- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය
'ප්යෝන්ග්යාන්'පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කරමිනි.
එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (සැප්තැම්බර් 19) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.
සිය කතාවේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි සඳහන් කළේය.
සිය කතාවේ දී ඉරානයට ද පහර දුන් ජනාධිපති ට්‍රම්ප් 'ටෙහෙරාන්' පාලනය විග්‍රහ කළේ " මැද පෙරදිග අස්ථාවර කරන දූෂිත ආඥාදායකත්වයක්" ලෙසයි.
ඉරානය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා ත්‍රස්තවාදයට දෙන සහයෝගය නතර කරන මෙන් 'ටෙහෙරාන්' බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම බරක් ඔබාමා පාලන සමයේ දී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක්විය.
Image caption මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්(Antonio Guterres)
තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදයට "ඒක පාර්ශ්වීය ගිවිසුම් වලට" ඇතුල් වීමට හෝ ඒවායේ වාසි ලබා ගැනීමට නොහැකි යයි සඳහන් කළේය.
වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් යයි හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය.
අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.
"සමාජවාදය මතවාදයක්" පමණක් හැටියට විග්‍රහ කරමින් එය හෙලා දුටු ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් අත්වුණේ සන්තාපය -විනාශය සහ අසාර්ථකභාවය පමණක් බවත් සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සමුළුව ඇමතීමට පෙර අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) උතුරු කොරියානු ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ එකම මාර්ගය හැටියට දුටුවේ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතයි.
ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ එක්සත් පෙරමුණක් ඇතිකර ගන්නා මෙන් ඉල්ලීමක් කළ මහ ලේකම්වරයා "ලෝකයට යුද්ධයක් කරා නින්දෙන් ඇවිද යා නොහැකි" බව පෙන්වා දුන්නේය.
මහ ලේකම්වරයාගේ කතාවට රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපති නිලධාරීන්ගෙන් ඉතා උණුසුම් අත්පොළසන් හඬක් ලැබුනත් ජනාධිපති ට්‍රම්ප් ගේ කතාව අතරවාරයේ දක්නට ලැබුණේ ඇතැමුන් විමතියට පත්ව සිටින ආකාරයකි.
Image copyright Reuters
Image caption "රොකට් මෑන් ගමන් ගනිමින් සිටින්නේ කොතැනටද?"
Image copyright Sudath Silva
Image caption ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහා මණ්ඩලයට සහභාගී වෙමින්
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුථ රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් මහා මණ්ඩලයට සහභාගී වෙමින් සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (19)සමුළුව ඇමතීමට නියමිතයි..