- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හැටන් නැෂනල් පෙරටුව වෙළෙඳ පොල පෙරට එයි.
(www.randora.lk-09/02/15) – නව සතියක් ආරම්භ කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොල යළි සිය සුපුරුදු ජවයෙන් ක්‍රියාත්මක වනු දක්නට ලැබු බව තැරැවිකරුවෝ කියති.
මෙහිදි සියළු කොටස් මිල දර්ශකය දිනය අවසන ඒකක 35.69 කින් ඉහළ යමින් ඒකක 7,198.44 ක් වෙත්දි S&P SL 20 දර්ශකය ඒකක 33.42 කින් ඉහළ යමින් ඒකක 3,992.35 ක් විය.
හැටැන් නැෂනල් කොටසක මිල රුපියල් 213.30 දක්වා සියයට 5.59 කින්ද CEYLON BEVERAGE HOLDINGS PLC(BREW.B0000) කොටසක මිල රුපියල් 893.80 දක්වා සියයට 21.47 කින්ද ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 212 දක්වා සියයට 1.44 කින්ද නෙස්ලේ කොටසක මිල රුපියල් 2,300 දක්වා සියයට 2.22 කින්ද ඉහළ යාම මෙම වර්ධනයට අද බලපාන ලදි.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 930 ක් විය.
මෙහිදි රුපියල් මිලියන 275 ක ඉහළම දායකත්වය ජෝන් කීල්ස් විසින් වාර්තා කරන ලදි.
අද වාර්තා වු එකම ගිවිසගත් ගනු-දෙනුව ජාතික සංවර්ධන බැංකුවෙන් වු අතරේ ඒ කොටසක් රුපියල් 235 බැගින් කොටස් 202,598 කි.
ඩයලොග් කොටස් මිලියන 8.6 ක්ද වැලිබල් වන් කොටස් මිලියන 9.6 ක්ද හුවමාරු විය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: හැටන් නැෂනල් පෙරටුව වෙළෙඳ පොල පෙරට එයි.
(www.randora.lk-09/02/15) – හැටන් නැෂනල් බැංකුවේ අධ්යක්ෂ වරයෙකු ලෙස ජනාධිපති නීතිවේදි රියන්සි අර්සකුලරත්න මහතාද කොමාර්ෂල් බැංකුවේ අධ්යක්ෂ වරයෙකු ලෙස එහි හිටපු කළමනාකාර අධ්යක්ෂ අමිත ගුණරත්න මහතාද පත් කිරිම සම්බන්ධයෙන් වන ක්‍රමවේදයන් මුදල් අමාත්‍යාංශය විසින් අදාල බැංකු වල සමාගම් ලේකම් වරුන්ගෙන් විමසා ඇතැයි අදාල බැංකු ආරංච් මාර්ග රන්දොරට පවසා සිටියේය.
අදාල අධ්යක්ෂ වරු ඉදිරියේදි මෙම බැංකු වල සභාපති ධුර සදහා පත් කිරිම සම්බන්ධයෙන් රජයේ සුදානමක් ඇති බවද මේ අතරේ බැංකු ආරංචි මාර්ග පවසයි.
අදාල බැංකුවල බහුතර කොටස් අයිතියක් සේවක අර්ථ සාධක අරමුදලට හා රාජ්‍ය සංස්ථා සතු වේ.
කොමාර්ෂල් බැංකුවේ අධ්යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල හෝ මේ වන විට අසනිප තත්ත්වයේ පසුවන එහි අධ්යක්ෂ මහාචාර්ය උදිත ලියනගේ වෙනුවෙන් අමිත ගුණරත්න මහතා පත් කිරිමට යෝජනා වි ඇති බව මෙම වාර්තා කියයි.කෙසේවෙතත්,තවත් ආරංච් මාර්ගයක් සදහන් කළේ මෙහි අධ්‍යක්ෂවරයෙකු වන මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂ මහින්ද සිරිවර්ධන මහතා වෙනුවට අදාල පත් විම සිදු කරන බවයි.
අඛණ්ඩව වසර 09 ක් වාණිජ බැංකුවක අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කළ අයෙකු යළි එහි අධ්යක්ෂ මණ්ඩලයට තේරි පත් විය නොහැකි පසුබිමක දිගු කාලයක් කොමාර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ /අධ්යක්ෂ තනතුරු දැරු අමිත ගුණරත්න මහතා මෙම තනතුරට පත් වන්නේ කෙලෙසදැයි මේ අතරේ බැංකුවේ සේවකයෝ ප්‍රශ්න කරති.අමිත ගුණරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම ඥාතියෙකු වන අතර මේ වන විට හැරී ජයවර්ධන මහතාට අයත් මෙල්ස්ටාකොප් හි ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
රියන්සි අර්සකුලරත්න මහතාගේ පත් විම සිදු විමට ඉඩ ඇත්තේ විලි ගමගේ මහතා වෙනුවට බවද සදහන්ය.
කෙසේවෙතත්,අදාල බැංකුවල කිසිදු අධ්යක්ෂ වරයෙකු මේ දක්වා ස්වකිය ඉල්ලා අස්විම ප්‍රකාශයට පත් කර නැති බවද සදහන්ය.