- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දුක බෙදාගත් හැටි
මම ලියනා මේ කතාවල සඳහන් ඇතැම් වචන ඒ ඒ කතාවේ එන අදාල පුද්ගල චරිතය විසින් භාවිතා කල වචන මිස මගේ පෞද්ගලික වාග්මාලාවේ ඇති වචන නොවන බවත්, කතාවේ රසයට බිඳකිනුදු හානි නොවීම සඳහා අදාල දෙබස් ඒ මුල් වචන වලින්ම ඉදිරිපත් කර ඇති බවත් කාරුණිකව සැලකුව මනාය.
එබැවින් මෙහි එක් තැනක ඇති එකම එක වචනයක් ගැන මට සමාවන්නැයි ඔබගෙන් බැගෑපත්ව ඉල්ලමි.
සෑහෙන කලක් පෙමින් බැඳී සිට පසුව විවාහපත් පෙම්බර අඹුසැමි යුවලක් වූහ. පෙමින් වෙලී සිටි කාලයේ මෙන්ම විවාහ වූ පසුවද අන්‍යෝන්‍ය වශයෙන් සෑහෙන්න ආදරයෙන් මෙන්ම පැමිණි සියළු දුක් ගැහැට සමව බෙදා හදා ගනිමින්ද මේ දෙදෙන ජීවත් වූහ. දෙදෙනාගෙන් කෙනෙක් අසනීප වුවහොත් අනෙකාද රැකිරක්ෂා ආදියට නොගොස් ආවතේව කරමින් හිඳගෙන දුක සැප බෙදාගැනීම සිරිතක් වීය.
විවාහ වී කලක් ගතවුනද බිරිඳ දරුවකු නොලැබූ නිසා දෙදෙනාම කණස්සල්ලට පත්ව සිටි මුත් දෙදෙනා අතර සමගි සමාදානය නම් අඩු වුනේ නැත. විශේෂයෙන්ම මොනම කාරනයක් නිසාවත් සිය බිරිඳගේ සිත රිදවීමට සැමියා අකමැති වූ අතර කිසි විටකත් සිය බිරිඳ හඬනු දැකීමට ඔහු කැමති නොවීය.
තවත් කෙටි කලකින් මේ සෙනෙහෙබර යුවලගේ අපේක්ෂා ඉටු කරමින් බිරිඳගේ කුසට දරුවකු පිලිසිඳුනේය. ඒබව දැනගත් දෙදෙනා අතිශය ප්‍රීති ප්රමෝදයට පැමුණුනාහ. එතැන්පටන් සැමියා නිරතුරුවම බිරිඳ සමගම හිඳිමින් ගේ දොර කටයුතු බෙදාගෙන කරමින් බිරිඳගේ වැඩ කටයුතු වල බර අඩු කර ගැනීමට සහාය වීය.
කඩේ පිලේ යනවිට බිරිඳගේ පසුපසින් බඩු මළු හිසදරා ගෙන යමින් ද, නාන තොටුපලට යනවිට සියළු කිලිටි රෙදි ඔසවාගෙන ගොස් සෝදා දෙමින් ද, මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් වලදී පොල් ගාමින්, මිරිස් අඹරා දෙමින්, ලිප් දල්වම්න් ද, තවත් වේලා ඉතිරිව ඇතොත් දර පලමින් ද, ලිඳෙන් දිය අදිමින් ද මේ සෙනෙහෙවන්ත සැමියා බිරිඳ සමග දුක බෙදාගත්තේය.
මාස ගණන පිරී බිරිඳ දරුවා ලබන දිනය උදාවූවෙිය. උදෑසනම කොන්දේ රුදාව ගැන බිරිඳ විසින් දැනුම් දුන් බැවින් තිරික්කලයක් ගෙන්නාගෙන නුදුරේ වූ ග්‍රාමීය රෝහල වෙත ප්‍රිය බිරිඳ කැඳවාගෙන යාමට සැමියා පියවර ගත්තේය. මේ ප්‍රීතිදායක අවස්ථාවේ සිදුවූ දේ කීමට පෙර ඒ මාහැඟි කාර්යයට සහය වූ රෝහල් කාර්ය මණ්ඩලයේ සිටියහු ගැනද යමක් නොකියාම බැරිය.
රෝහලේ සිටි එකම වෛද්‍යවරයා ඉතා ප්‍රියශීලී මෙන්ම රෝගීන් ගැනත් හොඳින් හොයාබලා කටයුතු කරන විනෝදකාමී මහතෙකි. හෙදියන් කිහිප දෙනෙකු, වින්නඹු මාතාවන් දෙදෙනෙකු හා කංකානම් මහතුන් දෙදෙනෙකුද ඒ දොස්තර මහතා සමග රෝහලෙහි සේවයට එක්ව සිටියහ. ඉන් එක් වයසක කංකානමක් මදක් සැරපරුෂ මෙන්ම දොස්තර මහතා කියනා දෙයක් අකුරටම පිලිපදිනා රෙකුලාසි කාරයෙක් වීය.
ප්‍රසව වේදනාවෙන් ඇඹරෙමින් සිටි අර කාන්තාව පරීක්ෂා කල දොස්තර මහතා ඇයව එතැන සිටි වයසක හා හොඳම වින්නඹු අම්මාට භාර දී,
"ඔන්න දායම්මට මං මේ දුව බාරදෙනව, වැදුංගෙට අරං ගොහින් දෙයියනේ කියල ඒකිවයි දරුවයි බරෙං නිදහස් කරං එනව හොඳයි...."
ඇගේ සැමියා අසාමාන්‍ය ලෙස කලබල වී ඇති බව දැක ඔහුගේද හිත සැහැල්ලු කරනු වස් වචනයක් දෙකක් ඔහු සමගද කතා කලේය...
"මොකද ඉලන්දාරිය මේ හොඳටම කලබල වෙලා වගෙ. තමුසෙ සතුටෙන් ඉන්නෙපායැ මේ වගෙ වෙලාවක...?.."
"අනේ සර් මෙයා දුක් විඳිනව මට බලං ඉන්න බෑ. මේ දුක මෙයා වෙනුවෙන් මට උහුලන්න ඇහැක් උනානං මම ඒක කරනව.... අම්මාපල්ල..."
"අපූරු ආදරවන්තයෙක් නෙවැ.... ඒත් මේ දුක නං තමුසෙ එක්ක බෙදාගන්න බෑ එයාට...හහ්"
ඒ සමගම වින්නඹු මාතාව ගැබිණියද සමග සූතිකාගාරයට ඇතුල්වී නොපෙනී ගියේය. කාන්තාව සැමියා දෙස අසරණ බැල්මක් හෙලා යන්නට ගිය පසු සැමියා හඬන්නට වීය..
"අනේ දොස්තර මහත්තයෝ මම මෙච්චරකල් කවදාවත් එයා අසනීප වෙච්ච වෙලාවක තනි කොරල නෑ. දරුව හම්බවෙනකොට එයාට ගොඩක් වේදනා වෙයිද..?"
"වේදනා නැතුව ඕයි.... ඔය වේදනාව තමයි මේ මිහිපිට තියෙන ලොකුම වේදනාව. ඒත් ඉතිං තමුසෙ කලබල උනයි කියල ඒකෙ අඩුවක් වෙනඑහෙක?"
එසේ කියනවාත් සමගම යාබද සූතිකාගාරය තුලින් "බුදු අම්මේ..." යනුවෙන් යටිගිරියෙන් කෑගසන හඬ පිටතට ඇසින.
"අනේ බුදු දොස්තර මහත්තයෝ මගෙ ගෑනියි මායි හැම දුකක්ම බෙදාගත්තා..... මේ දුකෙන් බාගයක් මට ගන්න බැරිදෝ....."
යනුවෙන් අර මිනිසා ද විලාප දී අඬන්නට වීය. දොස්තර මහතාටද හිනහය. එමෙන්ම අනුකම්පාවක් ද ඉපැදින. පිරිමියා විලාපදී හඬනු අසා අර සැරපරුෂ කංකානමද එතැනට දිව ආවේය.
"මොකද සර් මේ මෝලා මෙතන බෙරිහන් දෙන්නෙ? මූටත් ලමයෙක් හම්බ වෙන්නද?"
දොස්තර මහතා සිනාසී,
"කංකානං උන්නැහේ.. මෙන්න මෙයා මෙච්චරකල් එයාගෙ නෝන එක්ක හැම දුකක්ම බෙදාගත්තලු දැං අර දුකෙනුත් බාගයක් ගන්න ඇහැක්ද අහනව... ඔන්න අර තමුසෙගෙ කාමරේ පැත්තට එක්කං ගිහිං බලනවකො දුකෙන් බාගයක් දෙන්න විදියක් තියේද කියල. හහ්...හහ්... හහ්..."
එසේ කීවේ අර බිරිඳ ප්‍රසව වේදනාවෙන් නගනා විලාපය නෑසෙන දුරකට මේ අහිංසක අවංක සැමියා රැගෙන යාම පිණිසය. කංකානම ඒ හාදයා අතින් ඇදගෙන තුවාල වලට බෙහෙත් දමන කාමරය දෙසට ගියේ බැන බැනය.
මද වේලාවක් ගතවී සූතිකාගාරය දෙසින් බිළිඳෙකුගේ සුරතල් හැඬමක් ඇසෙන්නට වූ අතර කංකානමගේ බෙහෙත් දමන කාමරය දෙසින්ද වැඩිහිටි පිරිමියෙකු බෙරිහන් දෙන හඬක්ද ඇසෙන්නට වින
"බුදු අම්මේ ... මට බැරියෝ.... අනේ දොස්තර මහත්තයෝ.... මට බැරියෝ... බුදු අම්මෝ...."
දොස්තර මහතාට මේ හඬ ඇසී වහාම බෙහෙත් දමට කාමරය දෙසට දිවගොස් බලන්නට වින. මොහොතකට පෙර කංකානම විසින් අතින් ඇදගෙන ගිය, දැන් උපන් බිළිඳාගේ පියා දෑතින් බඩ බදාගෙන ඒ කාමරයේ ඇඳ මත පෙරලෙමින් වේදනාවෙන් මොරදෙන අයුරු දුටු දොස්තර මහතාට උන්හිටිතැන් අමතක වින.
"ඈ කංකාකම, තමුසෙ මොකක්ද අර අහංසකයට කෙරුවෙ? අරතරං වේදනාවෙන් ඇඹරෙන්නෙ. ??"
"ඇයි සර් මට කිව්වෙ මූට අරයගෙ දුකෙන් බාගයක් දෙන්න කියලනෙ... ඉතිං මං දුන්න ඒ හා සමානම දුකක්....."
"ඈ බොල... තමුසෙ මොකද්ද ඒ මිනිහට කෙරුවෙ .... අර මොකද අරම ඇඹරෙන්නෙ ඇඳේ පෙරලි පෙරලි...?? "
"නෑ නෑ වැඩි දෙයක් නෑ... තව ටිකකින් මැහුං කපල දැම්මම හරියාවි. මං මිනිහගෙ පුකට මැහුං දෙක තුනක් දාල බඩඑලිය යන්න බෙහෙත් ටිකක් දුන්න....."
උපුටාගැනීම මුහුණු පොතෙනි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26