- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
මෙයට හේතුව වී ඇත්තේ එම දරුවන් කිසිවෙකුට පිහිනීමට නොදන්නා බැවින් ඔවුන් සිරවී සිටින ගුහාවෙන් පිටතට ගෙන ඒමේ කාර්ය අසීරු වී තිබෙන බවයි හමුදා නිළධාරින් සඳහන් කරන්නේ.
" ඔවුන් කිමිදෙන්න ඉගෙන ගන්න වෙනවා නැත්නම් උමං මාර්ගයේ පිරි තිබෙන වතුර මට්ටම අඩු වෙනතුරු බලාසිටීමට සිදුවනවා" යැයි මෙහෙයුම භාරව සිටින හමුදා නිලධාරින් BBC පුවත් සේවයට පවසා තිබෙනවා.
" ජල මට්ටම පහල යන කල් අවම වශයෙන් තවත් මාස 04 ක කාලයක් ඔවුන්ට උමග තුල සිටීමට සිදුවේවි යැයි" හමුදාව පවසනවා.
මේ වන විට උමං මාර්ගය තුල ජල මට්ටම වැඩි වෙමින් පවතින බැවින් සිරවී සිටින ළමුන් සහ පුහුණුකරු වෙත ආහාර ඇතුළු අත්‍යවශය ද්‍රවය ඔවුන් සිටින ස්ථානය කරා රැගෙන යාමට කිමිදුම්කරුවන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත.
මේ අතර ළමුන් සිරවී සිටින උමගට විදුලිය හා දුරකථන සම්බන්ධතාවයන් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් සිටින බව Chiang Rai ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසනවා.
" උමග තුල සිරවී සිටින දරුවන්ට තම දෙමව්පියන් සමග කතා කිරීමට අවස්ථාවක් උදාකර දෙන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා" යැයි ආණ්ඩුකාරවරයා පවසා සිටියා.
අධික වර්ෂාව හේතුවෙන් උමග තුල පිරි තිබෙන ජලය පිටතට පොම්ප කිරීම දිගින් දිගටම සිදුකරත් එය ප්‍රතිපල රහිතවී ඇති බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් බලධාරීන් පවසන්නේ.
මේ අතර උමගේ සිරවී සිටින දරුවන් සමග සිටීමට වෛද්‍යවරුන් දෙදෙනෙක් ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වී සිටිනවා. ඔවුන් නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහයෙන් ඔවුන් දැනට සිටින උමං කුහරය බලා යාමට සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඉදිරි දින වලදී යලිත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් පිහිනිමට නොදත් දරුවන්ව උමගින් පිටතට රැගෙන ඒමේ ගැටලුවක් පවතිනවා. තායිලන්තයට බලාපාන මෝසම් වැසි තත්ත්වය ඉදිරි ඔක්තෝම්බර් මාසය දක්වා පවතිනු ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.
පසුගිය ජුනි 23 වනදා Tham Luang උමං ගුහාව නැරඹීමට ගිය පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු ඊයේ (02) දිනයේදී සොයා ගැනීමට හැකි වුයේ දින 09 කට පසුය. ඒ තායිලන්ත නාවික හමුදාවේ විශේෂ මෙහෙයුම් බලඝණයේ සීල් කිමිදුම්කරුවන් විසින් දින ගණනාවක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.
අතුරුදහන්ව සිටි ළමුන් පළමු වරට නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගත් අවස්ථාවේ දර්ශන
http://nethnews.lk/article/55873
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
මිනිත්තු 12 පෙර
තායිලන්ත සාම්ප්‍රදායක ක්‍රමයට කිමිදුම්කරුවන්ට ආචාර කරන දරුවන්
තායිලන්තයේ ජලයෙන් යට වී පවතින ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දෙළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වෙත දින දහයකට පසු පළමු වරට ආහාර සහ ඖෂධ ලැබී ඇත.
වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකු තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වූහ.
ලෙන තුළ සිරව සිටින කණ්ඩායම නිරුපද්‍රිත බව සඳුදා (ජුලි 02) සොයා ගැනිණි.
ළමුන් සහ පුහුණුකරු ආරක්ෂිතව රැගෙන ඒමට ඇති වඩාත් උචිත ක්‍රමවේදයක් පිළිබඳ සහන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.
ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යන අතර කණ්ඩායම රැඳී සිටින ස්ථානයේ වායු මට්ටමට එය තර්ජනයක් වී ඇත.
