- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය
Image copyright Getty Images
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිව ඇති කරුණු මුල් කර ගනිමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පවසති.
එමෙන්ම අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් කුලී නිවසක් සඳහා මුදල් ලබා දීම මුල් කර ගනිමින් අමාත්‍ය රවී කරුණානායක වත්මන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ මතය වී තිබේ.
අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් ඊට "අත් දෙකම උස්සා" සහාය ලබා දෙන බව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පැවසීය.
මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ අදාළ පරීක්ෂණ සඳහා සහාය දැක්වීමක් වශයෙන් අමාත්‍ය රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.
"ඉල්ලා අස්විය යුතුයි"
නියෝජ්‍ය ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලට සිය ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට අමාත්‍ය තිලක් මාරපන එවක කටයුතු කළ බව සිහිපත් කරමිනි.
"මම හිතනවා රවී කරුණානායක මහත්මයත් එවැනි ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබිය දී පක්ෂයේ උන්නතිය තකා, තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතිව, විනයක් ඇතිව පරීක්ෂණවලට සහයෝගයක් වශයෙන් ඉල්ලා අස්වෙලා නිවැරදි වීම තමයි වඩාත් හොඳ යහපාලන ක්‍රමවේදය" යනුවෙන් ඔහු කියා සිටියේ ජෝර්දානයේ සංචාරයක නිරතව සිටින අතරතුර අදහස් දක්වමින්ය.
කෙසේ නමුත් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේ තමන් වරදක් කර නොමැති බවය.
කැබිනට් හමුව
ඇමති රවී කරුණානායක මාධ්‍ය වෙත පළ කළ අදහස්
කරුණානායක අමාත්‍යවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහු සාමාජිකත්වය දරන වත්මන් කැබිනට් මණ්ඩලය තුළින්ම ඉල්ලීම් මතුවනවා නොවේදැයි මාධ්‍යවේදීන් එහිදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් ඔහු වැළකිණි.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අමාත්‍ය රවී කරුණානායක වරදක් කර ඇති බව ඔප්පු වුවහොත් ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ඇති බවය.
ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් එවක ඇතිවූ මතභේදාත්මක වාතාවරණය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාරව සිටි තිලක් මාරපන 2015 වසරේ නොවැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහු එසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකදී මාරපන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට අමාත්‍යවරු පිරිසක් එවක සූදානම්ව සිටියදීය.
පසුගිය මැයි මාසයේ පැවති කැබිනට් සංශෝධනයේ දී තිලක් මාරපන සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් යළි දිවුරුම් දුණි.