Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම

Image copyright Getty Images
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ඉදිරියටත් විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අගවිනිසුරුවරයාට නිර්දේශ කළහ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන බව නීතිපතිවරයාගේ නිගමනය වී තිබේ.
අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද?
අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත.
නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම අමාත්‍ය එස්බී දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා අවධානය පළ කර තිබූ බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
"එසේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කටයුතු කරන අධිකරණ ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. මේ නිසා අධිකරණවල විනිසුරුතුමන්ලාට ඇතිවන හැඟීම් අනුව ද දඬුවම් කිරීමට ඉඩක් ඇත," යනුවෙන් ද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක දැක්වේ.
කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් "බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලය" ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරේ. (එහි අන්තර්ගතය පහත දැක්වේ.)
ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දුන් පරිදි,
ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්
අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.
දඬුවම් මොනවා ද?
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.
ඒ අනුව,
මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වෙනි වගන්තිය)
දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 (අ) වගන්තිය)
මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කළ හැකිය. (55 (ආ) වගන්තිය)

Image copyright Ranjan Ramanayake/ Facebook
Image caption නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ
අධිකරණයට අපහාසයක් නොවන්නේ කුමක්ද?
අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා වූ ඉදිරිපත් කරන විවේචන
විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා
අධිකරණයට අපහාසයක් ලෙසින් නොසැලකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙයි.

Image copyright GMOA
Image caption වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
කෙසේ වුවත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ පුරවැසියන් සහ ඇතැම් අවස්ථාවල නීතිවේදීන් පවා අසාධාරණයට ලක්වූ අවස්ථා පිළිබඳ ඉතිහාසයේ උදාහරණ පවතින බවත් නීතිඥ ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.
"ඒ කියන්නේ අධිකරණය සම්පූර්ණ බලය පාවිච්චි කරලා පුද්ගලයන් පීඩනයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථාත් තිබුණා. අධිකරණයේ ගෞරවය හානිවෙන විදියට විනිශ්චයකාරවරු හැසිරෙනවා නම් ඒකත් අධිකරණයට අපහාස කිරීමක්."
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය "බැලූ බැල්මට අධිකරණයට අපහාසයක්"
වෛද්‍ය පාදෙණියට අධිකරණ නියෝගයක්

Image copyright Facebook/ Tony Fernando
Image caption බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි
වෙනත් උදාහරණ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්බී දිසානායකට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණ.
එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී 'උස් හඬින්' කථා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබේ.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායමකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.


Image caption එස් බී දිසානායක
අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී ඒ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි.
කෙසේ වුවත්, කැබිනට් මණ්ඩලය පවා මෙතෙක් එම කෙටුම්පතට අනුමැතිය පළ කර නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

Image caption ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පත
Ethical Trader- Top contributor
- Posts : 4907
Join date : 2014-02-28
Re: ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
» Thread for News on CSE and SL Economy
» MTD WALKERS - KAPI
» SHL.N0000 (Softlogic Holdings PLC)
» Importance of 2019 government budget
» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» Happy Birthday
» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» CONN.N0000
» SERV - The Kingsbury
» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
» KVAL.N0000
» MGT.N0000
» HAYC - Haycarb
» DIPD.N0000 (Dipped Products)
» HAYL.N0000 Hayleys PLC
» අනං මනං! #/+?.<>
» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
» VFIN - where the journey leads it?
» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
» LFIN - LB Finance
» Sri Lanka urged to develop own narrative of China’s BRI
» Wonder why men send photos of their genitals? Here are some theories
» Flying is the Safest mode of Transport
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
» Lanka named top tourist destination for 2016
» A Bit of History
» AMF.N0000
» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
» Obituary Notice.
» Trading Journal
» LDEV - Lankem Developments
» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
» AAIC.N0000
» இனிய பொங்கல்
» HUNA.N0000
» Blessing in Disguise!! It's high time Brothers!!
» Thread for News on Local and Foreign Politics
» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ්‍රී ලංකන්ට දීලා
» JINS.N0000 ( Janashakthi Insurance PLC)
» Thread for News on International Markets
» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
» සැන්ඩි එපා!
» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
» වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