The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Yesterday at 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Yesterday at 3:49 pm by CK

» JKH trades in a tight channal
Yesterday at 12:09 pm by lanka

» Things we are not aware of-Sri Lanka politics.
Yesterday at 10:47 am by Ethical Trader

» Sri Lanka to push ahead with shipping liberalization
Yesterday at 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Yesterday at 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

» හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Fri Nov 24, 2017 5:33 pm by Ethical Trader

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Fri Nov 24, 2017 2:52 pm by Yin-Yang

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Fri Nov 24, 2017 1:22 pm by Ethical Trader

» ඉන්දියාව 'බ්‍රහ්මෝස්' සාර්ථක බව කියයි
Thu Nov 23, 2017 10:26 am by Ethical Trader

» How to Calculate the Future Value of an Investment
Wed Nov 22, 2017 11:46 am by Ethical Trader

» මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි
Wed Nov 22, 2017 11:34 am by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"

View previous topic View next topic Go down

මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"

Post by Ethical Trader on Tue Dec 05, 2017 2:06 pm

BBC Sandeshaya පැයකට පෙර

අලිගැටපේර නිෂ්පාදකයන් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පොලීසියක්

ප්‍රසංග වේදිකාවක් සහිත මධ්‍යම චතුරශ්‍රයක් සහ කුඩා පල්ලියක් ඇති ටැන්සිටරෝ (Tancítaro) පිටතින් බලනවිට සැම අතින්ම මෙක්සිකෝ නගරයක්.

මා එහි ළඟාවන විට මරියාචි සංගීත කණ්ඩායමක් වාදනය කරමින් හිටියා. ඒ සංගීතය, ටැන්සිටරෝවාසීන් දෑස් යොමා සිටි අවමගුල් පෙරහැරක කොටසක්.

නමුත් මේ කුඩා නගරය මොකක් නමුත් වෙනස් ස්වරූපයක් දැරුවා. මෙක්සිකෝවේ සෑම තැනම දකින්නට ලැබෙන පික්අප් ට්‍රක්රථවලට වඩා මෙහි ඇති ඒවා වඩා දීප්තිමත් වගේම අලුත්.

ටැන්සිටරෝවලට බලය ලැබී තිබෙන්නේ අන් කිසිවකින් නොව, අලිගැටපේරවලින්. මෙක්සිකෝවෙ කොළපාට රත්‍රන් ලෙස හැඳින්වෙන අලිගැටපේර නිසා මෙහි වැසියන් පොහොසතුන් වෙලා. ඒ නිසාම මේ නගරය හඳුන්වන්නෙ මෙක්සිකොවේ අලිගැටපේර රාජධානිය කියායි.

30,000ක පමණ ජනතාවකගෙන් සමන්විත මේ නාගරික බලප්‍රදේශය, ඇමෙරිකාවේ කැලිෆෝනියාහි මුළු අලිගැටපේර අවශ්‍යතාව සපුරාලීමට තරම් අලිගැටපෙර නිපදවනවා.

Image caption මෙක්සිකෝවෙ "කොලපැහැ රත්‍රන්"

මෙක්සිකෝව ලෝක අලිගැටපේර ඉල්ලුමෙන් 45%ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒ අතරින් වැඩියෙන්ම අලිගැටපේර වගාකරන්නෙ මිචුහකන් (Michoacán) ප්‍රාන්තයයි.

වසරකට මේ ප්‍රාන්තයෙන් පමණක් අලිගැටපේර බිලියන 2 ට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනව.

අලිගැටපේර කර්මාන්තය විශාල ලාබදායී ක්ෂේත්‍රයක් වීම නිසා ම එය එය සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉලක්කයක් බවට පත්වෙලා.

ටැන්සිටරෝවට ඇතුළුවන්නට තිබෙන්නේ මුර කපොලු රැසක් හරහායි. මෙහි ජනතාව ඒවා හඳුන්වන්නෙ පෙරහන් යන තේරුම ඇති ෆිල්ට්‍රොස් (filtros) නැතිනම් ෆිල්ටර්ස් (filters) ලෙසයි.

සමහර තැන් අන්තැන්වලට වඩා අවිධිමත්. වැලි කොට්ට කිහිපයක් තැනක ආවරණයක් පිටත කැඩුණු වාහන අසුනක වයෝවෘධ පුද්ගලයන් කිහිපදෙනෙක් හිඳගෙන සිටිනවා.

අප පසුකරගෙන එක් මුර කපොල්ලක පිකප් රථ කිහිපයක් නවතා තිබෙද්දී පිට හරහා එල්ලා ගත් රයිෆලයකින් සන්නද්ධව සිටි පුද්ගලයෙක් දුටුවා. මෙය හොඳින් ආයුධ සන්නද්ධ නගරයක්.
මිචුහකන්, 2006 දී "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය" ආරම්භ වූ ස්ථානයයි

එවක ජනපති ෆිලිපේ කල්ඩෙරොන් (Felipe Calderón) දියත් කළ උපාය මාර්යේ ඉලක්කය වුනේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය හමුදාව යොදා බිඳදැමීමයි.

