- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලැයිස්තුගත සමාගම්වල අවම මහජන පංගුවට සහනයක්
මේ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව නීති රෙගුලාසිවලට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත සමාගම්වලින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ගළපන ලද රුපියල් බිලියන 10 ක මහජන පංගුවක් හිමි සමාගම් සඳහා අවම මහජන පංගුවක අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත. එහිදී පිළිවෙලින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් රු. බිලියන 7.5 ක මහජන පංගුවක් සහිත සමාගම් 5% ක්, රු. බිලියන 5 ක මහජන පංගුවක් සහිත සමාගම් 7.5% ක්, රු. බිලියන 2.5 ක මහජන පංගුවක් හිමි සමාගම් 10% ක් හා අදාළ සීමාවන්ගෙන් පහළ මහජන පංගුවක් සඳහා හිමිකම් කියනු ලබන සමාගම් 20% ක අවම මහජන පංගුවක් නඩත්තු කළ යුතුවේ. ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත සමාගමක සිටිය යුතු අවම කොටස්කරුවන් සංඛ්‍යාව 500 ක් ලෙස නියම වී ඇත.
මීට අමතරව දිරි සවි පුවරුවේ ලැයිස්තුගත සමාගම්වලින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ගළපන ලද රුපියල් බිලියනයක මහජන පංගුවක් හිමි සමාගම් සඳහා 7.5% ක අවම මහජන පංගුවක් ද, එම සීමාවෙන් මෙපිට ඇති සමාගම් සඳහා 10% ක අවම මහජන පංගුවක් ද තබා ගත යුතු අතර දිරි සවි පුවරුවේ ලැයිස්තුගත සමාගමක සිටිය යුතු අවම කොටස්කරුවන් සංඛ්‍යාව 200 ක් ලෙසින් නියම කර තිබේ.
මෙම නියමයන් 2017 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන බවත් අදාළ නියමයන් සපුරාලීමට අපොහොසත් වූ සමාගම්වලට මාස 06 ක සහන කාලයක් ලබා දෙන බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ලැයිස්තුගත සමාගමක අවම මහජන පංගුව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 20% ක් විය යුතු බව මීට පෙර පැවති නීතිය වන අතර, මෙම තීරණය හේතුවෙන් සමාගම් ගණනාවක්ම පසුගිය වසර කිහිපය තුළ කොටස් වෙළෙඳපොළෙන් සිය ලැයිස්තුගත කිරීම ඉවත් කර ගැනීමට පියවර ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.
http://biz.adaderana.lk/