The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
Yesterday at 7:28 pm by The Alchemist

» හවුල් ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි
Yesterday at 5:17 pm by Ethical Trader

» Dividend Announcement
Yesterday at 5:12 pm by Ethical Trader

» ජීවිතය පටන් ගන්නේ 60න්
Yesterday at 3:14 pm by lanka

» EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි
Yesterday at 2:39 pm by lanka

» මිලියන 4,000 ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට
Tue Feb 20, 2018 7:55 pm by nihal123

» Dhananath Fernando wins $ 10,000 for Sri Lanka in Think Tank Shark Tank in Asia
Mon Feb 19, 2018 11:35 am by Ethical Trader

» උදයංග වීරතුංග රැගෙන ඒමට පොලිස් නිලධාරීහු ඩුබායි වෙත
Mon Feb 19, 2018 8:24 am by soileconomy

» ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි
Sat Feb 17, 2018 9:31 pm by soileconomy

» ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
Fri Feb 16, 2018 7:00 pm by Ethical Trader

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Fri Feb 16, 2018 2:18 pm by Ethical Trader

» APLA.N0000 (ACL PLASTICS PLC)
Fri Feb 16, 2018 11:12 am by pjrngroup

» විගණකාධිපතිගේ 2016 වාර්තාව මෙන්න
Tue Feb 13, 2018 12:31 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Fri Feb 09, 2018 11:12 am by The Invisible

» Boost for foreign investment in Govt. securities
Thu Feb 08, 2018 12:45 pm by Ethical Trader

» අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
Thu Feb 08, 2018 9:28 am by The Invisible

» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Feb 07, 2018 7:39 pm by Ethical Trader

» ලෝක ආර්ථිකය කඩා වැටෙද්දී එහි බලපෑම කොළඹට දැනුන හැටි
Tue Feb 06, 2018 11:13 pm by nihal123

» තෙල් මිලේ වැඩිවීමෙන් ගුවන් ටිකට් මිල නගී
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර
Mon Feb 05, 2018 9:10 pm by nihal123

» බැඳුම්කරය: ඇලෝසියස් සහ පළිසේන අත්අඩංගුවට
Mon Feb 05, 2018 9:08 pm by nihal123

» Laughter the Best Medicine
Sat Feb 03, 2018 10:04 pm by pjrngroup

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sat Feb 03, 2018 1:02 pm by bear

» ජනශක්ති ගනුදෙනුව තීන්දුයි. වටිනාකම රුපියල් බිලියන 16 යි
Fri Feb 02, 2018 7:57 pm by nihal123

» කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට
Fri Feb 02, 2018 5:42 pm by Ethical Trader

» BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති
Thu Feb 01, 2018 5:05 pm by Ethical Trader

» වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'
Thu Feb 01, 2018 4:58 pm by Ethical Trader

» ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි
Thu Feb 01, 2018 4:54 pm by Ethical Trader

» අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි
Thu Feb 01, 2018 4:52 pm by Ethical Trader

» ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්
Thu Feb 01, 2018 4:51 pm by Ethical Trader

» තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි
Thu Feb 01, 2018 4:50 pm by Ethical Trader

» ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"
Wed Jan 31, 2018 6:59 pm by soileconomy

» Bank of Ceylon divests stake in Janashakthi Insurance
Tue Jan 30, 2018 3:58 pm by TraderCSE

» වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?
Mon Jan 29, 2018 6:36 pm by Ethical Trader

» නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?
Mon Jan 29, 2018 12:14 pm by Ethical Trader

» Perpetual Treasuries
Mon Jan 29, 2018 7:43 am by Danidu

» කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා
Sat Jan 27, 2018 6:37 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Fri Jan 26, 2018 6:32 pm by Ethical Trader

» සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?
Thu Jan 25, 2018 5:02 pm by Ethical Trader

» RULES ON ALL OR NONE (AON) BLOCKS
Thu Jan 25, 2018 4:55 pm by Ethical Trader

» Time is of essence in dealing with dengue:Expert, Recent deaths could be due to patients "coming in late" for treatment
Thu Jan 25, 2018 2:08 pm by AjithR

» නියම බුදු දහම
Thu Jan 25, 2018 12:42 pm by Ethical Trader

» "දූෂණය" ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න - ජනාධිපති කොමිසම
Wed Jan 24, 2018 7:04 pm by Ethical Trader

» හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්
Tue Jan 23, 2018 7:12 pm by Ethical Trader

» බලාගෙනයි, 'ගුවනින් අසූචි'!
Tue Jan 23, 2018 7:10 pm by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Tue Jan 23, 2018 11:51 am by Ethical Trader

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 12:13 pm by Ethical Trader

» China offers best chance for SL development: CB
Thu Jan 18, 2018 9:27 am by කිත්සිරි ද සිල්වා

»  බැඳුම්කර වාර්තාව
Wed Jan 17, 2018 6:58 pm by කිත්සිරි ද සිල්වා

February 2018
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්

Go down

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්

Post by Ethical Trader on Wed Aug 30, 2017 3:38 pm

BBC Sandeshaya  2017 අගෝස්තු 29

Image copyright Getty Images

බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.

රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය," යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය.

"තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැදී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමයි," යැයි පැවසූ ඇය, "ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි," යනුවෙන්ද සිය නිවේදනයෙන් කියා සිටී.

ලතින් ඇමෙරිකානු සංවිධාන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධීකරණය කර ඇත්තේ ස්පාඤ්ඤ නීතිවේදියකුවන කාලෝස් කස්ට්‍රෙසානා ෆර්නැන්ඩස් විසිනි.

ඔහු, ජනරාල් විඩේලා සහ ජනරාල් පිනෝෂේට එරෙහිව 1996 දී ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයේදී නඩුවක් ඇරඹු ස්පාඤ්ඤ නීතිවේදීන් අතරින් කෙනෙකි. පසුව, ගුවාතමාලාහි, දුර්විපාක නොලබා සිටීමට එරෙහි කොමිසමේ (CICIG) ප්‍රධානියාව සිටියදී හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්ටිලෝ ඇතුළු යුධ අපරාධකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් ගණනාවකට අධිචෝදනා ගොනුකර ඇත.

ජනරාල් පිනෝෂේ

"ජනරාල් පිනෝෂේ හෝ විඩේලාට එරෙහිව අප ගෙන ගිය නඩුවට වඩා බරපතල අපරාධ පිළිබඳ සාක්ෂි මෙහි තිබෙනු දැක මා කම්පනයට පත් වුණා." යැයි පැවසු කස්ට්‍රෙසානා, "කවුරුවත් මුලින් විශ්වාස කළේ නැහැ පිනෝෂේගේ නඩුව ඉදිරියට යැයි කියා හෝ මිලිටරි ජුන්ටාව වගවීමෙන් බඳවා තබන්න ආජන්ටිනා අධිකරණයට කෙදිනකවත් හැකිවේවි කියා; ගුවාතමාලා ආරක්ෂක හමුදා වගවීමෙන් බඳවා තබයි කියා, නමුත් හොඳ, කැපවීමෙන් යුතු මිනිසුන් නිසා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නට හැකිවුනා යැයි මා කියන්නට කැමතියි. ඔහු බ්‍රසීලයෙන් පලායාම මා තකන්නේ නැහැ; නඩුව ඇරඹෙමිනුයි තිබෙන්නේ. ඔහු අපට වඩාත් පහසු කර තිබෙනවා, මොකද පලා යාම නිසා තවදුරටත් ඔහුට මුක්තිය හිමිවෙන්නේ නැහැ."

Image copyright Getty Images
Image caption ජනරාල් පිනෝෂේ

ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසන්නේ 2007-9 කාලය තුළ ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආරක්ෂක ආඥාපතිව සිටි සමයේදී ඔහුගේ අණ යටතේ පැවතියේ යැයි පැවසෙන 'ජෝසෆ් කඳවුර' නම්වූ වධ කඳවුරින් පලා ආ 14 දෙනෙකුගෙන් තමන් ප්‍රකාශ එක්රැස්කොටගෙන ඇති බවය.

වධ දීම සඳහාම ගොඩ නගන ලදැයි පැවසෙන එම කඳවුර තුළ මාංචු හා දම්වැල්, රැඳවියන් උඩු යටිකුරු කර එසවීම සඳහාවූ කප්පි, සිවිලිමේ මාංචු ලෑ හැකි දඬුවලින් සමන්විත වධකාගාර මෙන්ම භූගත රැඳවුම් කුටිද වූ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රාත්‍රියේදී රැඳවියන් නගන විලාප ඇසුණු බවත් එය කඳවුරේ පිහිටි ජනරාල්වරයාගේ නිවස්නයට ද ඇසෙන්නට ඇති බවත් වින්දිතයින් පැහැදිලි කළ බව එම සංවිධානය පවසයි. එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හමුදාපති පදවියට පත් ජනරාල් ජයසූරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොර ඝාතන මෙන්ම අර්බුදය අවසානයේදී භාරවූ සියගණනක් බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ද මෙම නඩුවෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බවය.

'පලා ගියේ නෑ'

ජනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් 'පලා ගොස්' ඇත්දැයි විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනී කොලොන්නේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මේ මාසය අවසානයේ ඔහුගේ නිල කාලය අවසාන වූ බවය.

සිය ධුර කාලය අවසානයේ යළිත් සිය රට බලා පිටත් වූ ජනරාල්වරයා, බදාදා (අගෝස්තු 30) කොළඹට ළඟාවීමට නියමිත බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය.

"ඔහු බ්‍රසීලයෙන් පිටත් වන දිනය කලින් සැලසුම් කර තිබුණු අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රටින් පලා ගියේ නැත," යනුවෙන් ද මහිශිනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කළාය.

වැඩිදුර විස්තර විමසීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3488
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum