- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගෝල්ඩන් කී' මුදල් යළි ගෙවීම ගිය ආණ්‌ඩුව කර ඇරියා - අගමැති රනිල් වික්‍රමසිංහ
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීමට පසු ගිය රජයට කිසිදු වුවමනාවක් නොතිබූ බවත් වර්තමාන රජයේ දින සියයේ වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක් ආපසු ගෙවීමට හැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ (24 දා) පෙරවරුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්‌ඩයට ඔවුන්ගේ තැන්පත් මුදලින් 41% ක් ගෙවීම සඳහා කොළඹ බණ්‌ඩාරනායක සමරු ශාලාවේ පැවැති රැස්‌වීමකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන් ඔවුන්ගේ තැන්පත් මුදල් ආපසු ලබාගන්න නොහැකිව ඇති වූ මානසික පීඩනයෙන් එකසිය හැටදෙනෙකු මියගොස් තිබෙනවා. අපි රජයක් විදියට ඒ ගැන කනගාටු වෙනවා. පසු ගිය රාජපක්‍ෂ රෙජිමය මේ ගෝල්ඩන් කී මූල්‍ය සමාගමට අයත් දේපළ වැරදි විදිහට පාවිච්චි කරලා තිබෙනවා. ඒ නිසයි අපිට මේ ගෙවීම් කරන්න ප්‍රමාද වෙන්න වුණේ යෑයිද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්‌වූ මුදල් ඇමැති රවි කරුණානායක මහතා - අපි ඒකාධිපති පාලනය ඉවර කරලා මනුෂ්‍ය පාලනයක් ස්‌ථාවර කර තිබෙනවා. ඒ නිසා අපේ රජයට මනුෂ්‍යයන්ගේ අමාරුකම් දැනෙනවා. අද රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 4,35,000 ක් වෙලා. අපිට පසුගිය රජය බාර දුන්නේ ඝාතනයට ලක්‌වූ ආර්ථිකයක්. නමුත් අද අපි ක්‍රම ක්‍රමයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනඟලා ජනතාවට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා.
http://www.randora.lk/
- අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි -
- අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?
- මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- ගෝල්ඩන් කී පුවතින් පසු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කුට්ටියක් විකිණේ
- නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල