- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලංකා හොස්පිටල් තුන්කොන් සටනකට මැදිවෙයි
biz_man Top News May 16th, 2016
ලංකා හෝස්පිටල් පීඑල්සී හි අයිතිය වෙනුවෙන් මේ වන විට තුන්කොන් සටනක් ඇවිළ තිබේ. රජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා පසුගිය වසරේ දී රජය විසින් ගෙන ඇති තීරණය කළ අතර එහිදී දේශීය ආරෝග්‍යශාලා සමූහ දෙකක උනන්දුව එව අවස්ථාවේ දී පළවිය.
නවතම තත්ත්වය අනුව ලංකා හොස්පිටල් සඳහා සිය උනන්දුව පළ කර ඇත්තේ සිංගපූරුවේ රෝහල් සමූහයකි. මීට පෙර දේශීය ආරෝග්‍යශාලා සමූහ දෙකක් වන සොෆ්ට්ලොජික් සහ හේමාස් ඒ සඳහා සිය උනන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබීය.
ලංකා හෝස්පිටල් හි බහුතර කොටස් හිමිකාරීත්වය තිබෙන්නේ ශ්‍රී ලංකා රජය සතු සමාගම් සතුවය. එහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අරමුදල – 29.54%, රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය අරමුදල 25.07% ක් සහ ලංකා බැංකුවේ පාලිත සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් 9.53% ක් වශයෙන් එහි ප්‍රධාන කොටස් හිමියන් වේ.
ලංකා හොස්පිටල් ගනුදෙනුව නුදුරේදීම සිදුවන බවට කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ හේතුව මත මැයි මස මුල් සති දෙක තුළ දී පමණක් රු. 59.00 සිට රු. 75.00 දක්වා 27% කින් එහි කොටස් මිල වර්ධනය වී තිබේ.
එහි 2016 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය වාර්තා පසුගියදා නිකුත් කෙරුණු ඊට අනුව අදාළ කාර්තුවේ දී බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 162.97 සිට රු. මිලියන 192.66 දක්වා 185 කින් වර්ධනය වී ඇත.
http://biz.adaderana.lk/