The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on Local and Foreign Politics
Today at 2:09 pm by The Invisible

» බඩගිනී
Today at 9:20 am by Ethical Trader

» Thread for News on International Markets
Yesterday at 11:21 am by The Invisible

» Thread for News on CSE and SL Economy
Yesterday at 11:19 am by The Invisible

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BFN - Orient Finance
Fri Dec 07, 2018 6:05 pm by nihal123

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» CFVF - First Capital
Wed Dec 05, 2018 1:39 pm by The Invisible

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Dividend Announcement
Mon Dec 03, 2018 11:50 am by lanka

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Go down

ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by කිත්සිරි ද සිල්වා on Sat Aug 05, 2017 2:01 pm

"සියඹලා" ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි.

උද්භිත විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Tamarindndus Indica (ටැමරින්ඩස්‌ ඉන්ඩිකා) යන නාමයෙනි. උද්භිත කුලය වන්නේ නිම්බි කුලයයි. ඉංගී්‍රසි භාෂාවෙන් Tamarind (ටැමරින්) යනුවෙන් ද ද්‍රවිඩ භාෂාවෙන් ජුලියම් යනුවෙන් ද හඳුන්වනු ලබන සියඹලා ඖෂධීය ගුණයෙන් අනුනයි.

අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස්‌ විශේෂයකි. අධික ශීත දේශගුණයෙන් යුතු බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සිංහරාජයේත් මෙම (ශාකය) ගස්‌ දක්‌නට ලැබීම අසීරු කරුණකි. සෑම වසරකම අගෝස්‌තු සහ සැප්තැම්බර් යන මාස දෙක කාලයේදී අස්‌වැන්න නෙලා ගත හැකි වේ. සියඹලා වෘක්‌ෂය බහුලව දක්‌නට ලැබෙන්නේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේය. තංගල්ල - රන්න - නෙටොල්පිටිය - හුංගම - බෙලිඅත්ත - වීරකැටිය - මිද්දෙණිය - දෙබොක්‌කාව - කලාව - විතාරන්දෙණිය යන ප්‍රදේශවලය. එම ප්‍රදේශ හැරුණ විට දක්‌නට ලැබෙන්නේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ යේය.

අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ. මේවා එකතු කර කරල්වල පොතු ගලවා ගෙන සුරක්‌ෂිතව වෙළෙඳපොළ දක්‌වා ප්‍රවේශ වේ.

සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්‌ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට - මිරිස්‌ හොද්දට, අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌ වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකිය.

සියඹලා පලතුරක්‌ ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්‌ථාවේදීය. මිහිරි රසයෙන් අනුන වේ. මුල් අවස්‌ථාවේ නොඉදුණු කරල් ඇඹුල් රසයෙන් යුක්‌තය. සියඹලා පලතුරක්‌ ලෙසින් අනුභව කිරීමට ළමුන් රුචියක්‌ දක්‌වනු ලැබේ.

භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම - බඩේ වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි. කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ඇත. සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයකි. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්‌ථාවට ඉතා යෝග්‍යය. ලංකාවේ දුරාතීතයේ වැසියන් සෑම කිරි එළවලුවකටම සියඹලා මදයක්‌ දෙකක්‌ යොදා ගත් බව සඳහන් කළහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත.

ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක්‌ ලබාදෙයි.

එමෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට සියඹලා කරල් මද සහ එහි පොත්ත සියඹලා ඇට, මදය, සියඹලා කොළ, සියඹලා ගහේ පොත්ත අත්‍යවශ්‍ය වේ. රෝගීන්ට ප්‍රතිකාර යෙදීමේදීද දක්‌ෂ කෘතහස්‌ත ප්‍රවීණ වෛද්‍යවරයා අවස්‌ථානුකූලව වෛද්‍ය ඥනය මෙහෙයවා ඖෂධ සංයෝජනය යොදවා රෝගී වූ තැනත්තා නිරෝගී භාවයට පාත්‍ර කරන්නේය.

තදට පායන නියං සමයේ සියඹලා ගසක්‌ යටට ගොස්‌ නියං උවදුරින් දාහපීඩවට බඳුන් වූයේ නම් එම දැවිල්ල සංසිඳවා හිසට සිසිලක්‌ කයට සිසිලත් ලබාගත හැකිය. අයාලේ ලන (යන) කිරි ගවයන්ද රංචු පිටින් සියඹලා ගස්‌ යට ලැඟුම් ගෙන සිටිනු දැකීමට ලැබෙන අවස්‌ථා සුලබය.

අතීතයේ සිට ම අපේ අත්තම්මලා අතින් පිළියෙල වූ තැම්බුම් හොද්ද සාදා ගැනීමේ දී සියඹලාවලට විශේෂ තැනක්‌ හිමිවිය. මෙය කායම් හොද්ද යනුවෙන් ද ගැමි වහරේ ප්‍රසිද්ධ ය. දරු ප්‍රසූතියෙන් පසු මව්වරුනට මෙය ලබාදීම අදටත් සිදුවේ. දරුවෙකු ප්‍රසූත කළ මවකට තැම්බුම් හොද්දක්‌ පානය කිරීමට දීම සුදුසු බව ද එයට හේතුව ද ආයුර්වේදයේ මෙසේ සඳහන් වේ. සිරුරේ උණුසුම ආරක්‌ෂා කර ගැනීමටත් කෑම අරුචිය දුරු වී කුසගිනි වඩවා හොඳින් ආහාර ගැනීමට හැකිවීමටත් සිරුරේ ප්‍රතිශක්‌තිය ඇති කිරීමටත් මේවායේ ඖෂධීය ගුණයක්‌ ඇත. එම නිසා දරුවන් බිහි කළ මව්වරුනට මෙන් ම මල්වර වූ දැරියන්ටද තැම්බුම් හොද්ද දෙනු ලැබේ. විශේෂයෙන් ම සියඹලා යොදාගෙන පිළියෙල කරන්නා වූ තැම්බුම් හොද්ද ආහාර දිරවීම පහසු කරවන අතර මළබද්ධය වැනි අන්ත්‍ර ගත රෝගවල දී ගුණ ලබා දේ. සියඹලා මුල්කරගෙන පිළියෙල කරන තැම්බුම් හොද්දට එකතු කර ගන්නා වෙනත් කුළුබඩු වර්ග ද ඖෂධීය ගුණයෙන් සපිරි ඒවාය. එනම් සුදුළූනු කරපිංචා, රතුළූනු, කුරුඳු පොතු, උළුහාල්, ගම්මිරිස්‌ යනාදිය යි.

සියඹලා බොර විරේක ගුණයෙන් යුක්‌ත නිසා මළ බද්ධය දුරු කරයි. එසේ ම ඇතැම් අයට කිසියම් රෝගයකින් පීඩා විඳ ප්‍රතිකාර ලබා සුව වූවාට පසුව කෑම අරුචිය ඇතිවිය හැක. එවැනි අවස්‌ථාවල දී සියඹලා දලු හා මල් වෑංජනයක්‌ ලෙස සාදා දීම ඉතා ගුණදායක ය. කෑම රුචිය යලි ඇති කරවයි.

හෘදයට ඉතා ගුණදායක සියඹලා සිරුරේ අධික දාහය දුරුකිරීමටත් ඉවහල් වේ. ප්‍රජනන ඉන්ද්‍රීය ආශි‍්‍රත රෝග, ඇස්වලින් අධිකව කඳුළු හා කබ ගැලීම හා මුත්‍රා පිටකිරීමේ අපහසුතා දුරුකිරීමට ද සියඹලා ඉවහල් වන බව පෙන්වා දිය හැකිය.

බඩවැල් ආශි‍්‍රතව වේදනා හා සාමාන්‍ය රෝග තත්ත්වයන් දුරුකිරීමටත් සියඹලාවලට හැකියාවක් ඇත. වාත රෝගවලදී වාතය අඩුකිරීමේ හැකියාවක් ඇත. සෙම හා පිත මර්දනය කිරීමටත්, සියඹලා හේතු වේ. ආම්ලික ගතිය වැඩි සියඹලාවල කටට කෙල ඉනීමේ ස්වභාවයක් මිනිස් සිරුරේ ග්‍රන්ථිවල ඇත. එය රුචිය වැඩිකිරීමේ බලයට හේතු වේ.

මෙසේ ආහාරමය වශයෙන් සිරුරට ගුණදායක වන සියඹලා බෙහෙත් ඖෂධයක්‌ හැටියට වෙනත් අවස්‌ථාවන්හිදී ද ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. එනම් පත්තෑ විෂ මෙන් ම කුහුඹු ආදී සතුන් දෂ්ඨ කළ අවස්‌ථාවල දී සියඹලා කොළ සහ සියඹලා ඇට ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් සහනය ලබාගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.

