- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නොසන්සිඳෙන ආශාව!
ඔන්න එකමත් එක රටක රජ්ජුරුවන්ට හිටියා හරිම ලස්සන බිසවක්. මේ රජ බිසවට අතිශය සුන්දර පියයුරු යුවළක් තිබුණා.
මේ රටේ හිටියා ‘නික්’ කියලා ධනවත්, බලවත් ඒ වගේම කඩවසම් ප්‍රසිද්ධ සිටුවරයෙක්.
නික්ට එක්තරා විදියක ආශාවක් ඇතිවුණා. රජ බිසවගේ පුන් පියයුරු හිතේ හැටියට සිප වැළැඳ ගැනීම ඒ ආශාව යි.
නමුත්, මේ ආශාව මුදුන් පමුණුවා ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ජීවිතය නැති වෙනවා සිකුරු බව ඔහු දැන සිටියා.
එක දවසක් නික් තම රහසිගත ආශාව රාජකීය වෛද්‍යවරයා වූ හොරේෂියෝට හෙළි කළා.
දොස්තර හොරේෂියෝ කිව්වේ නික්ගේ ආශාව සංතෘප්ත කරගන්න අවස්ථාවක් සලසන්න තමාට පුලුවන් කියලයි.
නමුත් මේ වෙනුවෙන් ගාස්තු වශයෙන් රන් කාසි දහසක් අය කරන බවද දොස්තර නික්ට කිව්වා.
නික් මේ යෝජනාවට උඩින්ම කැමති වුණා.
රාජකීය වෛද්‍ය දොස්තර හොරේෂියෝ ඇඟේ ගෑවුණාම කසන පවුඩර් වර්ගයක් හදාගෙන, එයින් ස්වල්පයක් අරගෙන පහුවෙනිදා උදේ රජ මාළිගාවට ගියා.
රජ බිසව ස්නානය කරන ස්ථානය අසලට ගිය ඔහු ඒ අතරතුරදී සේවිකාවන් ඉවතට යන අවස්ථාවක් බලලා ඇයගේ බ්‍රෙෂියරයේ ඇතුළු පැත්තට මේ කසන සුලු කුඩු ටිකක් තැවරුවා, මේ කිසිවක් නොදත් රජ බිසව ස්නානය හමාර කර තම ඇඳුම් පැළැඳුම් ඇඳගෙන සිය කුටියට ගියා.
පැය කිහිපයක් ඇතුළත රාජකීය වෛද්‍යවර හොරේෂියෝට රජ වාසලින් කැඳවීමක් ලැබුණා.
නොනවත්වා සිය පියයුරු කසන ආසාත්මිකතාවයකින් රජ බිසව පෙළෙන බව කී රජතුමා ඇයට ප්‍රතිකාර කරන ලෙස හොරේෂියෝගෙන් ඉල්ලා සිටියා.
බිසව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා දුර්ලභ අසාත්මිකතාවයකින් රජ බිසව පෙළෙන බව ප්‍රකාශ කළා.
මෙම කැසිල්ල නැවැත්වීමට නම් එක්තරා විශේෂ වර්ගයක ප්‍රතිදේහයක් තුන් පැයක් මුළුල්ලේ බිසවගේ පියයුරු මත නොකඩවා ආලේප කළ යුතු බව කී වෛද්‍යවරයා එම ප්‍රතිදේහය අඩංගු වන්නේ මානව ඛේටයෙහි බවත් කියා සිටියා.
රජතුමාගේ රාජධානියෙහි ජීවත්වන එක් පුද්ගලයෙකුගේ ඛේටයෙහි එම ප්‍රතිදේහය අඩංගු වන පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇති බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.
මහත් අස්වැසිල්ලට පත් රජතුමා වහාම ඒ පුද්ගලයා රජ වසලට කැඳවන ලෙස නියම කළා.
හොරේෂියෝගෙන් ලද තොරතුරු මත එසේ රජ මාළිගයට කැඳවනු ලැබූ විශිෂ්ට කෙළ ඇති පුද්ගලයා අන් කිසිවෙකු නොව නික් සිටුවරයා යි.
රජතුමා නික් සිටුවරයාට නියෝග කළේ පුරා තුන් පැයක් තිස්සේ බිසවගේ පියයුරු මත සිය කෙළ ආලේප කරන ලෙසයි.
මේ අතරේ කැසීම නැවැත්වීම සඳහා අවශ්‍ය වන ප්‍රතිදේහය අඩංගු ඖෂධයෙන් මාත්‍රාවක්ද ද හොරේෂියෝ විසින් හෙමින් සීරුවේ නික් වෙත ලබා දුන්නා.
දැන් ඉතිං නික් රජතුමාගේ අවසරයද සහිතව තුන් පැයක් මුළුල්ලේ සුන්දර රජ බිසවගේ ළමැද සුව යහනක් කර ගනිමින් ඇගේ පියයුරු මත තම ඛේටය ආලේප කරමින් තම නොසන්සිඳෙන ආශාව සන්සිඳවා ගත්තා.
අවසානයේදී ප්‍රතිදේහය අඩංගු ඖෂධ මාත්‍රාව සිය ඛේටයට මිශ්‍ර කර පියයුරු මත ආලේප කිරීමත් සමගම බිසවගේ ආසාත්මිකතාවය හෙවත් කැසිල්ල සම්පූර්ණයෙන්ම සුව වුණා.
තෘප්තිමත්ව ආපසු තම නිවසට පැමිණි නික් සිටුවරයා දුටුවේ තමා එනතුරු දොස්තර හොරේෂියෝ මග බලා සිටින ආකාරයයි.
නික්ගේ ආශාව සංතෘප්ත කිරීමට තමන් සමත් වූ නිසා පොරොන්දු වු පරිදි රන් කාසි දහසක ගාස්තුව ගෙවන ලෙස දොස්තර ඉල්ලා සිටියා.
මේ වන විට තම ආශාව සන්සිඳුවාගෙන තෘප්තිමත්ව සිටි නික් කල්පනා කළේ වෙනත් විදියකටයි.
"අපරාදේ නිකන් මොකටද රන් කාසි දාහක් වියදම් කරන්නේ?" කියා නික් කල්පනා කළා. "මොකද දොස්තර ගිහිල්ලා වෙච්ච සිද්ධිය රජතුමාට පැමිණිලි කරන්නද?"
ඒ නිසා "අනේ නිකන් යනවා ඕයි යන්න, නිකන් පව් නොදී" කියලා නික් හොරේෂියෝට කිව්වා.
බලාපොරොත්තු සුන් වී කරකියා ගන්න දෙයක් නැතිවුණ දොස්තර හොරේෂියෝ ආපහු හැරිලා යන්න ගියා.
පසුවදා උදේම දොස්තර හොරේෂියෝ නැවතත් රජමාළිගයට ගොස් අර කලින් හදාගත්ත වර්ගයේ කැසිල්ල ඇති කරන පවුඩර් විශාල ප්‍රමාණයක් සෝදලා වැලේ වනා තිබුණු රජතුමාගේ අන්ඩර්වෙයාර් එක ඇතුළට හොරෙන්ම දැම්මා.
වැඩි වේලාවක් යන්න පෙර වහාම රජ මාළිගයට එන ලෙස රජතුමා නික් වෙත පණිවුඩයක් යැව්වා.
ඊට පස්සේ.....!!!
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
(කතෘ නොදනී. උපුටාගන්න ලදී)
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: නොසන්සිඳෙන ආශාව!
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම