- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඩොලරයේ වැඩිම විකුණුම් මිල අද වාර්තා වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැණුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 158.1280 ක් හා විකුණුම් මිල රු. 161.3252 ක් ලෙසින් වාර්තා වී තිබේ.
මීට පෙර ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය වාර්තා වී තිබුණේ මෙම වසරේ දීම ජූනි 21 දින ය. එහිදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 158.1181 ක් හා විකුණුම් මිල රු. 161.3183 ක් ලෙසින් සටහන් වී තිබිණි.
විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් මෙම ගණනය කිරීම් සිදුකරනු ලබයි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාත දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් එම විනිමය අනුපාත වෙනස්විය හැකි බවයි.
පසුගිය මාස 03 ක කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ රුපියල් වටිනාකම් පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28