ඒ වගේ ම තැල්ම හා දැවිලි සහිත ඉදිමුම් අවස්‌ථාවල දී ද සියඹලා කොළ මිටක්‌ මුරුංගා කොළ ටිකක්‌ හා අමු කහ කැබැල්ලක්‌ දමා කොටා පොට්‌ටනි සාදා වණ්‌ඩුවේ තබා තැවීම හොඳ ප්‍රතිකාරයකි. විශේෂයෙන් ම තැල්මක දී හෝ ඉදිමුමක දී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය අනුව දෙනු ලබන පත්තු ගැල්වීම සඳහා සියඹලා කොළ යුෂ බොහෝ විට අවශ්‍ය වේ.

ඉදුනු සියඹලා කෑමට බාල තරුණ අය දැඩි රුචිකත්වයක්‌ දක්‌වති. ඉන්දියානු ජාතිකයන් තම ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එකතු කර ගන්නා කුළු බඩුවකි. ආහාර කල්තබා ගැනීමට ද අතීතයේ පටන් ම සියඹලා කරල් යොදාගෙන ඇත. සියඹලා කල් තබා ගත හැකි ක්‍රමයක්‌ ද ඇත. මෙය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. ඒ සඳහා කළ යුත්තේ ඉදුනු සියඹලාවල පොතු කෙඳි ඇට ඉවත් කර මද වියලා ලුණු දමා මැටි බඳුනක අසුරා තබා ගැනීමයි. මෙසේ කිරීමෙන් සියඹලා දිගු කාලයක්‌ ප්‍රයෝජනයට ගත හැකියි.

සියඹලා එකතු කර ගැනීමෙන් වෑංජනවල රසය වැඩි කරයි. කරවිල වෑංජනය සාදා ගැනීමේ දී සියඹලා ඇඹුල් එක්‌ කිරීමෙන් එහි තිත්ත රසය මග හරවා ගෙන කරවිල රසවත් වෑංජනයක්‌ ලෙස පිළියෙල කර ගත හැක.

සියඹලා කුළුබඩුවක්‌ ලෙස ද ඖෂධයක්‌ ලෙස ද අප ශරීර සුවය සඳහා ලබාදෙන දායකත්වය සුළුකොට තැකිය නොහැකිය. එබැවින් තම ගෙවත්තේ සියඹලා පැළයක්‌ වවා ගැනීම ඉතා ප්‍රයෝජනවත් ය.

අපට සොබාදහම විසින් ලබා දී ඇති තුරුලිය සම්පත අතර තිබෙන අගනා ශාකයකි සියඹලා. මෙම මහඟු ඖෂධීය ශාකය අප විසින් නොපමාව රැක ගත යුතුය.ලංකාවේ මහා වෘක්‌ෂ අතරින් සියඹලා ගසද මහා වෘක්‌ෂ ගණයට ගැනේ.

-ආයුර්වේද වෛද්‍ය ඒ .වනිගපුර
-ආයුර්වේද වෛද්‍ය සනත් වික්‍රමසිංහ
-උපුටා ගැනීම කලේ
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by jiggysaurus on Sat Aug 05, 2017 7:41 pm

Shaaa marune.

Instead of Let them eat cake.....the bandit queens of Sri Lanka can go.....Let them eat Siyambala.

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by Rana on Sat Aug 05, 2017 8:34 pm

වැදගත් ගමනක් යන්න කලින් සියඹලා කාලා වතුර ටිකක් බීලම ගියානම් වැඩේ හරි.

Rana
Top contributor
Top contributor

Posts : 1451
Join date : 2015-12-16

Back to top Go down

Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by CK on Sun Aug 06, 2017 2:14 pm

Very useful article.
avatar
CK
Active Member
Active Member

Posts : 1265
Join date : 2015-11-01

Back to top Go down

Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by The Invisible on Tue Aug 08, 2017 11:41 am

Thanks kith. Plus point from me flower
avatar
The Invisible

Posts : 809
Join date : 2016-11-28
Age : 39

Back to top Go down

Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

Post by Backstage on Tue Aug 08, 2017 10:30 pm

Rana wrote:වැදගත්  ගමනක්  යන්න  කලින්  සියඹලා කාලා  වතුර ටිකක්  බීලම  ගියානම් වැඩේ  හරි.

Ehenam toilet eketa thamai yanna vennay ! Razz
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3312
Join date : 2014-02-24

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum