- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
{රූපලාවන්‍ය ශිල්පිනීන්ගේ වැඩමුළුවකදී අශෝක හඳගම කළ කතාවකින් උපුටා ගන්නා ලද්දකි. රාවය පුවත්පතෙනි.}
අවුරුදු හැට හැත්තෑවක් වයස කාන්තාවක් දරුණු ලෙස රෝගාතුර වෙලා රෝහල් ගතවුණාලු. ලෙඩ ඇඳේ ඉන්නා ගමන් මේ කාන්තාව දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන්ගෙන් විමසල බැලුවලු "දෙවියන් වහන්ස මා මිය යන්නට ළඟයිද? මට තව කොතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද?" කියලා.
දෙවියන් ඉතා කරුණාවෙන් ඒ කාන්තාව අමතා කිව්වලූ "බය වෙන්න එපා. ඔබ දැන්ම මිය යන්නෙ නැහැ. තව අවුරුදු 40 ක් විතර කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්..." කියලා.
කාන්තාව සුවපත් වුණාලූ. සුවපත් වුන කාන්තාව හිතුවලූ තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් නම් මං මොකටද මෙහෙම ඉන්නෙ, ලස්සනට හැඩට ඉන්න පුළුවන්නේ කියලා. එහෙම හිතලා බියුටි සැලූන් එකකට ගිහින් විවිධ ආකාරයට රූපලාවන්‍ය කරලා පාරට බැස්සලූ. පාරට බැහැලා අඩි දෙක තුනයිලූ යන්නට හම්බ වුණේ. අහක යන වාහනයක් ඇවිත් ඇයව යට කරගෙන තාප්පයකුත් කඩාගෙන ගිහින් නැවතුණාලූ. බරපතල ලෙස තුවාල වුණ ඒ කාන්තාව පණ අදින ගමන් තරහින් දෙවියන්ගෙන් ඇහුවලූ. "ඔබ මහා බොරුකාරයෙක්. තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් කියලා ඇයි මාව යට කරගෙන ගිය වාහනේ අයින් කළේ නැත්තේ....?" කියලා.
දෙවියන් වහන්සේ කිව්වලු "සමාවෙන්න, මට ඔබව අඳුරන්න බැරි වුණා...!" කියලා.
ඒ හින්දා රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
- Lalinda
- Posts : 69
Join date : 2015-02-16
Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
nihal123 wrote:මේකනම් දෙවියන්ට නෙවෙයි, යකාටත් බැරිවෙයි චුටී.
අපි දෙන්නට නම් බැරි වෙන එකක් නැ නිහාල් අය්යා..