- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්
මෙහිදී පූර්ව සතියට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයෙහි ඒකක 90.45 ක පහළ යාමක් වාර්තා වී ඇති අතර S&P SL 20 දර්ශකය මෙම සතිය තුළ දී ඒකක 78.22 කින් පහළ ගොස් ඇත.
මෙම සතිය තුළ දී රු. බිලියන 2.21 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මීට පූර්ව සතිය තුළ දී එම වටිනාකම රු. බිලියන 4.27 ක් විය. මේ අනුව පූර්ව සතියට සාපේක්ෂව අද (17) දිනෙන් අවසන් වූ ගනුදෙනු සතිය තුළ දී සමස්ත ගනුදෙනු පිරිවැටුමෙහි 48% ක පහළ යාමක් වාර්තා කර තිබේ.
මෙම සතිය තුළ දී රු. බිලියන 1.46 ක විදේශීය විකුණුම් වාර්තා වන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 780.95 කි. මේ අනුව රු. මිලියන 679.65 ක ශුද්ධ විදේශීය ගලායාමක් මෙම සතිය තුළ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් වාර්තා වී තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකය 5% කින් සහ S&P SL 20 දර්ශකය 11.81% කින් පහළ ගොස් ඇත.
මෙම තොරතුරුවලට අනුව සමස්ත කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය 9.54 ක් දක්වා තනි ඉලක්කමක මට්ටමට පැමිණ ඇති අතර කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ නව ආයෝජන සඳහා මෙය ආකර්ෂණීය වෙළෙඳපොළ මට්ටමක් බවයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්
They do not even know how to steal like the previous guys.
First, they gave the most important portfolio to a Wharf Clark and now to a Hair Dresser.
So what do you expect from such a bunch?
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28