- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට
Image copyright Getty Images
Image caption හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට
කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අවුරුදු තුන බැගින් බරපතල සිරදඬුවම් වලට යටත් කරනු ලැබුණි.
2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් (මිලියන 600) වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිටට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග චුදිතයන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් යයි ප්‍රකාශයට පත් කරමින් එම දඬුවම් නියම කළේය.
Image caption සිල් රෙදි බෙදා දීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළයි
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශන අවසන් කර පවරන ලද නඩු සම්බන්ධයෙන් ප්‍රකාශිත පළමු තීන්දුව මෙයයි.
මෙම නඩුවේ දෙවැනි සහ තුන්වැනි වැරදි වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහ බැගින් රුපියල් කෝටියක (ලක්ෂ සීයක්) දඩ මුදලක් ගෙවන ලෙස වැරදිකරුවන්ට නියම කළ කොළඹ මහාධිකරණය එය සැප්තැම්බර් විසිවෙනි දිනට පෙර ගෙවන ලෙසත් නියෝග කළේය.
මෙය සමාජය තුළ හඳුන්වන ලද්දේ 'සිල් රෙදි නඩුව' යනුවෙනි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට
සතුට? පලමු කරැණ නම්, මා අවංක යහ පාලන වාදියෙකු හෙයිනි. මහජන දේපල අවභාවිතයට ඉහලම දඩුවම් දිය යුතු හෙයිනි. මෙවැනි නඩු පමා වීම රටට අහිතකරය. ඉතිරි නඩු ඉක්මන් කිරීමට ජනතාව ආණඩුවට බල කල යුතුය.
දෙවන කරැණ නම් මා සිවිල් සේවකයෙකු ලෙස පුහුණු වන අවධියේදී ලලිත්ගේ දේශන අසා එකම දේශපාලන වාතාවරනය යටතේම සේවය කොට සාර්ථක පරිපාලන නිළධාරියෙකු ලෙස සිටි බැවිනි.
දුක? දේශපාලන බලපෑම් වලට හසු නොවී වැඩ කරන්නට අපට උගැන්වූයේ ලලිත්ය. මේ දෙදෙනාම තම සුදුසුකම් හා දක්ෂතා මත විභාග සමත්ව රටේ ඉහලම තනතුරැ හෙබවූ ස්වාධීන මහාත්මයන් බැවිනි. කුනුවී ගිය දේශපාලකයන්යට මුක්කු ගැසීම ඔවුනගේ රාජකාරිය නොවේ. එහෙත් මෙහි පින්තූරයෙහි සිටින දේශපාලකයාගේ නරක ඇසුර ලැබීම නිසා (ඇතැමිවිට තර්ජනය නිසා?) සහ තම තනතුර රැක ගැනීම පිණිස ඔවුන් තම ආත්මය පාවා දෙන්නට ඇත.
නැත්නම්, මා දන්නා ලලිත් වීරතුංග මෙවැනි අයෙකු නොවේ. ඔහු අපගේ ආදරයට පත් වූ අපට මග පෙන්වූ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකි.
සාමාන්‍යයෙන් එවැනි චූදිකයෙකුට දඩුවම් නියම කිරීමේදී දෙන සහනය පවා ඔවුනට නොලැබුනේ පසුගිය රජය සමයේ සිදුවූ මහජන මුදල් අවභාවිතයේ තිබූ බලවත් කම, දරැණුකම සහ ඒවා යලි ඇති නොවීමට මතක හිතෙන පාඩමක් උගැන්වීමට සමාජයට ඇති බරපතල අවශ්‍යතාව නිසා බව පෙනේ.