- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මෙහෙකරුවන්ට අමානුෂිකවූ අරාබි රජ කුමරියන්ට දඬුවම්
BBC Sandeshaya පැයකට පෙර
Image copyright AFP
Image caption මෙම නඩු විභාගය නිම වීමට වසර දහයකට ආසන්න කාලයක් ගතවිය
තම මෙහෙකරුවන්ට පහත් ආකාරයට සැලකීම සහ මිනිස් ජාවාරම සිදු කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකාරියන් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, රාජ කුමාරිකාවන් අට දෙනෙකූට දඬුවම් නියම වෙයි.
මෙම කුමාරිකාවන්ට පහළොස් මසක අත්හිටවූ සිර දඬුවමක් සහ දඩ මුදල් නියම වූයේ බ්‍රසල්ස් නුවර අධිකරණයක පැවති නඩු විභාගයකින් අනතුරුව ය.
ඒ අනුව එක් රාජ කුමාරිකාවක ඩොලර් 185,000ක දඩයක් ගෙවිය යුතු අතර එම දඩ මුදලින් අඩක් අත්හිටවූ දඩයක් ලෙස නියම විය.
වසර 2008දී සිදුකළ සංචාරයක දී මෙම කුමාරිකාවන් විසින් මෙහෙකරුවන් විසි දෙනෙකු රැගෙන ගොස් ඇති අතර ඔවුන්ට ලැබී ඇත්තේ වහලුන්ට සම සැලකුම් ය.
නමුත් මෙම මෙහෙකරුවන්ට ඉතා අමානුෂික ලෙස සලකු බවට එල්ලවූ බරපතළ චෝදනා කිහිපයකින් ම මෙම කුමාරිකාවන් නිදහස් කර තිබේ.
එල්ලවූ සියලුම චෝදනා රාජ කුමාරිකාවන් අටදෙනා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.
රාජ කුමාරිකාවන් අටදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් ඛලීෆා බින් සයීඩ් ගේ ඥාතියෝ වෙති
ඔවුනට නියම වී ඇති දඩ මුදල් ගෙවන්නේද නැතහොත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේද යන වග තවමත් තීරණය කර නොමැති බව අරාබි කුමාරිකාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේය.
මෙම නඩු විභාගය සඳහා එක්සත් අරාබි එමීරයේ රාජ කුමාරිය සහ ඇයගේ දූකුමරියන් හත්දෙනා පෙනී සිට නැත.
කෑමට ඉතිරි වූ යමක්
මෙම කුමාරියන් අට දෙනා නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී හෝටලයෙන් එක් මෙහෙකාරියක් පැන යාමෙන් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට හෙළි විය.
දවසේ පැය 24 පුරාම සේවයේ නිරත විය යුතු බවට නියෝග ලැබ සිටි මෙම මෙහෙකරුවන්ට නිදා ගැනීමට ඇඳක් ලැබී නැත.
එකදු නිවාඩු දිනයක් හෝ නොලද මොවුන්ට කෑමට ලැබී ඇත්තේ කුමාරිකාවන් අනුභව කොට ඉතිරි වූ යමක් පමණි.
මෙම නඩු විභාගය නිම වීමට වසර දහයකට ආසන්න කාලයක් ගතවිය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මෙහෙකරුවන්ට අමානුෂිකවූ අරාබි රජ කුමරියන්ට දඬුවම්
Environment, stone age culture and religion have made their hearts nothing but stones.
But many are forced to take their S*** due to sad economic situations back in their own countries.