මේ තොරතුරුද කියවන්න:
"තායිලන්ත දරුවන්ට මාස ගණනක් ලෙන තුළ විසීමට සිදු වේවි"
ලෙනක සිර වී සිටි දරුවන් සියලු දෙනා 'ජීවතුන් අතර'
පාපන්දු පුහුණු සැසියකට පසු චියෑන්ග් රායි පළාතේ පිහිටි ලෙන් තුළට පිවිස ඇති ළමුන් කණ්ඩායම සොයා ගනු ලැබුවේ දින නවයකට පසුවය.
ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන
ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඔවුන් ලෙන තුළ කොටුවී තිබේ.
අඟහරුවාදා වාර්තාකරුවන් වෙත ප්‍රකාශයක් කරමින් තායි බලධාරීන් කියා සිටියේ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කර ඇති බවය.
දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් කිසිවකුත් බරපතල තත්ත්වයේ පසු නොවන බවත් ඔවුහු පැවසුහ.
"වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිරවීමට පහසු විටමින් සහ ඛනිජ අඩංගු ශක්තිජනක ආහාර ඔවුන්ට ලබා දී තිබෙනවා" යනුවෙන් තායි නාවික හමුදා විශේෂ බලකායේ ප්‍රධානී අද්මිරාල් අපගොර්න් යෝවුකෝගේව් වාර්තාකරුවන් හමුවේ පැවසීය.
ළමුන්ට පිහිනා පිටතට පැමිණීමට නොහැකිද?
කණ්ඩායමේ වැඩි දෙනෙකුට පිහිනීමට නොහැකි බව විශ්වාස කෙරේ. දැනටමත් දුෂ්කර තත්ත්වයක් පවතින බේරා ගැනීමේ මෙහෙයුම එමගින් තවත් තවත් සංකීර්ණ වනු ඇති බවට බිය පළ වේ.
මීට් ඉහතදී තායි හමුදාව කියා සිටියේ ළමුන් කිමිදීමට ඉගෙන ගත යුතුව ඇති බව හෝ ලෙනෙන් පිටතට පැමිණීම සඳහා ජල මට්ටම පහළ යන තෙක් මාස හතරක් පමණ එහි රැඳී සිටීමට වනු ඇති බවය. එතෙක් එම කාලයට අවශ්‍ය ආහාර සැපයිය යුතු බව ද කියවිණි.
නමුත් "ඉදිරිදින කීපය තුළ වැසි වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බැවින්" ළමුන් ඉන් ඉවත් කිරීම වහා කළ යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනුපොන්ග් පාඕජින්ඩා පවසා තිබුනේ යයි බැංකොක් පොස්ට් පුවත්පත් වාර්තා කරයි.
භූගත ජලය ලෙන් තුළින් ඉවතට පොම්ප කර අනතුරුදායක තත්ත්වය අවම කිරීමේ උත්සහයක් දියත්ව ඇති බවත් අමත්‍යවරයා පැවසීය.
සිය පවුලේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ළමුන්ට හැකිවන පරිදි දුරකථන පද්ධතියක් ස්ථාපනය කෙරෙමින් පවතී.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
Thanks for sharing the article.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
Ethical Trader wrote:Sorryn Nihal, while I was trying to give you a + point, courser hit the - point. Just ignore the red.
Thanks for sharing the article.
OK ET
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක කොටුවී සිටි සියලු දෙනා මුදාගත් බව එරට නාවික හමුදාව නිවේදනය කළේය.
ඒ අනුව දින ගණනාවක් පුරා ක්‍රියාත්මක කෙරුණු අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වූ අද දිනයේදී (ජූලි 10) අවසන් පිරිමි ළමුන් සිව් දෙනා සහ පුහුණුකරු ගලවා ගැනිණි.
ඉරිදා සහ සඳුදා බේරා ගැනුණු පිරිමි දරුවන් අට දෙනා රෝහල්ගත කොට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙන්කොට තබා තිබේ.
ඒ සියලු දෙනාම ගලවා ගනු ලැබුවේ අත්දැකීම් සහිත විශේෂඥ කිමිදුම්කරුවන් විසින් ලෙන ඔස්සේ ඇදගෙන යාමෙනි.
ඔවුන් සමග සිටි බේරා ගැනීමේ වෛද්‍යවරයෙකු සහ නාවික හමුදා භටයන් තිදෙනෙකු තවමත් පිටතට පැමිණ නැත.
වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.
කොටු වූ පිරිස බේරාගැනීමේ මෙහෙයුම එදිනම දියත් කෙරුණු අතර ඉන් දින නමයකට පසු ජුලි 02 වෙනි දින ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු
Would have been a one hec of a tragedy.
Hats off to brave people who risk their life in the name of humanity.