- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්
නව විකුණුම් බද්දක් හඳුන්වා දී දින කිහිපයක් ගත වීම සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ වෙනුවෙන් රජයේ සේවකයන් වෙත මුදල් ගෙවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ගන්නා වූ උත්සාහය හමුවේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞදි අරාබිය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
ඒ අනුව ලබන වසර සඳහා රජයේ සේවකයෙකුට ඇමරිකානු ඩොලර් 190 මාසික ගෙවීමක් ලබා දෙන ලෙස සල්මාන් රජු නියෝග කර තිබේ.
පෙට්‍රල් මිල දෙගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ සෞදි අරාබිය ආහාර සහ විදුලි, ජල බිල්පත් ඇතුළු භාණ්ඩ සහ සේවා රැසක් සඳහා 5% බද්දක් හඳුන්වා දුණි.
බඩු මිල ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලිකව ගෙවල් අරන් වෙනම ඉන්න අයට වියදම වැඩියි
ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්
මෑත කාලය තුළ බොර තෙල් වෙළඳපොලේ පවතින ව්‍යාකූල තත්ත්වය හමුවේ ඛනිජ තෙල් කර්මාන්තය මත යැපීම අවම කර ගැනීම සෞදි ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එරට වැසියන් වෙත 5% බද්දක් හඳුන්වා දී ඇත.
ඛනිජ තෙල් මිල
සිය පුරවැසියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන යන සේවා සඳහා බදු අය නොකරන අතර පළමු නිවස මිලට ගැනීමේ දී තවදුරටත් රජය ඊට අදාළ බදු මුදල් ගෙවනු ඇති බව සෞදි අරාබිය පවසයි.
එමෙන්ම යේමනයේ හුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වැද සිටින සෞදි හමුදා සෙබළුන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000 අධික මුදලක් ලබා දෙන බවත් සෞදි අරාබියේ රාජකීය නියෝගයක් මගින් දන්වා තිබේ.
ඛනිජ සංචිත හැර වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ගල්ෆ් රටවලින් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිටය.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි.
වියදම් අවම කිරීම සඳහා රාජ්‍ය අංශයේ ගෙවීම් කප්පාදු කරන බව සෞදි අරාබිය 2016 වසරේ දී නිවේදනය කළ අතර එවැනි කප්පාදු අත්හිටුවීමට පසුගිය වසරේ දී යළි කටයුතු කළේය.
රැකියාවල නිරත සෞදි ජාතිකයන්ගෙන් තුනෙන් දෙකක් රාජ්‍ය අංශයේ සේවයේ නිරතව සිටිති. 2015 වසරේ වාර්තාවලට අනුව රජයේ වියදම්වලින් 45% වෙන් කර ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ලබා දීම සඳහාය.
බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය යන රටවල් දෙකම මේවන විට පියවර ගෙන තිබේ.
එහි එක් පියවරක් වශයෙන් දුම්කොළ නිෂ්පාදන සහ සිසිල් බීම සඳහා බදු පැනවීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ අධි වේගී මාර්ග ගාස්තු ඉහළ නංවා ඇති අතර සංචාරක කර්මාන්තය වෙත අලුතින් බද්දක් හඳුන්වා දී තිබේ.
ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.
ඒ අතර සිටින ඇතැම් රටවල් වැට් බදු හඳුන්වා දීමේ සැලසුම් වසර 2019 දක්වා කල් තබා ඇත.
සෞදි සහ එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකිකයෝ
විදේශ රැකියා අමාත්‍යංශයේ 2016 වසරේ අප්‍රේල් දක්වා වන නිල සංඛ්‍යා ලේඛනවලට අනුව රැකියා බලපත්‍ර සහිතව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් 190,000 කි.
සෞදි අරාබිය තුළ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් අලුතින් හඳුන්වා දුන් වැට් බද්ද තමන්ට "තදින්ම දැනෙන" බවත් එහි වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයෝ පවසති.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන නුවන් අසේල පිළිමතලව්වේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශරීරය සෞඛ්‍යයට අහිතකර සිසිල් බීම, ශක්ති ජනක පාන සහ දුම්වැටි වැනි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බවය.
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩුබායිහි හෝටල් කර්මාන්තයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් බහුතරයකට ආහාර පාන සහ ඉඳුම්හිටුම් ලැබෙන බැවින් අලුතින් හඳුන්වා දුන් වැට් බද්ද ඔවුන්ට එතරම් තදින් බලපානු ඇතැයි සිතිය නොහැකි බවය.
"බඩු මිල ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලිකව ගෙවල් අරන් වෙනම ඉන්න අයට වියදම වැඩියි" යනුවෙන් නුවන් අසේල පිළිමතලව්වේ පැවසීය.
- NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.
- ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියේ
- කටාර් අර්බුදය: සෞදි මිතුරෝ රැස්වෙති
- සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
- ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.