- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ
“දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනීකරණය ඇත්තේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ තුළ පවතින සීමිත ධාරිතාව සහ එහි ප්‍රමාණය සැලකිය වුතු වත්කම් පදනම් සහිත පෞද්ගලික අංශයේ විශාල ආයෝජකයන් කලාපීය අනෙක් කොටස් වෙළෙඳපොළවල මූලික හිමිකම් නිකුතු, අරමුදල් වෙත යොමු කිරීමට ප්‍රබල හේතුවේ.“
“සංස්ථාපිත ණය සුරැකුම්පත් වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශයන්ගෙන් සමන්විත වන අතර ද්විතීයික වෙළෙඳපොළ කටයුතු සීමාසහිත වීමෙන් දිගුකාලීන යටිතල පහසුකම් මූල්‍යයනය කිරීමේ අවශ්‍යතාවන්ගේ වැදගත්කම නොසලකා හැරීමට සිදුවේ. පෞද්ගලික ප්‍රාග්ධන හා ව්‍යවසාය ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු ඉතා ආරම්භක අවධියක පවතී.“
මේ අතර රජය විසින් ප්‍රාග්ධන වෙළෙඳපාළ නියාමන පරිසරය දියුණු කරනු ලබන බව මෙම ආර්ථික දැක්මෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඊට අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන සභා පනත සහ සාමූහිකරණය කිරීමේ බිල්පත සංශෝධනය කිරීම සහ විශාල පාරිභෝගික පිරිසක් වෙත ආයෝජන ගලා යෑමට පහසුකම් සලසමින් ව්‍යුත්පන්න සහ භාණ්ඩ වෙළෙඳාම සඳහා වන නියාමන පුළුල් කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිතය.
තවද පෞද්ගලික අංශයේ ආයේජන සඳහා සහාය දැක්වීමට වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රතිසංස්කරණ දිරිමත් කරනු ලබන බව මෙම ප්රකාශනයෙහි සඳහන් වේත සෘජු විදේශීය ආයෝජන සහ විවිධාංගීකරණය වූ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින නෛතික හානියාමන රාමුව නිවැරදි කිරීම, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සහ ආයතන වැදගත් වන බව එහි අවධාරණය කර සිටී
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ
ඉදිරිපත්කර ඇති අදහස් ටික නම් ඉස්තරම්. කටේ මසුරං දාන්න වටිනවා.
එහෙත්, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ සුරැකුම් පත් නියාමන ආයතනය ඒවා ඵල දැරීම සඳහා සහ ආයෝජක උනන්දුව වර්ධනයට කරලා තියෙන්නේ මොනවා ද යන්න නම් බරපතල ගැටලුවක්.
මේ දක්වාම කර ඇත්තේ වෙළඳපල වට්ටන කට කැඩිච්ච කතා සහ මෝඩ තීන්දු තීරණ ගැනීම සහ වෙළඳපල වැටෙනකං නිදා ගැනීම පමණයි.
හොඳම උදාහරණය නම් බදු පණතෙන් වෙළඳපලට ඇතිවූ බලපෑම ගැන සියලුම වගකිව යුත්තන් දැක්වූ උදාසීන භාවයයි. තවත් කියන්න බොහෝ දේ තියෙනවා. කාලය තමයි මදි.