--- සමෝසා වෙළෙන්දා -------
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
--- සමෝසා වෙළෙන්දා -------
දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
“ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.
සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
“සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: --- සමෝසා වෙළෙන්දා -------
(Our education system is created to suppress the entrepreneur in most of us, by paying too much attention to learning pure subjects).
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: --- සමෝසා වෙළෙන්දා -------
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
(Our education system is created to suppress the entrepreneur in most of us, by paying too much attention to learning pure subjects).
Buddy,
Our education system is geared to provide resourced needed for entrepreneurs; such as technicians, accountants, clerks, analysts, cleaners......
Of course not entrepreneurs.
Like that Robert guys says; if Money is that important, why don't they teach how to earn money in schools?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: --- සමෝසා වෙළෙන්දා -------
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: --- සමෝසා වෙළෙන්දා -------
- PANTOMATH
- Posts : 231
Join date : 2018-10-15
Re: --- සමෝසා වෙළෙන්දා -------
yellow knife wrote:As Robert Kiyosaki says Modern Education is just to train you to work in a company owned by someone else.
Unless you mind your own business,Modern education will trap you in middle class debt cycle.
You will work for,
1.A company
2.)Government
3.)A bank
Not for you, till you die.
That's why Financial literacy is much more important than formal school education.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: --- සමෝසා වෙළෙන්දා -------
Entrepreneurship and Islam religion go hand in hand. Islam religion teaches how to do fair business
But in Buddhism and Christianity Business is not mentioned at all. That may be a key reason for not producing good business people from Buddhist and Christian communities.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: --- සමෝසා වෙළෙන්දා -------
malanp wrote:
Entrepreneurship and Islam religion go hand in hand. Islam religion teaches how to do fair business
But in Buddhism and Christianity Business is not mentioned at all. That may be a key reason for not producing good business people from Buddhist and Christian communities.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17