- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය.
මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය.
ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
- පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
- කොටස් වෙළෙඳපොළට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ මුදල් බිලියන 15 ඉක්මවයි
- කොටස් පිරිවැටුම බිලියන 5 ඉක්මවයි
- ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට