- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
කාන්තා දිනය: දරුවන්ටත් අමතක වූ මවක්
8 මාර්තු 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:30 GMT
කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා වන කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්රිලයාත්මක කිරීමට කාර්ය සාධක බළකායක් පත් කරන බව අග්රාැමාත්යක රනිල් වික්රෝමසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ලෝක කාන්තා දිනය සමරමින් අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින්.
මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය, කාන්තා හිංසනය වැනි කරුණු පිළිබඳව ජාත්යසන්තර කාන්තා දිනයේ ප්රජධාන අවධානය පළ වෙද්දී බලධාරීන්ට පමණක් නොව සිය දරුවන්ටත් අමතක වූ මවක් සංදේශයට මුණ ගැසුණි.
මහමග සිඟා කන අසූ හතර හැවිරිදි මේ මාතාව සිය වේදනාව කන්තලේ ආර් ජී ධර්මදාසට හෙළි කළාය.
‘පිං පඩිය රුපියල් දෙදාහක් හම්බවෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ළමයි සළකන්නේ නැහැ මට. මගේ අම්ම බුදුන් දැක නිවන් දකින්න ඕන. අම්ම දීපු කිරි වල බලය, හයිය මට තාම තියෙනවා. මට ඉන්න තැනක් නැහැ. ගෙයි වහලේ උඩට ගහක් කඩා වැටුනා.’ ලොකු මැණිකා සිය දුක් ගැනවිල්ල කියා සිටියේ හද බිඳෙන සුළු ස්වරයෙන්.
මීට සය දශකයකට පමණ පෙර ගොවි ජනපද කරා සේන්දු වී මහ පොළොව සමඟ හැප්පී මේ වන විට මහලු වියේ පසු වන බොහෝ කාන්තාවන් අද අසරණ වී ඇති බවයි සංදේශයට වාර්තා වන්නේ.
එවැනි මව්වරුන් රැක බලා ගැනීමට කිසිවෙකු නොමැති වීම සමාජ ගත ප්රවශ්නයක් වී ඇති බවයි නැගෙනහිර පළාතේ හිටපු සංස්කෘතික අධ්යලක්ෂස ප්ර වීණ නාට්යන ශිල්පී උපනන්ද වැලිකල පවසන්නේ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150308_dharmadasa_homeless_mother?SThisFB&fb_ref=Default