The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyToday at 4:34 pm by Rana

» how to access internet ?
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyToday at 3:14 pm by CK

» SERV - The Kingsbury
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyToday at 9:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyToday at 9:10 am by ruwan326

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyYesterday at 7:05 pm by poor boy

» Lessons from movies
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Thread for News on Local and Foreign Politics
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 22, 2019 4:25 am by Ethical Trader

» Happy Birthday
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Thread for News on CSE and SL Economy
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Apr 21, 2019 7:30 pm by ruwan326

» Little Known Facts !
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» අනං මනං! #/+?.<>
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....

Go down

රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්..... Empty රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....

Post by AjithR on Tue Mar 19, 2019 9:34 am

රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....

2018 වසරේදී ශ්‍රී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් විසි අටදහසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම කාර්යාංශය පවසයි.

එම දත්තවලට අනුව සෑම දිනකම අලුතින් පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව දිනකට අසූවක් පමණ වේ. ධනවත් පිළිකා රෝගීන් බොහෝවිට මෙරට ප්‍රතිකාර නොලබන බැවින් සැබෑ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ සංඛ්‍යාවක් බවද පැවසේ.

කෙසේ වෙතත් අපේ රටේ පිළිකාවන්ට රෝගීන් ගොදුරුවීම පාලනය කරන්නට හෝ පිළිකා වැළඳුනු රෝගීන් සුවපත් කරන්නට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම මේ වන විට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල ඇති පහසුකම් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා බොහෝ අසරණ පිළිකා රෝගීන්ට නිසි සේවාවක් රජයේ රෝහල්වල නොලැබෙන බවට බොහෝවිට රෝගීහු මැසිවිලි නගති. ඇතැම් වෛද්‍යවරුන් සුවපත් කිරීම වෙනුවට මේ වන විට පිළිකා රෝගීන් විකුණාගෙන කන තත්ත්වයට පත්ව සිටිති. ඒ අතරේ රෝගීන් වෙනුවෙන්ම කැපවූ දෙවිවරුන් වැනි වෛද්‍යවරුන්ද සිටිති.

පුද්ගලික අංශයට රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හා රෝගීන්ට මිල අධික ඖෂධ නියම කිරීම මගින් ඇතැම් වෛද්‍යවරු ප්‍රකෝටිපතීන් වී සිටිති. මේ පිරිස රජයේ රෝහල්වල පිළිකා ප්‍රතිකාර සේවා දියුණු වනවාට විරුද්ධය. හේතුව රටේ රජයේ රෝහල්වල එම සේවා දියුණු වුවහොත් කිසිවෙක් ප්‍රතිකාර සඳහා පුද්ගලික අංශයට නොයන නිසාය.

පිළිකා ඖෂධ මිල ඉතාම අධිකය. ඒ සඳහා වන එක්තරා එන්නතක මිල මීට ටික කලකට පෙර රුපියල් දෙලක්ෂ අසූදහසක් විය. එක එන්නතක් රෝගියකුට නියම කළ විට එය නියම කරන වෛද්‍යවරයාට එයින් රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ගෙවූ බවට චෝදනා පවතී. කෙසේ වෙතත් මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම නිසා ගුණාත්මක අඩු මිල ඖෂධ පැමිණීමත් සමග එම සමාගම විසින්ම එහි මිල රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් දක්වා අඩු කර තිබේ. මේ වන විට ඒ සඳහා ඇමරිකානු ඖෂධ අධිකාරිය පවා පිළිගත් එන්නත් රුපියල් හතළිස් හත්දහසටද මිලදී ගැනීමට හැකි වී තිබේ. මේ අනුව ඇතැම් වෛද්‍යවරුන් හා ඖෂධ සමාගම් වසර ගණනාවක් කොතරම් ධනයක් ගසා කා ඇත්දැයි ගණනය කිරීම පවා අසීරුය. මේ සමාගම් මගින් පසුගිය කාලයේ වරක් පිළිකා විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙක් එක් වාරයකදීම යුරෝපයේ සංචාරයකට රැගෙන ගොස් තිබේ.

ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලේදී අඩුම තරමින් රෝගීන්ගේ මුහුණවත් බලන්නේ නැත. අඩුම තරමින් තමන්ගේ රෝගී තත්ත්වයවත් විමසන්නට රෝගියාට අවසර නැත. එහෙත් එම රෝගියාම එම වෛද්‍යවරයාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයට ගිය විට ඒ සියලු පහසුකම් ලැබේ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇඳක් ලබාගන්නට නම් අනිවාර්යයෙන්ම එම වෛද්‍යවරයාගේ චැනල් එකට යා යුතුමය. ඇතැම් රෝහල්වල දැඩිසත්කාර ඒකකයක ඇඳක් වෙන්වන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ රෝගීන්ට පමණි.

