The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති Empty ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති

Fri Dec 08, 2017 11:56 am
BBC Sandeshaya 2017 දෙසැම්බර් 7
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99107777_f8fae8b6-2355-4d42-92c9-420211582309
Image copyright AFP
Image caption ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව බටහිර ඉවුරේ උණුසුම ඉහළ යමින් පවතී

ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට එරෙහිව බටහිර ඉවුර සහ ගාසා තීරයේ පලස්තීනුවෝ වර්ජනයකට එළඹ සිටින අතර වීථි බැස උද්ඝෝෂණයේ යෙදෙති.

නැග එමින් පවතින උණුසුම් තත්ත්වය මැද ඊශ්‍රායලය අමතර හමුදා භටයින් සිය ගණනක් බටහිර ඉවුර වෙත යොමු කර තිබේ.

ගැටුම්වල දී අවම තරමින් පලස්තීනුවන් අට දෙනෙකුවත් තුවාල ලබා ඇති බව මූලික වාර්තාවල සඳහන් වේ.

කලාපයට සංවේදී වූ කරුණක් සම්බන්ධයෙන් දශක ගණනාවක් පැවති ඇමෙරිකානු පිළිවෙත ආපසු හැරවීමට ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනය හේතුවී තිබේ.

ඊට ලෝකයේ නන්දෙසින් නොසතුට පළවෙමින් ඇත.

වොෂිංටන් පාලනයට බොහෝ සමීප මිතුරු පාර්ශ්ව ඇමෙරිකාවේ පියවරට එකඟ නොවන බව පැවසූ අතර ඊට දක්වන ප්‍රතිචාරය තීරණය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා අරාබි ලීගය ඉදිරි දිනවල රැස්වීමට නියමිතය.

ඇමෙරිකාවේ ප්‍රකාශය යළිත් වරක් ප්‍රචණ්ඩත්වය මතු මිරීමට ඉවහල් වෙතැයි බිය පළවී තිබේ. නව ඉන්ටිෆාඩා එනම් නැගිටීමක් සඳහා පෙළඹෙන ලෙස පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානය දැනටමත් ඉල්ලා තිබේ.
"අද මම එය ඉටු කරනවා"
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99103127__99095274_7bb50f0e-1eac-48c2-b37b-bff0533645e3
Image copyright AFP
Image caption "අද මම එය ඉටු කරනවා"

"අද මම එය ඉටු කරනවා" ඇමෙරිකානු නායකයා පැවසීය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම "යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි." යැයි පැවසු ඔහු, "ඒක තමයි කළ යුතු නිවැරදි දේ" යැයි ද සඳහන් කළේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ දැන්වීමක් පළකළ රිපබ්ලිකන් යුදෙව් සන්ධානය ජනාධිපතිවරයාට ස්තුතිය පළකළේය.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, දිගු කාලීනව පවතින ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් වශයෙන් රාජ්‍ය දෙකක පියවර සඳහා ඇමෙරිකාව තවදුරටත් සහයෝගය පළකරන අතර එය දෙපාර්ශ්වයේම අනුමැතිය ලදහොත්, ඊශ්‍රායලය පසෙකින් පිහිටන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වීම දකින්නට ලැබෙනු ඇති බවය.

ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද ?

ඇමෙරිකානු පියවරට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් ට ස්තුතිවන්ත වන බව කීය.

"ශතවර්ෂ තුනක ඉඳලම අපේ අපේක්ෂාවල, අපේ සිහිනවල, අපේ නැමදුම්වල අරමුණ වෙලා තිබුනේ ජෙරුසලමයි." ඔහු ට්විටර් පණිවිඩයක සඳහන් කළේය.

කෙසේවෙතත්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පැවසුවේ ජෙරුසලම, "පලස්තීන රාජ්‍යයේ සදාතනික අගනුවර" බවය.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය "පිළිගත නොහැකි" බව ඔහු කියා සිටියේ ඇමෙරිකාව තවදුරටත් සාම ක්‍රියාදාමයේ මැදිහත්කරුවකු නොවන බව පවසමිනි.

මේ තීරණය සම්බන්ධයෙන්, ගාසා තීරයේ පාලනය ගෙනයන හමාස් සංවිධානය කළ ඉල්ලීමකට අනුව ගාසා තීරයේ උද්ඝෝෂණ පැවති බව හමාස් සංවිධානයට ලැදි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

කලාපය තුළ ඇමෙරිකාවේ අභිප්‍රායන් අනුව ජනාධිපති ට්‍රම්ප් ගන්නා ලද තීරණය "අපායේ දොර විවර කිරීමක්" ලෙස හමාස් සංවිධානය පවසා තිබිණි.
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99107773_bda46cc8-b443-4901-8c8f-866eb55cf02c
Image copyright AFP
Image caption පලස්තීන බලප්‍රදේශ පුරා උද්ඝෝෂණ මතුවෙමින් තිබේ
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම්
මේ ප්‍රකාශය සුවිශේෂීවන්නේ ඇයි ?

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය හේතුවෙන්, ජෙරුසලමේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දරන මතයට වඩා වෙනත් තැනකට ඇමෙරිකාව යොමු කර තිබේ.

පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසලම සලකනු ලබන්නේ සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙසය. 1993 දී එළඹුණු ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුම අනුව, ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගනු ලබන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය.

ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. එසේම මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර ය.

යුදෙව් දහම, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ලබ්ධීන්ට අයත් පුජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇත.
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99110986__99085845_east_jerusalem_detail__sinhala_640-nc
පැරණි නගරය ද ඇතුළත් නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් ඈඳා ගනු ලැබුවේ 1967 වසරේ ක්‍රියාත්මක වූ "දින හයේ යුද්ධය" නිමාවේදීය. එහෙත් එය ඊශ්‍රායලයේ කොටසක් වශයෙන් ජාත්‍යන්තරව පිළිගෙන නැත.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum