The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» My Port Folio Bleeding But Its just the Begining Of..
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 10:09 am by pathfinder

» අනං මනං! #/+?.<>
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 7:50 am by ruwan326

» Thread for News on CSE and SL Economy
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 7:06 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 6:59 am by ruwan326

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 6:43 am by ruwan326

» SAMP.N0000 (SAMPATH BANK PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyToday at 6:25 am by ruwan326

» RCL - Royal Ceramics
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyYesterday at 5:24 pm by The Invisible

» Sri Lanka bad loans grow to 4.8-pct in June after soft-peg collapse
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyYesterday at 3:58 pm by The Invisible

» Banks, Finance & Insurance Sector Chart
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyYesterday at 3:51 pm by The Invisible

» HNB Update
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyYesterday at 3:39 pm by The Invisible

» Cricket, meet Capitalism
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyYesterday at 12:26 pm by nuwanmja

» Dividend Announcement
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2019 9:32 pm by nihal123

» Browns Investments update
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2019 7:45 pm by The Invisible

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2019 1:03 pm by Fireandwater

» "පියසේනට දැං සනීපයි..."
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2019 10:47 am by Yin-Yang

» What's going to happen
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2019 6:26 am by serene

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Jul 18, 2019 11:50 am by serene

» CFVF - First Capital
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Jul 18, 2019 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» LFIN - LB Finance
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» Easter Sunday Attack and Sri Lanka
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» First capital holdings
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌

Go down

බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ Empty බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌

Post by nihal123 on Sun Oct 28, 2018 10:16 pm

ඔහු සැමදාම උදේ ආහාරය ගන්නේ මැක්‌ඩොනල්ඩ් ආපන ශාලාවෙන්. ඇමෙරිකාවේ මැක්‌ඩොනල්ඩ් සැලකෙන්නේ ලාබෙට ඉක්‌මන් ආහාර ගන්න පුළුවන් ස්‌ථානයක්‌ ලෙසටයි. උදේ රැවුල බාන ගමන් ඔහු සාමාන්‍යයෙන් තෝරා ගන්නා උදේ ආහාර විකල්ප තුනෙන් ගන්නේ කුමක්‌ දැයි තීරණය කරනවා. සොසේඡ් පැටිස්‌ දෙකක්‌ ඩොලර් 2.61 ක්‌ ද සොසේඡ්, බිත්තර, චීස්‌ ඩොලර් 2.95 ක්‌ ද වෙනවා. කොටස්‌ වෙළඳපොළ වාසිදායක වී තමා සමෘද්ධිමත් යෑයි හැඟෙන අවස්‌ථාවක නම් ඔහු තෝරා ගන්නේ ඩොලර් 3.17 ක්‌ වෙන බේකන්, සොසේඡ්, චීස්‌ බිස්‌කට්‌ විකල්පයයි. කිසිම විටක ඔහු ඒ මුදල ඉක්‌මවා වියදම් කරන්නේ නෑ. තමන්ට අවශ්‍ය මුදල බිරිඳට පැවසූ විට ඇය ඒ මුදල ඔහු කාරයේ තබා ගන්නා කෝප්පයට දමනවා. කාර්යාලයට රථය පදවාගෙන යන අතරමඟ හමුවෙන මැක්‌ඩොනල්ඩ් ආපන ශාලාවෙන් ඔහු ආහාර ගන්නවා. බීමට ගන්නේ කොකාකෝලා කෝප්පයක්‌.

මේ තොරතුරුවලින් නම් ඔබ සමහර විට මේ කවරෙක්‌ දැයි හඳුනා නොගනීවි. ඔහු ලොව ධනවත් ලැයිස්‌තුවේ දෙවැනි තැන සිටින වොරන් බුෆේය. ඔහු ලොව ප්‍රමුඛ පෙළේ කොටස්‌ වෙළෙඳ ආයෝජකයන්ගෙන් කෙනකු වන අතර බර්ක්‌ෂයර් හැතවේ සමාගමේ විශාලම කොටස්‌ හිමිකරු සහ ප්‍රධාන විධායක නිළධාරියා ද වෙනවා. බර්ක්‌ෂයර් හැතවේ සමාගම සිය ව්‍යාපාරයේ අරටුව ලෙස රක්‌ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යන සහ වෙනත් ව්‍යාපාර ගණනාවකින් සැදුම්ලත් ඒකාබද්ධ වෙළෙඳ සමාගමකි. එහි ව්‍යාපාරික කටයුතු හරහා වොරන් බුෆේගේ ආයෝජනයන්ට උවමනා මුදල් සැපයෙනවා. ඔහු මුල් කාලයේදී සිය අවධානය යොමු කළේ ප්‍රසිද්ධියේ මිල ගණන් නියම කරන ව්‍යාපාර වස්‌තු සම්බන්ධයෙනි. පසුව ඔහු සම්පූර්ණ සමාගම් මිලදී ගැනීම කෙරේත් යොමු වී සිටිනවා. ඒ අනූව අද සීනි කෑම නිෂ්පාදනය, සිල්ලර විකිණුම්, ගෘහභාණ්‌ඩ, විශ්වකෝෂ, ස්‌වර්ණාභරණ විකිණීම් සහ ප්‍රවෘත්ති පත්‍ර ප්‍රකාශනය ඇතුළුව තවත් විවිධ ව්‍යාපාර ගණනාවක්‌ බර්ක්‌ෂයර් හැතවේ සමාගමට අයත් වෙනවා.

වරක්‌ ලොව ධනවත්ම තැන ද හිමිව සිටි වොරන් බුෆේගේ ශුද්ධවත්කම ඩොලර් බිලියන 74 කි. 84 වියේ පසුවන ඔහු ගත කරන්නේ සරල දිවිපෙවෙතකි. ඔහු පදිංචිව සිටින්නේ 1958 දී ඩොලර් 31500 කට මිලදී ගත් කාමර 5 කින් යුතු නිවසෙයි. අදටත් කටයුතු කරන්නේ ඒ දිනවලම ගත් කාර්යාලයෙයි. මේ දෙකම පිහිටා ඇත්තේ ලොව මුල්‍ය මධ්‍යස්‌ථාන වලින් බොහෝ ඈත් වූ ප්‍රදේශයක්‌ වන නෙබ්‍රස්‌කාහිය. ඔහු ජංගම දුරකථනයක්‌ රැගෙන යන්නේ නැත. ඔහුගේ මේසය මත පරිගණකයක්‌ නැත. එසේම රියෑදුරකු ද නැති අතර ඔහු හමුවීමට පැමිණෙන අමුත්තන් ගෙන ඒමට ඔහුම යන්නේය. උදේ 6.45 ට පමණ අවදි වන වොරන් බුෆේගේ කටයුතු වල 80% ක්‌ම වෙන් වෙන්නේ කියවීමටයි. බොහෝ විට වෙළඳපොළ විවෘත කළ විට කාර්යාලයට යන ඔහු මුළු කාලයම වගේ ගත කරන්නේ මුල්‍ය ප්‍රකාශන සහ වාර්තා ආදිය කියවීටයි. කාර්යාලයෙන් පසුව පුවත්පත් සහ පොත් කියවනවා. විවේක කාලය මිතුරන් සමඟ කතා කිරීමටත් බ්‍රිඡ් ක්‍රීඩාවේ යෙදෙන්නටත් වෙන්වෙනවා. තම වෙලාව එක්‌ එක්‌ කාරණාවන්ට හිරකර ගත් කාලසටහනක්‌ වොරන් බුෆේට නැහැ. 1991 මුල් වරට බිල් ගේට්‌ස්‌ හමු වූ අවස්‌ථාවේ අනාගත හමුවන් සටහන් කිරීමට වොරන් බුෆේ දින පොත ගත් විට එය කොතරම් හිස්‌ දැයි දැක බිල් ගේට්‌ස්‌ පුදුම වී තිබෙනවා.

සමහරු ඉපදෙන්නෙත් බිලියනපතියන් ලෙසයි. තවත් අය ඒ තැනට පැමිණෙන්නේ වෙහෙස වී ධනය ඉපයීමට කටයුතු කිරීමෙන්. වොරන් බුෆේ අයිති වෙන්නේ ඒ දෙවැනි කොටසටයි. ඔහු ව්‍යාපාර කටයුතු ඇරඹියේ කුඩා කාලයේදීමය. අනෙකුත් සම වයසේ ළමයින් සෙල්ලම් කරන විට ඔහු නොයෙකුත් දෑ විකිණුවා. ඔහු වයස අවුරුදු 6 දී තරම් කුඩා වයසෙදි කොකාකෝලා ඇසුරුම් 6 ක්‌ සීයාගේ වෙළඳපොළෙන් මිළදී ගෙන සෑම බෝතලයකින්ම සත 5 ක ලාභයක්‌ තබා ගනිමින් විකුණා තිබෙනවා. වොරන් බුෆේ ආයෝජනය පිළිබඳව පොත් කියවන්නට ගත්තේ වයස අවුරුදු 7 ක්‌ 8 ක්‌ පමණ කාලයේ ඉඳලයි. ඔහුගේ පියාට කුඩා ආයෝජන කාර්යාලයක්‌ තිබුණු අතර ඔහු එහි තැන තැන ඇති පොත් පත් කියවන්නට පුරුදු වී සිටියා. ආයෝජනයට ඔහු කොතරම් ඇල්මක්‌ දැක්‌වූවාද කියනවා නම් වයස අවුරුදු 11 වන විට ඔහු පුස්‌තකාලයට ගොස්‌ කියවන්නට වූයෙත් එවැනි පොතපතයි. ඔහු තම මුල්ම වරට ව්‍යාපාර කොටස්‌ 3 ක්‌ මිලදී ගත්තෙත් ඒ වයසෙදියි.

වයස අවුරුදු 19 දී කියවන්නට ලැබුණ මහාචාර්ය බෙන්ජමින් ග්‍රැහැම්ගේ ද ඉන්ටලිජන්ට්‌ ඉන්වෙස්‌ටර් නම් පොත තමාට බොහෝ බලපෑමක්‌ වූ බව ඔහු පවසනවා. වටිනාකමින් පහළ වැටී ඇති විටක කොටස්‌ මිලදී ගෙන ඒවා බොහෝ කාලයක්‌ තබා ගැනීම පිළිබඳව එහි විස්‌තර කෙරෙනවා. පසු කාලයේ බුෆේගේ ආයෝජන උපක්‍රමයෙ ශක්‌තිය වූයෙත් එයයි. වොරන් බුෆේ නෙබ්‍රස්‌කා සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසුව හාවඩ් ව්‍යාපාරික පාසලට අයෑදුම් කළත් සම්මුඛ පරීක්‌ෂණයෙදි ඔහුව තෝරා ගැනුණේ නෑ. ඒ අවස්‌ථාවේ තමාට ලැබුණ හොඳම දෙය අහිමි වූ ලෙසට දැනුනත් එය ඔහුගේ වාසනාවට ම වූ දෙයක්‌ බව ඔහු පවසනවා. එම ප්‍රතික්‌ෂේප වීම නිසා ඔහු කොලොම්බියා ව්‍යාපාරික පාසලට යෙමුවුණා. එම ව්‍යාපාරික පාසල සම්බන්ධව සොයා බැලීමෙදී ඔහු ආයෝජනය සම්බන්ධව කියවූ පොත් වලින් හඳුනා ගෙන සිටි බෙන්ජමින් ග්‍රැහැම් සහ ඩේවිඩ් ඩොඩ් යන මහාචාර්යවරුන් දෙදෙනෙකුම එම පාසලේ සිටින බව ඔහුට දැක ගන්නට ලැබුණා. තමා ඔවුන් මිය ගොස්‌ ඇති ලෙසට සිතූ බවත් එසේ නොවන බව සහ ඔවුන් කොලොම්බියාවේ උගන්වන බව දැන ගත් පසු තමා ඇත්තටම එහි එන්නට කැමැත්තෙන් පසු වන බව ඔහු මහාචාර්ය ඩොඩ්ට ලියා දැන්නුවා. ඔහු වොරන් බුෆේව කොලොම්බියා ව්‍යාපාරික පාසලට ඇතුළත් කර ගත්තා. වොරන් තම ආයෝජන දිවියෙ ආරක්‌ෂා කර ගත් ආයෝජන නීති දෙක ඉගැන්වූයේ බෙන්ජමින් ග්‍රැහැම් විසිනි. පළමු නීතිය කිසිමදාක මුදල නැති කර නොගැනීමයි. දෙවැනි නීතිය කිසිමදාක පළමු නීතිය අමතක නොකිරීමයි.

වොරන් බුෆේගේ ධනයෙන් 99% ක්‌ම පමණ පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිතය. ඉන් 83% ක්‌ම බිල් හා මෙලින්ඩා ගේට්‌ස්‌ පදනම වෙනුවෙන් වෙන් කෙරෙනවා. ඔහුගේ දරුවන් වෙනුවෙන් ධනයෙන් විශාල කොටසක්‌ වෙන් වෙන්නේ නෑ. ඔහුට අවශ්‍යව ඇත්තේ දරුවන්ට කිසිවක්‌ නොකර සිටීමට තරම් ධනයක්‌ දීමට නොව ඔවුන්ට යමක්‌ කිරීමට තරම් ධනයක්‌ ලබා දීමටය. ඔහුගේ මුල් විවාහය වන සහ දරුවන්ගේ මව වන සූසන් තොම්සන් 2004 ජූලි මස මිය ගියා. 2006 සිය 76 වන උපන් දිනයේදී වොරන්, ඇස්‌ටි්‍රඩ් මෙන්ක්‌ස්‌ හා විවාහ වුණා.

වොරන් බුෆේ පවසන ආකාරයට ඔහුගේ සාර්ථකත්වයේ රහස තමන් කැමතිම දෙය කිරීමයි. මේ සියල්ල නැතිවූ විට කුමක්‌ කරන්නේ දැයි යන පැනයට ඔහුගේ පිළිතුර වූයේ නැවතත් ආයෝජනයෙම යෙදෙන බවයි. මම වයස විසි ගණන් වල සහ තිස්‌ ගණන් වල විනෝදයෙන් සිටියා. දැන් මම වයස 86 දීත් විනෝදයෙන් සිටිනවා යෑයි ඔහු පවසනවා. ඔබ කළ යුත්තේ ඔබ ඇත්තෙන්ම ආදරේ කරන දෙයයි. පළමු හෝ දෙවන රැකියාවන්හිදී තදින් ඒ කිසිවකට බැඳුනේ නැති නම් තමන් ආදරෙන් බැඳෙන රැකියාව හමු වන තුරු උත්සහය අත්හරින්න එපා යෑයි ඔහු උපදෙස්‌ දෙනවා.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5607
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum