- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්ය කර්මය.
දේසපාලන අරමුණකින් හෝ වේවා / නොවේවා කරනලද ක්රියාව අගනේය.
කිරුලපන ඇලන් මැතිනියාරාමේ සිටි ඉතා කුඩා අලි පැටවුන් දෙදෙනා හා වයසින් වැඩි කෙනෙර වසන්ත සේනානායක ඇමති තුමා විසින් ඊයේ මුදා ගන්නා ලද බව දැන ගන්නට ලැබුනි.
මෙම බෞද්ධ යැයි කියා ගන්නා පන්සල අහිංසක කුඩා ඇත් පැටවුන් ට නම් සැනසෙන්නට තිබූ තැනක් නොව වධකාගාරයක්ම විය.
එහි ඡායාරූප ගැනීම තහනම් කර තිබුනේ කුමන හෙතුවක් නිසා දැයි නොකිව මනාය.
නූගත් මෝඩ මරුමූස් ඇත් ගොව්වන් ගේ දරුණු ක්රියා හමුවේ එම අලි බබාලා විඳින වදය දකින තරුණියන්ගේ ඇස් දෙකින් කඳුලු කඩා හැලෙනු මම සියැසින් දැක ඇත්තෙමි.
ඇත්ත වශයෙන්ම එම සතුන් බාරව සිට් ගොවු මෝඩයන් ට වඩා අලින් බුද්ධිමත් බව ඒ දෙවර්ගයේ හැසිරීමෙන් දැක ගත හැකි විය.
අලින් යනු ඉතා සංවේදී බුද්ධිමත් සමාජ ශීලී සත්ව යන් ය.
අලි රැලේ එක් කෙනෙරකට දරුවන් ලබන විට සියලු ගැහැනු සතුන්ට කිරි එරෙනවා යැයි කතාවක් තිබේ.
ඉතා කුඩා අවදියේම මව ගෙන් වෙන්කර ත්රාඩ ගංජා ගොවු කොල්ලන් ගේ පාලනට ලක් කිරීම නිසා දුක් විඳින පැටවුන් දැක ආදරයෙන් මත් වන ඊට වඩා වැඩිමහල් ගැහැනු සතා ඔවුන් වෙත අනුකම්පාවෙන් ඇදී සිය හොඬයෙන් ඔවුන් ව සුරතල් කරයි.
මෙය දකින මරුමූස් ඇත් ගොව්වා කරන්නේ හෙන්ඩුවේ උල් පැත්තෙන් ඉතා දරුණු ලෙස ඇය ගේ හිසේ පිටුපස නිලයට ඇන දඬුවමට ලක් කිරීමයි. ඒ වේදනාවෙන් ඇය නඟන මහත් වූ වේදනාත්මක හඬ ඇලන් මැතිනියාරාමයෙන් පිටත නිවෙස් වල සිටින හිත් පිත් ඇත්තන් පවා කම්පා කරවයි.
බුදු දහම මුවාවෙන් අහිංසක සතුන් ගාල් කරගෙන කරන පුන්ය කර්ම වලින් මේ ආයතන බාර ඇත්තන් යන්න හිතාගෙන ඉන්නෙ කොහේ දැයි අපි නොදනිමු.
අලුත් ඇමති තුමාද මේ ඇත් පැටවුන් බේරා ගෙන තමන් ට හිතවත් තවත් දේශපාලන වදකාගාරයකට දෙන්නේ නැතුව ඔවුන් ගේ වර්ගයා එක්ව සිටින පින්නවල හෝ උඩ වලවේ වෙත රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
පන්සල වල අලි හදන වා නම් බුද්ධිමත් තරුනයන් ඒ වෙනුවෙන් විද්යාත්මකව පුහුණු කරවා වැදගත් ලෙස කරන මෙන් ඉල්ලමු.
http://www.dailymirror.lk/62423/ly-kept-illegally-inside-temple-premises
වයසින් වැඩි ඇතින්න අවුරුදු 20 ක් යැයි පත්තරේ ලියුවද ඇයත් වසර 8 ක් පමන වයසැති එකෙකු විය යුතුය.
- chinwi
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අලි පැටවුන් බේරා ගැනීමේ පුන්ය කර්මය.
(Recently, a similar shameful act was doing rounds in FB but did anyone has guts to tell the high priest, I wonder).
- කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
- තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?
- ලංකා ටෙලර් ඩොලර් සිය කෝටියක් බේරා දෙයි
- ගල්ගමුවේ දරුවා කප්පම්කරුවන්ගෙන් බේරා ගැනීමට මෙහෙයුම දියත් කළ හැටි පොලීසිය හෙළි කරයි (VIDEO)
- සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