- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ශ්‍රී ලංකාව යළිත් පරාදයි
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බදාදා (සැප් 06) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති විස්සයි විස්ස තරගය ද ජයග්‍රහණය කිරීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 07 දැවී ලකුණු 170 රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 19 පන්දු 02 අවසානයේ කඩුලු 03 දැවී ලකුණු 174 ලබා ගනිමින් ජයග්‍රහණය කරා ළඟා විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර පන්දු 29 දී ලකුණු 53 රැස් කළ අතර අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 40 රැස් කළේය.
ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ලකුණු 82 රැස් කළේය.
'ක්‍රිකට් අර්බුදය'
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 3-0 වශයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගාවලිය ද 5-0 වශයෙන් පරාජයට පත් විය.
මීට මාස කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලියක් පරාජයට පත් වූ අතර ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් දක්ෂතා සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගේ අප්‍රසාදය පළ වන අතර හිටපු නායක සනත් ජයසූරිය ප්රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ද ඉන් අනතුරව ඉල්ලා අස් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව පසුගියදා කියා සිටියේය.