- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Image copyright AFP
පක්ෂ නායකත්වය සඳහා වූ තරගයෙන් මැල්කම් ටර්න්බුල් පරාජයවූ බැවින් ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති ධූරයට පත්වනු ඇතැයි වාර්තාවේ.
දුර්වල ඡන්ද ප්‍රකාශය හේතුවෙන් මැල්කම් ටර්න්බුල් පිඩනයට ලක් වූ අතර, එය මැදහත් මන්ත්‍රීවරුන්ගේ "කැරැල්ලක්" ලෙස ඔහු හැඳින්වීය.
පක්ෂයේ පැවති ඡන්ද විමසීමේදී හිටපු අග්‍රාමාත්‍ය ටර්න්බුල්ට වඩාත් තර්ජනයක්ව සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන්ට එරෙහිව ඡන්ද 45-40 ක් ලෙස ස්කොට් මොරිසන් ජය ගත්තේය.
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ තම පක්ෂ මන්ත්‍රීවරු මැදිහත්වී ඉවත්කළ සිව්වෙනි අග්‍රාමාත්‍යවරයා බවට ටර්න්බුල් පත්වේ.
"මේ ශ්‍රේෂ්ඨ ජාතියේ නායකයාවීමට ලැබීම මහත් වරප්‍රසාදයක්. මම ඔස්ට්‍රේලියාවට ආදරෙයි. මම ඕස්ට්‍රේලියානුවන්ට ආදරෙයි," ඔහු සිකුරාදා (අගෝස්තු 24) පැවසීය.
ටර්න්බුල් ඉවත් කළේ ඇයි?
ඉදිරියේ මැතිවරණ පැවැත්වීමට නියමිත වාතාවරණයක් තුළ රජයේ අපේක්ෂිත ඡන්දවල ඇති අඩුව සහ මෑතක පැවැත්වූ අතුරු මැතිවරණවලින් ලද පරාජයන් පිලිබඳ මන්ත්‍රීවරු කනස්සල්ලෙන් පසුවූහ.
පසුගිය සතියේ, බලශක්ති ප්‍රතිපත්තිය මධ්‍යස්ථ මන්ත්‍රීවරු සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර දිගු කලක් තිස්සේ පැවති උණුසුම කරළියට ගෙන එන්නට සමත්විය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28