෙළකුරු මගින් ලබාදුන් sinhala voice typing පහසුකම සැලකිය හැක. ගූගල් සමාගම මගින් g board - google voice typing පහසුකම ලබා දී ඉතා කෙටි කාලයක් තුළ එනම් දින තුනක් පමණ ඇතුළත ඊට වඩා වැඩි දියුණු කළ හෙළකුරු voice typing පහසුකම නොමිලේම හෙළකුරු පරිශීලකයන් වෙත ලබා දෙන්නට භාෂා ලංකා ආයතනය කටයුතු කොට ඇත. මේ සඳහා ගූගල් සමාගමේ තාක්ෂණය උපයෝගී කරගත්තත් භාෂා ලංකා ආයතනයේ තාක්ෂණ ශිල්පීන් විසින් මෙය සිංහල සමාජයට ගැළපෙන ලෙස සංස්කරණය කර තිබේ. එසේම එය ක්රියාත්මක කිරීම ඉතාම සරලය.
මේ අනුව පරිගණක උපාංගයක් මගින් www.helakuru.lk වෙත පිවිසීමෙන් හෝ android උපාංගයක් මගින් play store වෙත පිවිස හෙළකුරු ඇප්ලිකේෂනය download කිරීම හෝ update කිරීම මගින් sinhala voice typing පහසුකම සලසා ගත හැකිය. නුදුරේදීම මේ පහසුකම ඇපල් උපාංග සඳහාද ලබාදීමට භාෂා ආයතනයේ තාක්ෂණ ශිල්පීහු මේ වනවිටත් පර්යේෂණ කරමින් සිටිති. කෙසේ නමුත් සිංහල භාෂක සමාජයට නොමිලේ ලැබෙන මේ පහසුකම සිංහල භාෂාවේ හෙට දවස උදෙසා හැරවුම් ලක්ෂ්යයක් ලෙස හඳුනාගත හැකි බව බොහෝ දෙනෙක් පවසයි.
මිහිරාන් කරුණාරත්න
http://www.lakbima.lk/index.php/%
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28