Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
නව ‘සුහුරු’ (SMART) ජාතික හැඳුනුම්පත එළිදකී
නව ‘සුහුරු’ (SMART) ජාතික හැඳුනුම්පත එළිදකී

Image copyright AFP
Image caption හැඳුනුම් පත් සඳහා ජෛවමිතික තොරතුරු ලබාගන්නා අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කෙරුණු පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම් පත් නිකුත් කිරීම අද (ඔක්තෝබර් 27) ආරම්භ විය.
මෙම නව ජාතික හැඳුනුම් පත 'සුහුරු කාඩ්පතක්' (Smart Card)ලෙස නිමවා ඇත.
පැරණි හැඳුනුම්පත් ඉලක්කම් දහයකින් සමන්විත වූ නමුත් නව ජාතික හැඳුනුම්පත ඉලක්කම් දොළහකින් යුක්ත වෙයි.
එසේම එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Oganisation - ICAO) ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින් සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු ඛේත (Barcode) ක්‍රමයකින් සමන්විතය.
හැඳුනුම්පත් ලාභියාගේ නම, උපන් ස්ථානය, ලිපිනය හා ස්ත්‍රී/පුරුෂභාවය ආදී තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නව හැඳුනුම්පතෙහි මුද්‍රිත අකුරින් දැක්වෙන අතර, එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ අත්සන ද ඊට ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Image copyright Mansi Thapliyal
Image caption සුහුරු ජාතික හැඳුනුම් පත තාක්‍ෂණය අතින් ඉදිරි පියවරකි
මෙම 'සුහුරු' කාඩ්පත ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් හැඳුනුම්පතක් සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රමිතියට අනුකූල වන අතර, එමඟින් මහජනතාවට ඉතා පහසුවෙන් හා කඩිනමින් තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව ජාතික හැඳුනුම් පත් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජානක අමරසිංහ පවසයි.
අලුතින් නිකුත් කෙරෙන නව ජාතික හැඳුනුම් පත් භාවිතයට පැමිණීමත් සමඟ මෙතෙක් භාවිත කළ හැඳුනුම්පත් අවලංගු නොවන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2017 ඔක්තෝම්බර් 27 දින පටන් තමන් වෙත යොමු කරන ඉල්ලුම් පත් සඳහා පමණක් නව මාදිලියේ ජාතික හැඳුනුම් පත් ලබා දීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් හඳුන්වා දීමේ සැලසුමට අමතරව වයස අවුරුදු පහළොවට වැඩි, මිලියන 16.5ක් පමණ වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත සහිත ජාතික පුද්ගල නාමලේඛනයක් සකස් කිරීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් සැලසුමකි.
එම ජාතික නාම ලේඛනය සකස් කිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 15ට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන් විසින් දැනට භාවිත කරනු ලබන හැඳුනුම්පත් වෙනුවට විද්‍යුත් හැඳුනුම්පත් සැපයෙනු ඇත.
ජාතික නාම ලේඛනය සකස් කිරීම අවසන් වූ පසු අලුතින් හඳුන්වා දෙනු ලබන හැඳුනුම් පතට ඇඟිලි සලකුණු ද ඇතුළත් කරමින් තවත් වැඩිදියුණු කළ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීම ඊලඟ පියවරයි.
මෙම ව්‍යාපෘතිය හරහා රැස්කරන තොරතුරු මගින් ඉදිරියේ දී ජනතාවගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු විය හැකි බවට ඇතැම් පාර්ශ්ව සැක පළ කරන අතර, විශේෂයෙන්ම දත්ත ගබඩාවට එක්රැස් කරන තොරතුරු ගැන මෙන්ම එම තොරතුරුවල ආරක්ෂාව ගැන බරපතළ ගැටලු ඇති බව ඔවුහු පෙන්වා දෙති.

Image copyright Mansi Thapliyal
Image caption ඇතැම් රටවල හැඳුනුම් පත් සඳහා ඇසේ කාචයේ දර්ශන ලබා ගනී
දැනට පවතින පුද්ගල තොරතුරු වලට (නම, ලිපිනය, උපන් දිනය ආදිය) අතිරේකව පවුලේ විස්තරත්, විවාහය /දික්කසාද වැනි තොරතුරුත් ජෛවමිතික ලක්ෂණ ද (biometric data) ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙනු ඇත.
"හැඳුනුම්පත නොවෙයි ප්‍රශ්නය. අපේ ජීවිතයේ සියලු තොරතුරු ටික එක දත්ත ගබඩාවකට රැස් කිරීමයි ප්‍රශ්නය" ගණකාධිකාරිවරයෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන රවී රත්නසභාපති බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
"ඒ මතයේ කිසිම සත්‍යතාවක් නැහැ. එකක් කිව යුතුමයි, තමන්ගේ නියම අනන්‍යතාව හෙළි කරන්න අකමැති අය මේ සඳහා විවිධ මත පළ කරන්න පුළුවන්" පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජානක අමරසිංහ ඉහත කී අදහසට ප්‍රතිචාරය පළ කරමින් කියා සිටී.
Ethical Trader- Top contributor
- Posts : 3578
Join date : 2014-02-28
Re: නව ‘සුහුරු’ (SMART) ජාතික හැඳුනුම්පත එළිදකී
Step in the right direction,
We should think of a unique numbering system, given at birth and it will be your everything.
Driving license number Inland revenue file to many such.
Easily tractable and controllable too.
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7174
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම
» වචන නම් අපේ ඒත් තනුව ?????????
» COMB, HNB, SAMP, SEYB, PABC, UBC, NTB, DFCC & NDB
» Hydro power - simple snapshot based on December quarter
» Malaysia : The failure we copy
» ඉරාන සහ මැද පෙරදිග උණුසුම නිසා වාර්තාගත ලෙස ඉහළ යන ඉන්ධන මිල
» Sri Lanka gold, jewellery price up after tax hike
» NOTICE TO CLIENTS OF STOCKBROKER FIRMS
» Sri Lanka needs real ministers, a real cabinet and a Prime Minister to play monitor
» LIOC.N0000 (Lanka IOC PLC)
» Happy Birthday
» Aluminium - Snapshot
» Sri Lanka stocks end 0.19-pct higher, rupee weakens
» Sri Lanka's central bank among top inflators in Asia in 2017
» Sri Lanka, IMF reach deal for next six months; fuel pricing key
» Sri Lanka’s Cargills Bank to list in 2020
» Colombo Tea Auction Statistics - Q1 17 Vs Q1 18
» Sri Lanka Telecom sees data revenue growing, margins falling
» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
» Sri Lankan stocks end lower, foreign buying in CCS
» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» Films - To Watch List
» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
» Sri Lanka President buys time for political manoeuvring
» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
» 5000 Post Milestone - Congratulations
» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
» Hello and CSE ?
» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
» Building an automated trading system from scratch
» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
» CSE Ahead : Post No confidence motion + CB actions