- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
PAYE බදු නිදහස් සීමාව ඉහළට
යෝජිත නව බදු පනත මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් කිසිදු නිලධාරියෙකුගේ රැකියාවේ සුරක්ෂිතතාවයට කිසිදු හානියක් සිදු නොවන බව අවධාරණය කෙරේ.
එමෙන්ම, මෙම නව බදු පනත ක්රියාත්මක වූවාට පසුව වුවද සේවක අර්ථසාධක අරමුදල් ලාභීන්ට හා විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකික ශ්රමිකයන් මෙරටට එවනු ලබන මුදල් සඳහා අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොවන බව ද සඳහන් වේ.
තවද උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා වන නිදහස් සීමාව දැනට පවත්නා රු. 750,000 වාර්ෂික සීමාව රු. 1,200,000 දක්වා වැඩිකරනු ලැබ ඇති බවත් ඒ අනුව දැනට උපයන විට බදු ගෙවන බොහෝ අයට බදු ගෙවිය යුතු වන්නේ නැති බවත් එමඟින් අවධාරණය කෙරේ.