රජයේ රෝහල්වල බොහොමයක් පිළිකා විශේෂඥ වෛද්‍යවරු රාජකාරී කාලයෙන් පසුව පුද්ගලික රෝහල්වල ද සේවය කරති. ඇතැම් විට රාජකාරී කාලය තුළ ද එලෙස සේවය කරන බවට චෝදනා තිබේ. මේ නිසා මේ වෛද්‍යවරු වැඩිපුරම තමන් සේවය කරන පුද්ගලික රෝහල් ප්‍රවර්ධනයේ යෙදෙමින් ඒ හරහා විශාල ලෙස මුදල් උපයන බවට චෝදනා එල්ලවී තිබේ. මේ වන විට රජයේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර සිදු කරනු ලබයි. එහෙත් ඒ සඳහා විශාල ලෙස පොරොත්තු ලේඛන තිබේ. මෙම ප්‍රතිකාර සේවා දවසේ පැය විසිහතර පුරාම සිදු කරන්නේ නම් මේ පොරොත්තු ලේඛන අවසන් කළ හැක. ඒ සඳහා භාවිත කරන නවීන යන්ත්‍ර සූත්‍ර බොහෝවිට වසර පහක් වගකීම් සහිතය. පුද්ගලික රෝහල්වල යන්ත්‍ර සුත්‍ර පැය 24 පුරාම ක්‍රියාත්මක වුවද රජයේ රෝහල්වල මේවා වැඩ කරන්නේ බොහෝවිට පැය අටකි. රජයේ රෝහල්වල ද සේවා මුර ක්‍රමයට පැය අටේ සේවා මුර තුනක් හඳුන්වා දී රටේ අසරණ රෝගීන් වෙනුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු.

රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කළේ එක්දහස් නවසිය හැටගණන්වලදී බණ්ඩාරනායක මැතිනිය විසිනි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ වෘත්තීය සමිති අරගලයක් මගින් එය යළි දිනා ගත්තේ එදා වෘත්තීය සමිති නායකයන් වූ වෛද්‍ය සුනිල් රත්නප්‍රිය හා වර්තමාන සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසිනි. එදා වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 708 ක් වූ අතර අතිකාල දීමනා නොවීය. එම නිසා එදා පුද්ගලික වෛද්‍ය සේවය සඳහා හිමිකම ලබාදීම සාධාරණය. එහෙත් අද එසේ නොවේ. අලුතින්ම වෛද්‍ය සේවයට එක්වන වෛද්‍යවරයකුට වුවද දීමනා සහිතව වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩිය. වැඩි සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය වෛද්‍යවරයකුට සියලු දීමනා සහිතව රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට වැඩි වැටුපක්ද විශේෂඥ වෛද්‍යවරයකුට ලක්ෂ තුනහමාරක් පමණ ද හිමිවේ. මීට අමතරට තීරුබදු රහිත වාහන බලපත්‍ර, නිල නිවාස, ශිෂ්‍යත්ව, දරුවන්ට ජනප්‍රිය පාසල් ආදී වරප්‍රසාද රැසකි. එම නිසා අද වෛද්‍ය සේවයේ ඇතැම් පිරිස් විසින් රෝගීන් විකුණා ගෙන කෑම සහ ඒ හරහා උත්තරීතර වෛද්‍ය සේවාවට සිදුවන හානිය නැවැත්වීමට කළයුතු හොඳම පිළියම වන්නේ රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් සඳහා පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කිරීමය. එසේ තහනම් කර රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප තවත් අවශ්‍ය තරම් වැඩි කළ ද ජනතාව ඊට විරුද්ධ නොවනු ඇත. එසේම අප අද සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් ඇසිය යුත්තේ ඔවුන් එදා දිනා දුන් පුද්ගලික වෛද්‍ය සේවා හිමිකම අද ඇතැම් වෛද්‍යවරුන් අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති ලෙස කුමක් කරන්නේ ද යන්නය. අඩුම තරමින් එදා ඔවුන් එම හිමිකම ලබාගන්නා විට ලබා දුන් පොරොන්දු හා ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීම වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස බලාත්මක කරන ලෙස අප ඔහුට බලකර සිටින්නෙමු.
http://divaina.com/daily/index.php/kathuwakiya/25525-2019-03-18-15-23-50
AjithR
AjithR

Posts : 264
Join date : 2014-09-15

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum