BBC Sandeshaya 2017 මාර්තු 30
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබෙන බව පෙන්වාදෙන ව්‍යාපාරික ප්‍රජාව එය යහපත් හෝ අයහපත් බලපෑමක් ද යන්න නිගමණය කිරීමට තවමත් කාලය එළඹ නැති බවත් සඳහන් කරයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දෙවසරක ක්‍රියාදාමය නිල වශයෙන් ආරම්භ කරමින් ලිස්බන් සම්මුතියේ 50 වෙනි වගන්තිය සම්බන්ධ ලේඛනයට අගමැතිනි තෙරේසා මේ අඟහරුවාදා රාත්‍රියේ අත්සන් තැබුවාය.
ඉන් අනතුරුව එම ලිපිය බ්‍රසල්ස් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා වෙත බදාදා භාරදෙනු ලැබිණ.
අප්‍රේල් මස මැද භාගයේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවය වෙත දහස් දක්වමින් සඳහන් කළ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් සහ වර්තමානයේ කමිටු සභාපතිවරයකුවන රොහාන් මාසකෝරාළ, ඉන් අනතුරුව ඉදිරි වසර දෙක ඇතුලත ශ්‍රී ලංකාවට එම සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ද බැඳී සිටින බව පෙන්වාදෙයි.
රොහාන් මාසකෝරාළ
"තවමත් ශ්‍රී ලංකාව යුරෝපයට යවන ඩොලර් බිලියන දෙකක අපනයනවලින් 41% ක් යන්නේ මහා බ්‍රිතාන්‍යයට," ඔහු පැවසීය.
"ඒ නිසා මහා බ්‍රිතාන්‍යය අපේ ප්‍රධානම ඇඟළුම් වෙළඳපොළක්."
ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300- 500 ත් අතර පාඩුවක් සිදු වූ බව ඔහු පෙන්වාදෙයි.
එම සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ නමුත්, වෙළඳපොල කඩා නොවැටුන බව ද ඔහු සඳහන් කළේය.
"දැන් ජීඑස්පී ප්ලස් ලැබෙනවත් සමගම ඇඟළුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව වැඩිවෙනවා."
එහෙත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැරසෙන්නේ ශ්‍රී ලංකා අපනයනවලට යුරෝපය මෙසේ විශේෂ තීරු බදු සහන යළිත් ලබාදීමට සැරසෙන අවස්ථාවේදීය.
එබැවින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්ඡා පවත්වන දෙවසරක කාලය තුළ බ්‍රිතාන්‍ය සමග විශේෂ වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සුක විය යුතු බව රොහාන් මාසකෝරාළ පෙන්වාදෙයි.
"මොකද ඉන්දියාව දැනටමත් පටන් අරගෙන තියෙනව. අපිත් ඒ දේ කරනවා කියල නියෝජ්‍ය විදේශ ඇමතිතුමා ප්‍රකාශකළා," ඔහු පැවසීය.
"අපිට තව වාසියක් තියෙන්නේ දැන් අපිත් එක්ක තරග කරන බංගලිදේසේ වගේ රටවලටත් ඒ තත්වයම එනවා."
එහිදී කිසියම් ආකාරයකින් වසර දෙකකට පසුව ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කළහොත්, ශ්‍රී ලංකා අපනයන සඳහා අයකෙරෙන රේගු බදු 9% කින් ඉහල යනු ඇති බව ද රොහාන් මාසකෝරාළ පෙන්වා දුන්නේය.
යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමග බ්‍රිතාන්‍යය ඊටත් වඩා දෙපාර්ශවයටම වාසිදායක වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමේ හැකියාවක් පවතින බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?