- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්
Image copyright Getty Images
මුදල් ඇමති මංගල සමරවීර සිය මංගල අයවැය ලේඛනය සභාගත කිරීම ආරම්භ කළේය
ඇමතිවරයා විසින් 2018 වසර සඳහා වන අයවැය කතාව ආරම්භ කරනු ලැබුවේ හිටපු මුදල් ඇමති රවි කරුණානායක "කාලීන වශයෙන් ගන්නා ලද තීන්දු" අගය කරමිනි.
වාහන සඳහා කාබන් බද්දක් අය කරන බව ප්‍රකාශයට පත් කළ මුදල් ඇමතිවරයාගේ යෝජනා මගින් කියවෙන්නේ විදුලි බලයෙන් දුවන වාහන වලට වැඩි තැනක් දෙන බවය.
විදුලි බලයෙන් දිවෙන වාහන බදු අඩු කෙරෙනු ඇත.
එසේම වාහන ජව ගැන්වීමට අවශ්‍ය විදුලිය කැවීමේ මධ්‍යස්ථාන පිහිටුවන බවත් මුදල් ඇමතිවරයා පවසයි.
මගී ආරක්ෂක වායු බැලූන නොමැති වාහන ගෙන්වීමට අවසර නොදීම තවත් යෝජනාවකි.
2025 වන විට ආණ්ඩුවේ සියලු වාහන විදුලි බලයෙන් දුවන හෝ දෙමුහුන් (hybrid) රථ විය හැකි බවත් මුදල් ඇමතිවරයා පවසයි.
ඒ අතර ප්‍රකාශයක් කළ කථානායක කරු ජයසූරිය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පා පැදි සහ බර කරත්තයකින් පැමිණෙන විට ඔවුන්ට සිදු විනැයි කියන බාධක සම්බන්ධයෙන් විභාගයක් සිදු කරන බව කියා සිටියේය.
සිය අයවැය කතාව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ මුදල් ඇමතිවරයා, ශ්‍රම වෙළෙඳ පොළ සහ ඊට අදාළ නීති පිළිබඳව හැදෑරීමක් අවශ්‍ය කරන බව සඳහන් කරමින් රටේ ජීවන වියදම් බර අඩු කිරීමට පියවර ගත යුතුව ඇතැයි සඳහන් කළේය.
ඒ සඳහා ඉදිරි කාලය තුළ පියවර ගන්නා බවත් මුදල් ඇමතිවරයා පවසයි.
එසේම ඉඩම් අයිතියට සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර ගත යුත්තේ කෙසේද ? යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතව ඇතැයි ද ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යවරයා සඳහන් කළ පරිදි රට තුළ දළ දේශීය නිෂ්පාදනය 11.5% සිට 14.2 තෙක් වර්ධනය වී ඇත.
මහින්ද බයිසිකලයෙන්, දිනේෂ් බර කරත්තෙන්
එසේම වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන ලද ආකාරය නිසා ලෝකය තුළ රටට අහිමිව පැවති විශ්වාසය යළි දිනා ගැනීමට සමත් වූ බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය .
එහෙත් පසුගිය කාලසීමාව ඇතුළත රට විවිධ ජාතික ආපදාවන් ගණනාවකට මුහුණ දුන් බවත් ඔහු සිහිපත් කළේය.
"රට මුහුණ දුන් බරපතළම ප්රශ්නය ආණ්ඩුවේ ණය බර වැඩි වීමයි. ඒ අතර ආදායම පිරිහීමයි" මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
විදුලි බලයෙන් දුවන වාහන වලට අයකරන බද්ද අඩුකරන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා සුඛෝපභෝගී වාහන සඳහා ඇය කරන බද්ද වැඩිකරන බවත් කියා සිටියි.