නමුත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ ඝාතන විසඳනවා වෙනුවට, එම ජාලය කොටස් වලට කැඩී මත්ද්‍රව්‍ය වෙළෙඳාම අත්කරගැනීමට ඔවුනොවුන් අතර ගැටුම් උත්සන්න කිරීමට එය හේතුවුනා.

2007 සිට ආයුධ සන්නද්ධ පුද්ගලයන් එන්න පටන්ගත්තා" ටැන්සිටරෝ නගරාධිපති ආර්ටුරෝ ඔලිවේරා ගුටෙරස් පවසනවා.

" ප්‍රාදේශීය පොලීසියේ පාලනය නතුකර ගන්නා ලෙස ඔවුන් ප්‍රාදේශීය පාලනාධිකාරීන්ට පීඩනයක් එල්ලකළා. ඒවගේම මහජනයා බියවැද්දීම මගින් අවනත කරගන්නට උත්සාහ කළා. ඔවුන් ඉඩම් අත්පත් කරගනිමින් බියවැද්දීම් සහ ඝාතන කරන්නටවුනා, ගොඩක් පුද්ගලයන් අතුරුදහන්වුනා."

සක්‍රීය ඵලදායී පොලීසියක් නැති තත්ත්වයක් තුළ, සිය නගරවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොදු ජනයා සන්නද්ධ වීමට ගැනීම, 2013 දී මිචුහකන් "ස්ව-ආරක්ෂක කණ්ඩායම්" ආරම්භවීම දක්වා වර්ධනය වුනා.

ටැන්සිටරෝවෙදීත් එය ම සිදුවුනා.

නමුත්, මිචුහකන් ප්‍රාන්තයේ වෙනත් තැන්වල ස්ව-ආරක්ෂක කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්වීම හෝ රජයේ හමුදා විසින් අකර්මන්‍ය කරනු ලබද්දී ටැන්සිටරෝ වැසියන් වෙනස් දෙයකට පෙළඹුණා.
අලිගැට පේර පොලීසිය

Image caption අලිගැටපේර පොලීසිය

නගරයේ ප්‍රධාන චතුරශ්‍රයේ එක් පසෙක ටැන්සිටරෝ මහජන ආරක්ෂක අංශයේ මූලස්ථානය (CUSEPT) තිබෙනවා.

දේහාරක්ෂක ඇඳුම් ඇඟ ලූ සන්නද්ධ පුද්ගලයින් 9ක් හෝ 10ක් ඉන් පිටත සිටගෙන.

"ස්ව-ආරක්ෂක කණ්ඩායම් නගරය සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් මුදාගත්තා. පසුව රජයේ සහයෝගය ඇතිව අපි අලිගැට පේර නිෂ්පාදකයන් සමග එක්ව පොලීසියට බඳවාගැනීම් කළා" ටැන්සිටරෝ ආරක්ෂක මූලස්ථානයේ (CUSEPT) ප්‍රධානි හොසේ ඌගෝ සැන්චෙස් විස්තර කළා.

"මූලික අවශ්‍යතාව වුනේ නගර වැසියන්ගෙන් ම මේ හමුදාව නිර්මාණය කිරීමයි"

Image caption ස්ව-ආරක්ෂක කණ්ඩායම්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් නාගරය මුදාගත්තා

පොලිසිය ගොඩනගද්දී එහි වියදමෙන් කොටසක් දැරුවේ අලිගැට පේර නිෂ්පාදකයින්. කොපමණ හෙක්ටයාර ප්‍රමාණයක් සිය වගා බිමට අයත් ද යන පදනම මත ලබන ආදායම අනුව ඉන් ප්‍රතිශතයක් මේ සඳහා ඔවුන් ගෙවුවා.

නගර සභාවේ ද දායකත්වය ලැබූ මේ හමුදාවේ සාමාජිකයින් පුහුණුව ලැබුවේ ෆෙඩරල් හමුදාව යටතේයි.

CUSEPT හි ඉන්න හැමෝම කවරහෝ ආකාරයකින් අලිගැටපේර වගාවට සම්බන්ධයි. එයම මෙහි සාර්ථකත්වයට හේතුව බව නගරාධිපතිවරයා විශ්වාස කරනවා.

මිනිසුන්ට නැතිවෙන්න ගොඩක්දේ තිබෙනවා, ඒ නිසා එය ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි. ඔහු පැහැදිළි කළේය.

ඔවුන්ට මුදල් තිබෙනවා. ඔවුන්ගේ උපකරණ සිත් ඇදගන්නා සුළුයි. ඔවුන් ආයුධ සන්නද්ධයි, දේහාරක්ෂක කබා අඟලනවා. ඒ වගේම වෙඩි නොවදින පිකප් රථ ද ඔවුන් සතුයි.

ඔවුන්ගේ එක් මුර සංචාරයකදි මා අසුන් ගත්තෙ අලිගැටපේර වත්තක් හිමි ලොරෙනා ෆ්ලොරෙස් (Lorena Flores) අසලින්.

අපරාධ කල්ලිවලට කප්පම් ගෙවීමෙන් හෙම්බත්වූ නිසා පොලීසියට බැඳුනු බව ඇය කීවා.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 8 බැගින් ඇය පොලිසිය සමග වැඩ කරනවා. විවේක දිනයන්හි ඇය තම ගොවිපලේ වැඩ කරනවා. ජීවිතයට වැඩි ආරක්ෂාවක් ඇති බව ඇය පවසනවා.
ප්‍රජා සෝදිසිය

Image caption අලිගැටපේර පොලීසිය

එක් අවස්ථාවක, හමුදාමය වෙස්වලාගැනීම් සඳහා යොදන වර්ණ (camouflage) ආලේප කරන ලද මුර පොලක් වූ දෙමහල් නිවසක් සහිත මංසන්ධියක අප නතර වුණා.

ඊට විරුද්ධ පැත්තේ මෝටර් රථ කිහිපයක් අසල කිහිපදෙනෙක් කතාබහක යෙදී සිටියා.

ඔවුන්, පොලීසිය සමග එක්ව මේ නගරයේ ක්‍රියාත්මකවන ස්ව-ආරක්ෂක කණ්ඩායම් 16න් එකක්. සැකකටයුතු යමක් අත්නම් ඔවුන් ඒ ගැන පොලිසියට ඔත්තු සපයනවා.

තමන් ළඟ ආයුධ තිබුනත් ඒවා මට නොපෙන්වන බව එක් අයෙකු මට කීවා.

මේ කණ්ඩායම් විවෘතව ආයුධ රැගෙන නොයන නමුත් පොලීසිය පවසන ආකාරයට අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ඔවුන්ගේ සහය ලැබෙනවා.

අපට එය එතරම් පැහැදිලි නොවුනත්, ටැන්සිටරෝවට එය ඵලදායී වී ඇති බව පෙනෙනවා.
පසුතැවෙනවට වඩා ප්‍රවේශම හොඳයි

Image caption ධනවත් ගොවියෙක්වූ චේමා ෆ්ලොරෙස්

ඊළඟට මට හමුවුනේ 1982 සිට අලිගැටපේර වගාවේ යෙදෙන ධනවතකුවන චේමා ෆ්ලොරෙස්.

අලිගැටපේර ඉල්ලුම මේ තරමින් ඉහළ යතැයි තමා කිසිවිටෙක නොසිතු බව ඔහු පවසනවා.

එය හොඳට මෙන්ම නරකට ද ඔහුගේ ජීවිතය වෙනස්කර තිබෙනවා.

රියදුරු අසුනට යටින් ලොකු තුවක්කුවක්, මං ඇහුව ඒ ඇයි කියල.

"මේ මොහොතෙදි, මෙහි ප්‍රවේශම්සහගතයි, ආරක්ෂාව තියෙනව. මට බොරු කියන්න ඕන නැහැ වෙනත් අසුන්දර ප්‍රදේශත් තිබෙනවා." ඔහු පැවසුවා.

"ඔවුන් මගේ අවුරුදු 16ක පුතා පැහැරගත්තා. කප්පම හැටියට ඩොලර් මිලියනයක් ඉල්ලුවත් මට දෙන්නට තිබුනෙ ඉන් භාගයක් පමණයි. මාවත් දෙසැරයක් ම පැහැරගත්තා."

තමන්ට ගිනිඅවියක් දැරීමට අවසර ඇති බවත්, සැමවිටම තමාගේත්, පුත්‍රයාගේත් ආරක්ෂාව වෙනුවෙන් ශරීරාක්ෂකයන් සිව්දෙනෙක් තබාගැනීමට අවසර ඇති බවත් ඔහු පැවසුවා.

Image caption ශරීරාක්ෂකයන්ට මැදිව

මෙපමණ ආරක්ෂාවක් ගොවියෙකුට අවශ්‍යවීම පමණට වැඩි යැයි සිතුනද, විකල්පය ඉතා නරක ප්‍රතිපල ගෙනදිය හැකිබව ඔබට වැටහෙනවා ඇති.

තවදුරටත් පැහැරගැනීම් හෝ කප්පම් ගැනීම් නොමැති බව නගරෙ ඉන්න හැමදෙනාම මට පවසනවා.

ලොරෙනා, චේමා වගේ නිෂ්පාදකයින්ට දැන් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්.

2017 වසරේ මේ දක්වා කාලය, දශක දෙකක් තුළ මෙක්සිකෝවට ලැබූ අනතුරුදායක ම කාලයයි.

දැඩි ආයුධ සන්නද්ධව තමන්ගේ ම ආරකට ක්‍රියාත්මකවන ටැන්සිටරෝවේ අලිගැටපේර පොලීසිය, මෙක්සිකොවේ අඳුරු යුගය තුළ දැකිය හැකි දීප්තිමත් සලකුණක් වගේ.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3059
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum