- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
එළඹෙන සඳුදා (24) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තීරණාත්මක සාක්ෂිකරුවකු කැඳවීමට නියමිත බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පැවසීය. ඊයේ (20) දිනයේ දී කොමිසම ලබන සඳුදා දින දක්වා කල් තබන බව දැනුම් දෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
මේ අතර ඊයේ කොමිසමේ කටයුතු අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිඥවරයෙකු කියා සිටියේ කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට කැඳවනු ඇති බවයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
nihal123 wrote:රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
RK knows very well to give them back what they have given. Don't you think that it needed several millions from Perpetual to topple the then government and the present government has the moral obligation to pay it back to them with small profit (few billions) for the risk