- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
May, 14, 2018
ප්රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් ඇතුළුව, කොළඹ කොටස් වෙළෙඳපාළ වෙත වූ ශුද්ධ ලැබීම්, 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 18 ක් විය. ඒ අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී මුළු ශුද්ධ ලැබීහ් එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ක් විය.
මේ අතර රාජ්ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි (භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර) විදේශීය ආයෝජන 2018 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 47.3 ක ශුද්ධ ලැබීමක් වාර්තා කිරීමෙන් අනතුරුව 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 55.6 ක ශුද්ධ විදේශීය ආයෝජන ගෙවීමක් වාර්තා කළේය.
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ වෙතින් වූ දෛනික ආයෝජන ඉවත්කර ගැනීමෙහි සැලකිය යුතු කොටසක් ප්රධාන වශයෙන් පෙබරවාරි මාසයේ පළමු සතිය තුළ දී සිදු වූ අතර, මාසයේ අවසාන භාගය වන විට එසේ ඉවත් කර ගත් ප්රමාණය ක්රමයෙන් අඩුවිය.
තවද රජය වෙත ලැබුණු දිගුකාලීන ණය 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 108 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද 2018 පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
- විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
- රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට
- රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී