ලෝකයේ ව්‍යාප්ත වන විද්‍යුත් සමාජ මාධ්‍ය රැලි මිනිස් ශිෂ්ටාචාරයේ පෙර නොවූ වෙනස්කමක් බිහි කරවයි. ලෝකයේ සමාජය පෙර නොවූ අයුරින් නිහඬතාවකට තල්ලුවී ඇත. තරුණයින් තම කන් ප්ලග් දමා අගුල් දමා ගනිමින්ද ඇස් D3 මගින් අන්ධ කර ගනිමින් කල්මරණ යුගයක් මීට පෙර තිබී නැත. මිනිසා ක්‍රමයෙන් සංවේදී නොවී තිරිසනුන්ටත් වඩා බිහිසුණු සත්ත්ව වර්ගයක් බවට පරිවර්තනය වෙමින් පවතී. මෙලෙස තාක්ෂණය ප්‍රබල ලෙස සමාජයේ පරමාණුව බඳු පවුල ආක්‍රමණය කිරීම මානව ශිෂ්ඨාචාරයේ කඩාවැටීමකට හේතු වන බව සමාජ විද්‍යාඥයින් සැක බිය පළකර ඇත. ෆොaන්, ටැබ්, ලැප් වැනි දෘඪංග වෙතට අසීමිතව නැඹුරු වෙමින් සමාජගත වීමට සංවේදී වීමට හා විශේෂයෙන් ඇහුම්කන් දීමට ඇති අකැමැත්ත මිනිසා සදාචාර සම්පන්න වීම පසෙකලමින් නිර්මාණය වන දැඩි මානසික ආතතිය විසාදය දක්වා වර්ධනය වී ඇති ආකාරය නූතන සමාජ පැතිකඩ විවරණයේදී අපට හමුවේ. මිනිස් ඉතිහාසයේ කිසිම යුගයක නොවූ පරිදි තොරතුරු ගබඩා කිරීමේ හැකියාව හා බෙදා හැරීමේ හැකියාව සමාජ මාධ්‍යයේ තාක්ෂණ ප්රාතිහාර්ය මගින් හැකිවී ඇත. තොරතුරු හා පෞද්ගලික දත්ත මෙලෙස අන්තර්ජාලයට බැර කරමින් සැනසිල්ලේ නින්දට යන අය බොහෝ වෙති. ඔවුන්ට මේ සංවර්ධිත සමාජ මාධ්‍ය වටිනා අත්කොළුවකි. රට ජනගහනයට වැඩි ප්‍රමාණයක් විද්‍යුත් දුරකථන වෙත නැඹුරුවීම ආදී කරුණු නිසා මිනිස් ශිෂ්ටාචාරයේ යම් විප්ලවයක් අපේක්ෂා කෙරෙයි. සමාජයේ පැවැති ආගමික මූලධර්මතා ගෝත්‍ර ඇදහිලි හා චාරිත්‍රවලට මින් එල්ල වන්නේ බරපතල අවදානමකි. ලෝකය සීග්‍රයෙන් එකම මිනිස් ගම්මානයක් වෙමින් පවතී. තාක්ෂණය හා මුදල සමාජයේ ඉස්මතුවී ඇත.
ලෝකයේ ත්රාස්ය හා වෛරය ඉක්මනින් සමාජගත වීමෙන් මිනිසා නිතර බියෙන් හා සැකයෙන් පසුවේ. ජාතිවාදය ආගම්වාදය හා අසභ්‍ය තොරතුරු විකසිත වීම හරහා සාම්ප්‍රදායික සමාජය ඉරිතලා ඇත. මින් ලෝකය පුරා සරණාගත තත්ත්වයක් පැතිරෙමින් පවතී. සමාජ කේන්ද්‍රය වූ පවුල දෙදරාගොස් ඇත. මෙහිදී සමාජ මාධ්‍ය වෙබ් අඩිව වලට ප්‍රතිවිරුද්ධ මත ගොඩනැඟෙමින් පවතී.
පරිවර්තනය බන්ධුල හේවාවිස්ස