- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්
Image copyright Getty Images
බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී තිබේ.
අගමැතිවරයා එසේ උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සිකුරාදා (ජනවාරි 05) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එහිදී අගමැතිවරයා වෙත දැනුම් දුන් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව ද කොමිසම නිර්දේශ කර තිබෙන බැවින්, මහ බැංකුවේ සියළු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීම පිණිස මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවරුණු බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා (ජනවාරි 03) අනාවරණය කළේය.
ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය
බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම නිර්දේශ කර තිබෙන බව ද හෙළිදරවු කළේය.
මේ අතර සිකුරාදා (ජනවාරි 05) සිට බලපැවැත්වෙන පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලයක් සඳහා තහනම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
භාණ්ඩාගාර නිකුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වමින් තිබෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල මණ්ඩලය විසින් එම තහනම දීර්ඝ කරන ලද බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බව ජනාධිපති කොමිසමේ තවත් නිගමනයකි.
"මුළුමනින් ම ව්‍යවස්ථා විරෝධී පත්කිරීමක්"
"මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා," ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලැබ ඇතත්, පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තැබීම "නොකළ යුතුව තිබුණක්" බව කොමිසමේ නිගමනය වී තිබේ.
එහෙත් මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධ කොමිසමේ නිගමනය ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එජාප ප්‍රතිචාරය
කොමිසමේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොමිසමේ නිර්දේශ සිය පක්ෂය පිළිගන්නා බවය.
බැඳුම්කර නිකුතුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි යන්න කොමිසමේ නිගමනය වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates