- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"නාන්න අවසර විනාඩි දෙකයි"
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ නගර බලධාරීන්ගේ ජල තහංචියට මුහුණ දී සිටිති.
මේදිනවල කේප්ටවුන්හි පවතින උග්‍ර ජල හිඟය නිසා විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇත.
විනාඩි දෙකකට අධික කාලයක් ජල ස්නානය කිරීමෙන් වළකින ලෙස කේප්ටවුන්හි ජනතාවට පනවා ඇති දැඩි තහංචිය ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙයි.
ජනවාරි පස්වෙනිදා කේප්ටවුන් කරා ලඟා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටත් එම නියෝගය දැනුම් දෙනු ලැබ ඇත.
මේදිනවල කේප්ටවුන්හි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27C ක් පමණ වෙයි.
"දැඩි හිරුරැස් මැද විඩාබර සහ දහඩියෙන් තෙත් වූ ඉන්දීය ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටලයට ලඟා වූ අවස්ථාවේ එහි බල පැවැත්වෙන ජල පරිභෝජන කොන්දේසි දැනුම් දෙනු ලැබ ඇතැයි" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කරයි.
Image copyright AFP
Image caption නගරාධිපතිනි පැට්‍රීසියා ඩි ලිලී (Patricia de Lille) සර්ව ආගමික නායකයන් සමඟ වැස්ස පතා යාඥා කරමින්
"ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් ඔවුන්ගේ මව්බිමේ ගම්බිම්වල පවතින ජල ප්‍රශ්න පිළිබඳව අත්දැකීම් ඇති අයයි. ඒ නිසා කේප්ටවුන් බලධාරීන් ඉහත කී ආකාරයේ තහංචියක් පැනවීමේ පසුබිම ඔවුන්ට තේරෙනවා. නමුත් විනාඩි දෙකේ ජල ස්නාන කාලය ප්‍රමාණවත් නැහැ" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.
කේප්ටවුන්හි මේ සතියේ පටන් බල පැවැත්වෙන ඉතා දැඩි ජල පාලන කොන්දේසි අනුව එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් 10,500 ක් පමණි.
එම විධි විධාන අනුව එක් පුද්ගලයකු සඳහා දිනකට ජල ලීටර් 87 ක් පරිභෝජනය කළ හැකි වෙයි.
එම කොන්දේසි කඩ කරන ජනතාවට දඩ නියම කෙරෙනු ඇත.
තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුනොත් එම ජල කෝටාව තවත් සීමා කරනු ලැබීමට ඉඩකඩ ඇති බවට කේප්ටවුන් නගරාධිපතිනි පැට්‍රීසියා ඩි ලිලී (Patricia de Lille) අනතුරු අඟවයි.
නෑමට ප්‍රමාණවත් ජලය නැති වුනත් පවතින කාලගුණය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට තවත් අතකින් හොඳ පරිසරයක් නිර්මාණය කරන බව 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතේ තක්සේරුවයි.0
"පවතින තත්වය තුළ ඉන්දීය ක්‍රීඩකයන්ට රිදී රේඛාවකුත් තියෙනවා.පොළොව යට ජල මට්ටම පහත වැටීම නිසා හැදෙන්නේ තෙතමනය අඩු තණතිල්ලක්. එය ඉන්දීය කණ්ඩායමට පුරුදු වාසිදායක තත්වයක්" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පවසයි.
ඇත්තෙන්ම, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනයේ එම වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ඒ පළමු ඕවර් පහේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනකු ළකුණු දොළහකට දවා ලීමෙනි.
එසේම ඉන්දියාවත් සිය පළමු ඉණිමේ දී ලකුණු 28 කට කඩුලු තුනක්ම අහිමි කර ගත්තේය.