- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රුපියල 161.54ට යයි
ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.54 ක් වූ අතර ගැනුම් අගය 158.34ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය ජූනි මස (18) වැනිදා ශ්‍රී ලංකා රුපියල 161 ඉක්ම වීය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වී තිබේ.
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස ආරම්භයේදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක ඉතා වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන ඉන්දීය රුපියල අඟහරුවාදා (14) වාර්තාගත අයුරින් 70.1ක් දක්වා පහළ වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර අවස්ථාවකදී වාර්තා කර තිබිණි.
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු මීට පෙර පවසා තිබිණි.