- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
January, 9, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමන ලදී.
මෙහිදී Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.
වාර්තාවන අන්දමට මෙහි ගැණුම්කරු ද විදෙස් අයෝජකයෙකි.
මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වන අතර මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනුවක් හරහා රුපියල් බිලියන 33 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- puliyanamTop contributor
- Posts : 482
Join date : 2014-02-28
Re: ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
January, 9, 2020
අද (09) උදෑසන සිදුවූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවේ ගැණුම්කරු CITIGROUP GLOBAL MARKETS LIMITED බව අදාළ කොටස් ගනුදෙනුව සඳහා පහසුකම් සපයන ලද තැරැව්කාර සමාගම වූ CT CLSA සිකියුරිටීස් (පුද්) සමාගම කියා සිටී.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස්කරුවා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd, තමන් සතුව පැවති සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමන ලදී. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමයි.
මෙහිදී කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් මෙය 10.76% කි.
මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වන අතර මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනුවක් හරහා රුපියල් බිලියන 33 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි
- ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි
- ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ලංකා ඉතිහාසයේ පළමු වරට මුද්දරත් හොරට මුද්‍රණය කරයි
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට