- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සුනඛයෙකුට කළ ප්‍රතිකාරයකින් බිම් බෝම්වලට ගොදුරුවූවන්ට "නව බලාපොරොත්තුවක්"
මීට වසරකට පෙර මෝටර් රථ අනතුරකින් පාදය ඉවත් කරන තරමටම බරපතල ලෙස අස්ථි බිඳුණු ඊවා නමැති මෙම සුනඛයාට ඇවිද යාමට පවා නොහැකි විය.
එහෙත් විද්‍යාගාරයක් තුළදී අස්ථිවලට වැඩෙන්නට අවස්ථාව සලසා දුන් විද්‍යාඥයෝ ඇගේ පාදය ආරක්ෂා කරදීමට සමත් වූහ. වර්ධනය වීමට උපකාරීවීම පිණිස ඔවුහු අස්ථි කැබළි ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින් හා රසායනික ද්‍රව්‍යවලින් ආවරණය කළහ.
එහි ප්‍රතිඵලය වූයේ සති හයකින් බිඳුණු අස්ථි මුළුමනින්ම සුව වීමය. මෙය ලොව මෙවැනි ප්‍රතිකාරයක් සිදු වූ ප්‍රථම අවස්ථාවය.
මේ නව ප්‍රතිකාර ක්‍රමය මගින් ලොව පුරා සිටින බිම් බෝම්බ වලට ගොදුරු වූ පුද්ගලයන්ගේ දෛනික ජීවිතයේ ප්‍රබල වෙනසක් කිරීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
ඊවාට කළ ප්‍රතිකාරය අති සාර්ථක බැවින් තෙවසරක් ඇතුළත මිනිසුන්ට ද ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුවය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සුනඛයෙකුට කළ ප්‍රතිකාරයකින් බිම් බෝම්වලට ගොදුරුවූවන්ට "නව බලාපොරොත්තුවක්"
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates