- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
බිලියනයක් හොයන්න බ්‍රවුන්ස් බීච් හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි
රුපියල් මිලියන 1,395.9 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට තීරණය කර ඇති බව බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී කියා සිටී. මෙහිදී නව සාමාන්‍ය කොටස් මිලියන 54 ක් එකක් රු. 25.85 බැගින් නිකුත් කිරීමට නියමිතය.
සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්රාග්ධනය රු. 2,383,448,970.00 ක් වන අතර එය සාමාන්‍ය කොටස් මිලියන 129.6 කින් සමන්විත වේ.
සමාගමේ දැනට ඇති ණයබර අවම කර ගැනීම සහ හෝටලයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මූදල් ලබා ගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව දියත් කර තිබේ.
බ්‍රවුන්ස් බීච් හෝටලය මෙල්ස්ටාකෝප් සමූහයේ සාමාජිකයෙකි. එහි කොටස් ප්‍රාග්ධනයෙන් 41.87% ක් මෙල්ස්ටාකෝප් සමාගම සතු අතර 36.61% ක් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය සතුය.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: බිලියනයක් හොයන්න බ්‍රවුන්ස් බීච් හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි
Rights Issue
25 February 2011
Please note that 33,600,000 Ordinary Voting Shares of the Company were listed on 25th February 2011, pursuant to a 7:2 Rights Issue
- මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්
- හැව්ලොක් සිටි ඉදිරි ආයෝජනයට රුපියල් බිලියන 7 ක හිමිකම් නිකුතුවක්
- කලමාසු අලුත් අධ්යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට
- බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි
- M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්