- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මෙරට විශ්වවිද්‍යාලවල 70%ක් කාන්තාවෝ
70%ක් කාන්තාවෝ
විද්‍යා හා තාක්‍ෂණ ඇමැති
සුසිල් ප්‍රේමජයන්ත
චමින්ද සිල්වා
මෙරට විශ්වවිද්‍යාලවල සීයට 70 ක් කාන්තාවෝ. අනෙක් හැම එකකින්වත් පිරිමින් අභිබවා කාන්තාවන් යමින් සිටිනවා යෑයි විද්‍යා හා තාක්‍ෂණ කටයුතු ඇමැති zසුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් කොළඹ ගලධාරී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.
අපේ රටේ විවිධ භාණ්‌ඩ ගෙන්වීම සඳහා වසරකට ඩොලර් මිලියන 20 ක් වැය කරනවා. අපනයනය තුළින් ලැබෙන්නේ ඩොලර් මිලියන 12 යි. ඒ අනුව ඩොලර් මිලියන 8 ක පාඩුවක් අපිට ඇතිවෙනවා. මේක පියවා ගන්න නම් අපි ගෙන්වන ආනයන අඩුකරන්න ඕන. එහෙම නැත්නම් අපනයනය වැඩි කරන්න ඕන.
අපි දැන් කෘෂිකර්මය දියුණු කරගන්න මහ බැංකු වාර්තාවට අනුව 2017 වෙන්කර තිබෙන්නේ රින තුනයි දශම එකයි. 2016 කෘෂිකර්මයට එකයි දශම තුනක් වෙන්කර තිබුණා. ලෝක බැංකු වාර්තා අනුව නම් කෘෂිකර්මයට දළ ජාතික ආදායමෙන් සීයට තුනක්, හතරක් වෙන්කරන්න ඕනයි කියලයි පෙන්වලා දීලා තියෙන්නේ.
පවුල් ලක්‍ෂ තුනක් ආහාර හා නියඟයට මුහුණ දීලා පීඩා විඳිනවා. අපිට ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය දැ ආනයනය කරන්න විශාල වියදමක් දරන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි ප්‍රශ්න තිබුණත් අපි දීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘතිවලට යා යුතුයි. ඒ සඳහා විද්‍යා හා තාක්‍ෂණ නව උත්පාදන අත්‍යවශ්‍යයි. විද්‍යා හා තාක්‍ෂණයට අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කර තිබෙන්නේ බිංදුවයි දශම එකයි. ජපානයේ සීයට 4 ක් වෙන් කරල. අපි අපේ රටේ ඛනිජ වැලි, මිනිරන් ඒ ආකාරයෙන්ම පිටරටවලට යවනවා. අපි මේවා උපයෝගී කරගෙන නිෂ්පාදනයන් කර විදෙස් රටවලට යෑවීම කළ යුතුයි. එතකොටයි අපිට දියුණුව කරා යන්න පුළුවන්.
චීනය වසරකට ශිෂ්‍යත්ව 5000 ක් ලබාදීලා එංගලන්තයට යවනව. ඒ අය එංගලන්ත දැනුම ලබාගෙන පැමිණ චීනයේ තාක්‍ෂණය සමග නව නිෂ්පාදන රටේ ඇති කරනවා. මේ වන විට චීනයේ දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 750 ක් දක්‌වා වැඩිකර තිබෙනවා.
අපේ පාසල් අධ්‍යාපනය තාම කියන්නේ ඉගැන්වීමේ ක්‍රමයයි. හැම දියුණු රටකම තියෙන්නේ ඉගෙන ගැනීමේ ක්‍රමයයි. ලෝකයේ උසස් පෙළින් අධ්‍යාපනය අනුව සිංගප්පූරුව එකට සිටිනවා. ඒ රටට මොනවා තිබිලාද? නැනෝ තාක්‍ෂණය ඉරානයේ ලක්‍ෂ 50 කට විද්‍යාගාර හදලා උගන්වනවා. මම මහ ඇමැති ලෙස 1992 චීනයට යනකොට තිබ්බ තැන නෙමෙයි චීනය දැන් ඉන්නේ. අපේ විශ්වවිද්‍යාල දැන් මාස 7 ක් වැහිලා. ලෝකයේ බෙහෙත් දෙන්නේ ජාන තාක්‍ෂණය බලලා. අපි කොතනද ඉන්නේ. අපේ විද්‍යාගාර මකුණුදැල් බැඳිලා. මෙවැනි තත්ත්වයක ඉන්න අපිට ඉදිරියට යන්න පුළුවන්ද කියලා මට සැකයක් තියෙනවා.
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක් කාන්තාවෝ
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක් කාන්තාවෝ
CK wrote:So campus selected boys are very lucky
Jeppa girls very dry ne?