- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා
ළඟ එන මහ ඡන්දෙ හින්දා මේ දවස්වල ඡන්ද අපේක්ෂක අපේක්ෂිකාවෝ අතිශය කාර්යබහුලයි. සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑර ඇවිදලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න තමයි කවුරුත් මාන බලන්නේ. එක අතකට ඉතින් ගෙදරට වෙලා, බකං නිලාගෙන ඉඳලත් බැහැනේ.ඔන්න ඒ වගේ ඡන්ද අපේක්ෂකයෙක් පහුගිය දවසක වන්නිකරයේ පුංචි පාසලකට ගොඩ වැදුණා. ඒ පාසලේ ඉගෙන ගන්න දරුවන් ලවා ඒ අයගේ දෙමව්පියන්ගේ ඡන්ද ටිකක් එකතු කරගන්න තමයි මේ අපේක්ෂකතුමාට උවමනා වුණේ. ඒත් ඉතින් කෙලින්ම ඒ මාතෘකාවට බහින්නත් බැහැනේ. ඒ හින්දා ඒ පාසලට ගොඩවැදුණු එතමා පුංචි උන් ඉගෙනගන්න පන්තියකට ගියා.
“දුවලා, පුතාලා දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා.” පන්තිභාර ගුරුතුමිය ගෙන් අවසර ගත්තු අපේක්ෂක තුමා පන්තියේ දරුවන්ගෙන් ඇහුවා.
“ජනාධිපතිතුමා” එක දරුවෙක් කෑගහලා කිව්වා.
“නෑ සර්... මේ රටේ ජනතාව” ඔන්න ඒ එක්කම තවත් පුංචි එකෙක් කෑගහලා කිව්වා. පළමුවෙනි දරුවා දීපු උත්තරේ යම් තරමකට හරි වුණත් දෙවැනි දරුවා දීපු උත්තරේ ඊට වඩා ගැඹුරක් තියන හින්දා ඒ උත්තරේ අපේක්ෂක තුමාගේ හිතට ඇල්ලුවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට වුණත් මේ රටේ දේශපාලනය පිළිබඳ අවසන් තීරක බලය තියෙන්නේ ජනතාවටනෙ.
“ඇයි පුතා එහෙම කියන්නේ” ඒ හින්දා අපේක්ෂක තුමන් පුංචි එකාගෙන් ඇහුවා.
“දැන් බලන්න සර් ඉඳලා හිටලා අපේ ටීචර් අපිව පන්තියේ දණ ගස්සලා තියනවා...” පුංචි එකා කිව්වා.
“ඉතින්” අපේක්ෂක තුමන් ඇහුවා.
“එතකොට සර්ලා වගේ සමහර අය දැන් අපේ ටීචර්ලවත් දණ ගස්සලා තියනවනේ...” පුංචි එකා කිව්වේ නැතැයි.
“ඔව් ඉතින්” ඒ උත්තරෙන් තරමක් අන්දමන්ද වුණු අපේක්ෂකතුමා ඇහුවා. “එතකොට ඉතින් සර්ලගේ ආණ්ඩුවේ ලොක්කෝ මොකද කරන්නේ...? ඒ වගේ අයවත් දණ ගස්සනවනේ..” මෙන්න පුංචි එකා ඊළඟට කියපි.
“ඔව්.. ඒකත් හරි කියමුකෝ.. එතකොට කොහොමද පුතා ජනතාව බලවත් වෙන්නේ?” පුංචි එකාගේ උත්තරෙන් හිතට ලොකු කුතුහලයක් ආපු හින්දා අපේක්ෂකතුමත් ඇහුවා.
“අයියෝ සර්ට ඒකවත් තේරෙන්නේ නැද්ද?” එහෙම කියලා “කිචි.. කිචි...” ගාලා හිනාවුණු පුංචි එකා ටීචර් දිහාත් හොඳට බැලුවා.
“කමක් නෑ පුතා කියන්න” ඔන්න එතකොටම ටීචරුත් කිව්වා. එතකොටම කොළුවා අපේක්ෂකතුමා දිහා හොඳට විපරමින් බැලුවා.
“ඉතින් සර් මේ සැරේ ඡන්දෙදී ජනතාව සර්ලවත් දණ ගස්සනවනේ...”