- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ශ්‍රී ලංකාවෙන් තවත් ක්‍රිකට් වාර්තාවක්
Image copyright Getty Images
ආසියාව තුළ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී, 4වෙනි ඉනිම සඳහා වැඩිම ඉලක්කයක් හඹා ගොස් ජයගත් කණ්ඩායමක ලෙස මෙතෙක් තිබූ ලෝක වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මීට සුළු වෙලාවකට පෙර බිඳ හෙළනු ලැබීය.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 18) නිමාවට පත්කළේ අවසන් ඉනිම සඳහා කඩුලු 6 ට ලකුණු 391ක් ලබාගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 388ක් විය.
එය මෙතෙක් ටෙස්ට් තරගයක 4 වෙනි ඉනිමේදී කණ්ඩායමක් හමුවේ තිබූ ඉහළම ජයග්‍රාහී ඉලක්කය ද විණි.
මීට පෙර ඉන්දීය කණ්ඩායම මෙම වාර්තාවට හිමිකම් කීවේ, එංගලන්තයට එරෙහිව චෙන්නායි හි පැවති තරගයක් ජයගනිමිනි. එවර ඉන්දීය කණ්ඩායම හමුවේ 4 වෙනි ඉනිම සඳහා වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 387ක් විය.
කෙසේවෙතත්, වසර 25 ට පසු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට තිබූ අවස්ථාව සිම්බාබ්වේ වෙතින් අද ගිලිහී ගියේය.
මෙම ජයග්‍රහණය ටෙස්ට් තරග ඉතිහාසයේ හඹාගොස් ලද 5 වෙනි ඉහළම ජයග්‍රහණය වේ.
ආසියාවේ ඉහළම ජයග්‍රහණය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලද එවැනි ඉහළම ජයග්‍රහණය ද වේ.