The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" Empty මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"

Tue Dec 05, 2017 2:06 pm
BBC Sandeshaya පැයකට පෙර

අලිගැටපේර නිෂ්පාදකයන් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පොලීසියක්

ප්‍රසංග වේදිකාවක් සහිත මධ්‍යම චතුරශ්‍රයක් සහ කුඩා පල්ලියක් ඇති ටැන්සිටරෝ (Tancítaro) පිටතින් බලනවිට සැම අතින්ම මෙක්සිකෝ නගරයක්.

මා එහි ළඟාවන විට මරියාචි සංගීත කණ්ඩායමක් වාදනය කරමින් හිටියා. ඒ සංගීතය, ටැන්සිටරෝවාසීන් දෑස් යොමා සිටි අවමගුල් පෙරහැරක කොටසක්.

නමුත් මේ කුඩා නගරය මොකක් නමුත් වෙනස් ස්වරූපයක් දැරුවා. මෙක්සිකෝවේ සෑම තැනම දකින්නට ලැබෙන පික්අප් ට්‍රක්රථවලට වඩා මෙහි ඇති ඒවා වඩා දීප්තිමත් වගේම අලුත්.

ටැන්සිටරෝවලට බලය ලැබී තිබෙන්නේ අන් කිසිවකින් නොව, අලිගැටපේරවලින්. මෙක්සිකෝවෙ කොළපාට රත්‍රන් ලෙස හැඳින්වෙන අලිගැටපේර නිසා මෙහි වැසියන් පොහොසතුන් වෙලා. ඒ නිසාම මේ නගරය හඳුන්වන්නෙ මෙක්සිකොවේ අලිගැටපේර රාජධානිය කියායි.

30,000ක පමණ ජනතාවකගෙන් සමන්විත මේ නාගරික බලප්‍රදේශය, ඇමෙරිකාවේ කැලිෆෝනියාහි මුළු අලිගැටපේර අවශ්‍යතාව සපුරාලීමට තරම් අලිගැටපෙර නිපදවනවා.
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987598_855b228d-ddd0-4452-9c94-30eacf19bb50
Image caption මෙක්සිකෝවෙ "කොලපැහැ රත්‍රන්"

මෙක්සිකෝව ලෝක අලිගැටපේර ඉල්ලුමෙන් 45%ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒ අතරින් වැඩියෙන්ම අලිගැටපේර වගාකරන්නෙ මිචුහකන් (Michoacán) ප්‍රාන්තයයි.

වසරකට මේ ප්‍රාන්තයෙන් පමණක් අලිගැටපේර බිලියන 2 ට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනව.

අලිගැටපේර කර්මාන්තය විශාල ලාබදායී ක්ෂේත්‍රයක් වීම නිසා ම එය එය සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉලක්කයක් බවට පත්වෙලා.

ටැන්සිටරෝවට ඇතුළුවන්නට තිබෙන්නේ මුර කපොලු රැසක් හරහායි. මෙහි ජනතාව ඒවා හඳුන්වන්නෙ පෙරහන් යන තේරුම ඇති ෆිල්ට්‍රොස් (filtros) නැතිනම් ෆිල්ටර්ස් (filters) ලෙසයි.

සමහර තැන් අන්තැන්වලට වඩා අවිධිමත්. වැලි කොට්ට කිහිපයක් තැනක ආවරණයක් පිටත කැඩුණු වාහන අසුනක වයෝවෘධ පුද්ගලයන් කිහිපදෙනෙක් හිඳගෙන සිටිනවා.

අප පසුකරගෙන එක් මුර කපොල්ලක පිකප් රථ කිහිපයක් නවතා තිබෙද්දී පිට හරහා එල්ලා ගත් රයිෆලයකින් සන්නද්ධව සිටි පුද්ගලයෙක් දුටුවා. මෙය හොඳින් ආයුධ සන්නද්ධ නගරයක්.
මිචුහකන්, 2006 දී "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය" ආරම්භ වූ ස්ථානයයි

එවක ජනපති ෆිලිපේ කල්ඩෙරොන් (Felipe Calderón) දියත් කළ උපාය මාර්යේ ඉලක්කය වුනේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය හමුදාව යොදා බිඳදැමීමයි.

නමුත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ ඝාතන විසඳනවා වෙනුවට, එම ජාලය කොටස් වලට කැඩී මත්ද්‍රව්‍ය වෙළෙඳාම අත්කරගැනීමට ඔවුනොවුන් අතර ගැටුම් උත්සන්න කිරීමට එය හේතුවුනා.

2007 සිට ආයුධ සන්නද්ධ පුද්ගලයන් එන්න පටන්ගත්තා" ටැන්සිටරෝ නගරාධිපති ආර්ටුරෝ ඔලිවේරා ගුටෙරස් පවසනවා.

" ප්‍රාදේශීය පොලීසියේ පාලනය නතුකර ගන්නා ලෙස ඔවුන් ප්‍රාදේශීය පාලනාධිකාරීන්ට පීඩනයක් එල්ලකළා. ඒවගේම මහජනයා බියවැද්දීම මගින් අවනත කරගන්නට උත්සාහ කළා. ඔවුන් ඉඩම් අත්පත් කරගනිමින් බියවැද්දීම් සහ ඝාතන කරන්නටවුනා, ගොඩක් පුද්ගලයන් අතුරුදහන්වුනා."

සක්‍රීය ඵලදායී පොලීසියක් නැති තත්ත්වයක් තුළ, සිය නගරවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොදු ජනයා සන්නද්ධ වීමට ගැනීම, 2013 දී මිචුහකන් "ස්ව-ආරක්ෂක කණ්ඩායම්" ආරම්භවීම දක්වා වර්ධනය වුනා.

ටැන්සිටරෝවෙදීත් එය ම සිදුවුනා.

නමුත්, මිචුහකන් ප්‍රාන්තයේ වෙනත් තැන්වල ස්ව-ආරක්ෂක කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්වීම හෝ රජයේ හමුදා විසින් අකර්මන්‍ය කරනු ලබද්දී ටැන්සිටරෝ වැසියන් වෙනස් දෙයකට පෙළඹුණා.
අලිගැට පේර පොලීසිය
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987602_b25b9c9d-7e2d-433c-9aad-f9a64b4e65e6
Image caption අලිගැටපේර පොලීසිය

නගරයේ ප්‍රධාන චතුරශ්‍රයේ එක් පසෙක ටැන්සිටරෝ මහජන ආරක්ෂක අංශයේ මූලස්ථානය (CUSEPT) තිබෙනවා.

දේහාරක්ෂක ඇඳුම් ඇඟ ලූ සන්නද්ධ පුද්ගලයින් 9ක් හෝ 10ක් ඉන් පිටත සිටගෙන.

"ස්ව-ආරක්ෂක කණ්ඩායම් නගරය සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් මුදාගත්තා. පසුව රජයේ සහයෝගය ඇතිව අපි අලිගැට පේර නිෂ්පාදකයන් සමග එක්ව පොලීසියට බඳවාගැනීම් කළා" ටැන්සිටරෝ ආරක්ෂක මූලස්ථානයේ (CUSEPT) ප්‍රධානි හොසේ ඌගෝ සැන්චෙස් විස්තර කළා.

"මූලික අවශ්‍යතාව වුනේ නගර වැසියන්ගෙන් ම මේ හමුදාව නිර්මාණය කිරීමයි"
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987674_6ae6d0c5-3af7-41ca-af28-6316d124cb9d
Image caption ස්ව-ආරක්ෂක කණ්ඩායම්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් නාගරය මුදාගත්තා

පොලිසිය ගොඩනගද්දී එහි වියදමෙන් කොටසක් දැරුවේ අලිගැට පේර නිෂ්පාදකයින්. කොපමණ හෙක්ටයාර ප්‍රමාණයක් සිය වගා බිමට අයත් ද යන පදනම මත ලබන ආදායම අනුව ඉන් ප්‍රතිශතයක් මේ සඳහා ඔවුන් ගෙවුවා.

නගර සභාවේ ද දායකත්වය ලැබූ මේ හමුදාවේ සාමාජිකයින් පුහුණුව ලැබුවේ ෆෙඩරල් හමුදාව යටතේයි.

CUSEPT හි ඉන්න හැමෝම කවරහෝ ආකාරයකින් අලිගැටපේර වගාවට සම්බන්ධයි. එයම මෙහි සාර්ථකත්වයට හේතුව බව නගරාධිපතිවරයා විශ්වාස කරනවා.

මිනිසුන්ට නැතිවෙන්න ගොඩක්දේ තිබෙනවා, ඒ නිසා එය ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි. ඔහු පැහැදිළි කළේය.

ඔවුන්ට මුදල් තිබෙනවා. ඔවුන්ගේ උපකරණ සිත් ඇදගන්නා සුළුයි. ඔවුන් ආයුධ සන්නද්ධයි, දේහාරක්ෂක කබා අඟලනවා. ඒ වගේම වෙඩි නොවදින පිකප් රථ ද ඔවුන් සතුයි.

ඔවුන්ගේ එක් මුර සංචාරයකදි මා අසුන් ගත්තෙ අලිගැටපේර වත්තක් හිමි ලොරෙනා ෆ්ලොරෙස් (Lorena Flores) අසලින්.

අපරාධ කල්ලිවලට කප්පම් ගෙවීමෙන් හෙම්බත්වූ නිසා පොලීසියට බැඳුනු බව ඇය කීවා.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 8 බැගින් ඇය පොලිසිය සමග වැඩ කරනවා. විවේක දිනයන්හි ඇය තම ගොවිපලේ වැඩ කරනවා. ජීවිතයට වැඩි ආරක්ෂාවක් ඇති බව ඇය පවසනවා.
ප්‍රජා සෝදිසිය
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987594_29107217-9f0a-4ba9-824f-e0900bab7282
Image caption අලිගැටපේර පොලීසිය

එක් අවස්ථාවක, හමුදාමය වෙස්වලාගැනීම් සඳහා යොදන වර්ණ (camouflage) ආලේප කරන ලද මුර පොලක් වූ දෙමහල් නිවසක් සහිත මංසන්ධියක අප නතර වුණා.

ඊට විරුද්ධ පැත්තේ මෝටර් රථ කිහිපයක් අසල කිහිපදෙනෙක් කතාබහක යෙදී සිටියා.

ඔවුන්, පොලීසිය සමග එක්ව මේ නගරයේ ක්‍රියාත්මකවන ස්ව-ආරක්ෂක කණ්ඩායම් 16න් එකක්. සැකකටයුතු යමක් අත්නම් ඔවුන් ඒ ගැන පොලිසියට ඔත්තු සපයනවා.

තමන් ළඟ ආයුධ තිබුනත් ඒවා මට නොපෙන්වන බව එක් අයෙකු මට කීවා.

මේ කණ්ඩායම් විවෘතව ආයුධ රැගෙන නොයන නමුත් පොලීසිය පවසන ආකාරයට අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ඔවුන්ගේ සහය ලැබෙනවා.

අපට එය එතරම් පැහැදිලි නොවුනත්, ටැන්සිටරෝවට එය ඵලදායී වී ඇති බව පෙනෙනවා.
පසුතැවෙනවට වඩා ප්‍රවේශම හොඳයි
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987676_6d6feb22-e134-4004-b731-a1f5e4501e9d
Image caption ධනවත් ගොවියෙක්වූ චේමා ෆ්ලොරෙස්

ඊළඟට මට හමුවුනේ 1982 සිට අලිගැටපේර වගාවේ යෙදෙන ධනවතකුවන චේමා ෆ්ලොරෙස්.

අලිගැටපේර ඉල්ලුම මේ තරමින් ඉහළ යතැයි තමා කිසිවිටෙක නොසිතු බව ඔහු පවසනවා.

එය හොඳට මෙන්ම නරකට ද ඔහුගේ ජීවිතය වෙනස්කර තිබෙනවා.

රියදුරු අසුනට යටින් ලොකු තුවක්කුවක්, මං ඇහුව ඒ ඇයි කියල.

"මේ මොහොතෙදි, මෙහි ප්‍රවේශම්සහගතයි, ආරක්ෂාව තියෙනව. මට බොරු කියන්න ඕන නැහැ වෙනත් අසුන්දර ප්‍රදේශත් තිබෙනවා." ඔහු පැවසුවා.

"ඔවුන් මගේ අවුරුදු 16ක පුතා පැහැරගත්තා. කප්පම හැටියට ඩොලර් මිලියනයක් ඉල්ලුවත් මට දෙන්නට තිබුනෙ ඉන් භාගයක් පමණයි. මාවත් දෙසැරයක් ම පැහැරගත්තා."

තමන්ට ගිනිඅවියක් දැරීමට අවසර ඇති බවත්, සැමවිටම තමාගේත්, පුත්‍රයාගේත් ආරක්ෂාව වෙනුවෙන් ශරීරාක්ෂකයන් සිව්දෙනෙක් තබාගැනීමට අවසර ඇති බවත් ඔහු පැවසුවා.
මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය" _98987678_cd0d7b49-87e1-4d46-8a87-f5a7a9f29d0e
Image caption ශරීරාක්ෂකයන්ට මැදිව

මෙපමණ ආරක්ෂාවක් ගොවියෙකුට අවශ්‍යවීම පමණට වැඩි යැයි සිතුනද, විකල්පය ඉතා නරක ප්‍රතිපල ගෙනදිය හැකිබව ඔබට වැටහෙනවා ඇති.

තවදුරටත් පැහැරගැනීම් හෝ කප්පම් ගැනීම් නොමැති බව නගරෙ ඉන්න හැමදෙනාම මට පවසනවා.

ලොරෙනා, චේමා වගේ නිෂ්පාදකයින්ට දැන් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්.

2017 වසරේ මේ දක්වා කාලය, දශක දෙකක් තුළ මෙක්සිකෝවට ලැබූ අනතුරුදායක ම කාලයයි.

දැඩි ආයුධ සන්නද්ධව තමන්ගේ ම ආරකට ක්‍රියාත්මකවන ටැන්සිටරෝවේ අලිගැටපේර පොලීසිය, මෙක්සිකොවේ අඳුරු යුගය තුළ දැකිය හැකි දීප්තිමත් සලකුණක් වගේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum