- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් 10% කින් පහළට
ada derana biz
(26) දින දෛනික ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.34 කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 6,203.98 ක් ලෙසිනි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 3,247.69 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 4.64 කින් ගොස් තිබේ.
කෙසේ වෙතත් 2016 වසරේ පෙබරවාරි 26 දිනය වන විට වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,203.98 ක් දක්වා පහළ ගොස් තිබේ. මෙය 10.02% ක කඩා වැටීමකි.
අද දින ගනුදෙනු වලින් වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 803.48 කි. මෙහි ඇති විශේෂත්වය නම් සම්පූර්ණ පිරිවැටුමෙන් 80% ක්ම ජෝක් කීල්ස් හෝල්ඩිංග්ස් හි සාමාන්‍ය කොටස් ගනුදෙනු තුළින් වාර්තා වී තිබීමයි. මෙහිදී දිනය තුළ රුපියල් මිලියන 645.36 ක පිරිවැටුමක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවලින් ජනනය වී තිබේ. සෙසු සමාගම්වලින් පිළිවෙලින් ACL කේබල්ස් (මිලියන 29.2), ග්‍රේන් එලවේටර්ස් (මිලියන 14.5), ලංකා දුම්කොළ සමාගම (මිලියන 12.59) හා ත්‍රී ඒකර් ෆාම්ස් (මිලියන 10.32) ක් ලෙසින් ඉහළ පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර විය. වෙනත් එකදු සමාගමක් හෝ රුපියල් මිලියන 10 ඉක්මවූ පිරිවැටුමකට හිමිකම් කීමට අපොහොසත් වීම මෙහිදී කැපී පෙනුණු කරුණකි.
අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 598 ක් විදේශීය මිල දී ගැනීම් හා රුපියල් මිලියන 568.89 ක් විදේශීය විකුණුම් ලෙසින් වාර්තා වී ඇත. මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 205.36 ක් සහ දේශීය විකුණුම් රුපියල් මිලියන 234.58 ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා වී තිබිණි.
ඡායාරූප සටහනින් දැක්වෙන්නේ 2016 වසර ආරම්භය සිට පෙබරවාරි 26 වන දින දක්වා සියලු කොටස් මිල දර්ශකය හැසිරුණු ආකාරයයි.
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: කොළඹ කොටස් 10% කින් පහළට
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: කොළඹ කොටස් 10% කින් පහළට
balapas wrote:This is part of the cycle and I see opportunities.