The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පොල් වතුරෙන් තරුණ වෙන්න  Empty පොල් වතුරෙන් තරුණ වෙන්න

Sun Mar 20, 2016 10:54 pm
Message reputation : 100% (1 vote)
පොල් වතුරෙන් තරුණ වෙන්න

තරුණ කම රැක ගන්න එක කවුරුත් මුහුණ දෙන අර්බුදයක්. එළි පිට කීවත් නොකීවත් ඔක්කොම කැමති නෑ වයසට යන්න. හැමෝටම ඕනේ හැමදාම තරුණ වෙලා ඉන්න. මේ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ව්‍යායාම කරනවා. ඇඟ හදා ගන්නවා. විලාසිතා කරනවා.රූපලාවන්‍ය කටයතු කරනවා. ගොඩාක් දේවල් කරනවා. ඒ අතරේ හැමදාම උයනකොට පොල් ගෙඩිය බිඳලා හලලා දාන පොල් වතුර ඔය කරන සියලු දේවල් වලට වටින බව කිව්වොත් ඔබ පිළිගන්නවාද?

පොල් ගෙඩිය පලා හලා දමන් පොල් වතුර ලොව විශිෂ්ඨතම ස්වාභාවික ශක්තිජනක පානය බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පොල් වතුර තමයි ලෝකයේ පිරිසිදුම පානය වෙන්නෙත්.මොකද මාස 9 ක් පුරා ජෛව පිරිසිඳු වීමේ ක්‍රියාවලියට ලක් වෙලා තමයි පොල් වතුර හැදෙන්නේ මේ නිසා පොල් වතුර ජීවානු හරිතයි.

පොල් වතුර වල සංයුතිය බැලුවොත් අපේ සෛල ප්ලස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට ඛෙහෙවින්ම සමානයි කියලයි විද්‍යාඥයින් කියන්නේ.මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්,ක්ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම. සුළු වසයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වනවා. මේ කියන විශිෂ්ට අයනික ගුණය නිසා , යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් ට සේලයින් ද්‍රාවණයක් විදිහට පොල්වතුර කෙලින්ම භාවිතයට අරගත්තා කියලා කියවෙනවා, දෙවන ලෝක යුද්ධයේදී විතරක් පොල් වතුරින් ජීවිත 50,000 ක් පමණ බේරා ගෙන තියෙනවා කියලත් කියනවා.

පොල්වතුර වැනි සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත.

පොල් වතුරෙහි තිඛෙන අධික ඛණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දීලා තියෙනවා.මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩු වුනා කියලයි.

පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්රෑම් 300 ක් පමණ තිඛෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් පසුබට වන්නේ නැත.

පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළි වී ඇත්තේ, අපගේ සිරුරේ තිඛෙන අහිතකර කොලස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි.අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් ද පොල් වතුරෙහි අඩංගු වන බැවින් , දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත.

වකුගඩු තුළ රැඳන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයින් පෙන්වා දෙනවා. එබැවින් මත් පැන් හා වස විස නිසාවෙන් සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

පිලිපීනයේ චයිනීස් මහ රෝහලේ, මූත්‍ර වාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ, මූත්‍රාශයේ ගල් සෑදිශෛල කර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල් වල විශාලත්වය අඩු වී, හෝ කුඩා කොටස් වලට කැඩි තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශෛල කර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුවකිරීමට හැකි වූ බවත්ය.

පෙර කී, සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්වපවත්වා ගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස් ෆිෆේ : (Bruce Fife) මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර, පිළිකා ඇති වීමට හේතු වන, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්ෂිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත.ඒ වගේම පොල්වතුර බර අඩු කර ගැනීමට කදිම පානයකි.

1999 වර්ශයේ ඇමරිකාවේ යාලේ සරසවියේ දී කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, පොල් වතුර සීනී සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩු කර ගැනීමට කදිම පානයක්ලෙස යොදා ගැනීමට හැකි බවය.

අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයක දී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය.ඒ වගේම දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිඛෙනවා.

පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිඛෙන බැවින්, ලිංගික සරු භාවයටත්, මඳසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන තියෙනවා.

මහළු උදවියට හා ඝණ ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණිය පානයක්. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි.මවු කිරි වල තිඛෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිඛෙන නිසා සකස් කළ ළඳරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණදායක බව පැවසෙනවා.

වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය, මළ බද්ධය සුවකිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිඛෙන බව සොයාගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද එම සහ ග්ලූකොමාරෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි.ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත්පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිත කළ හැකිය.

ශරීරය අධිකව වෙහෙසෙන අවස්තා වල දී සහ විජලනතත්ත්වයන්හී දී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැඛෙන බව පැවසෙනවා.පැපොල, සරම්ප සහ ශරීරයේ පලූ දැමීම් සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර භාහිරවගැල් වීමෙන් සහනයක් ලැඛෙන බව පර්යේෂකයින් සොයා ගෙත ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුවවීමටද දායක වෙයි.

පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන්ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැබිලි වතුර පානය කරන්නට උපදෙස් දෙනවා.සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳබටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳව මේ මෑතක් වන තුරු සුදුජාතීන් ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟ, සෝයා, එළවළු තෙල් සහ මාගරින්වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල් තෙල්, පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසා, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර, හදවත් රෝග වලට තුඩු දෙන ආහාරයක් ලෙසය.

ඔවුන්ගේ දැනුම ඔස්සේ තීන්දු තීරණ ගත් අප විසින් ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයන් ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ.

මෑතක දී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මංඩලය විසින් පුවත් පත් වල පළ කර තිබූ වාර්තාවකින් කියැවුනේ,මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර 50,000 ක්, සින්ක් එකට හළන බවයි. එසේනම් ඒ විසි කරන්නේ තරුණකම සහ නීරෝගීකම ‍නෙවෙයිද ?
(උ.ගැ. අන්තර්යාලයෙන්)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum