- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්"
Image copyright DIGITALGLOBE
සිය මුල්ම බැලිස්ටික් මිසයිල සහිත සබ්මැරීනය ඉතාමත්ම ඉක්මනින් "නිෂ්පාදනය කර ස්ථාපිත කිරීම" පිණිස උතුරු කොරියාව දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිටින බව නව චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් පවසයි.
දිගු දුර විදින අන්තර් මහාද්වීපික මිසයිල දැනටමත් නිෂ්පාදනය කර තිබෙන උතුරු කොරියාව, සබ්මැරීනයක සිට දිගු දුර විදින මිසයිල නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ද වසර කිහිපයක් මුළුල්ලේ අත් හදා බලමින් සිටියි.
එවැනි ඡායාරූප පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත 38 North වෙබ් අඩවිය පවසන්නේ අදාළ ඡායාරූප මගින් එම වැඩසටහන පිළිබඳව ඉතා බලගතු සිහි කැඳවීමක් කෙරෙන බවය.
මිසයිල විදිය හැකි සබ්මැරීනයක සහ එහි සිට මිසයිල විදිනයක ආකෘති දැනටමත් උතුරු කොරියාව සතුව පවතින අතර, එහි සිට දැනටමත් අත් හදා බැලීම් කිහිපයක් සිදු කර තිබේ. එහෙත් එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම පිණිස නැගෙනහිර වෙරළේ සින්පෝ (Sinpo) නැව් තටාකාංගනයේ දැවැන්ත ඉදිකිරීම් සිදුවෙමින් පවතින බව නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී තිබේ.
Image copyright DIGITALGLOBE
උතුරු කොරියාව, මිසයිල රැගෙන යා හැකි තවත් සබ්මැරීනයක් නිෂ්පාදනය කරමින් සිටිනවා විය හැකි බවට ද ඉඟි පලවෙමින් පවතී.
චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන ඉතා විශාල වක්රාකාර වස්තු දෙක සබ්මැරීනයේ අභ්‍යන්තර බඳ විය හැකිය.
මේ වසර පුරාම සින්පෝ තටාකාංගනයේ සුවිසල් ඉදිකිරීම් ශාලාවලට යාබදව පිහිටි භූමියට සහ එයින් ඉවතට විවිධ කොටස් ගෙන යනු ලැබූ ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබේ.
නිරන්තරයෙන් ඔබ මොබ යන සුවිසල් දොඹකර මගින් ද පැහැදිලි වෙන්නේ "දිගු කාලීන සහ ක්‍රියාකාරී නැව් ඉදිකිරීමේ වැඩසටහනක්" බව ද 38 North වෙබ් අඩවිය පවසයි.
සබ්මැරීනයේ සිට මිසයිල විදීම පිණිස භාවිතා කිරීමේ අරමුණින් විය හැකි මිසයිල අත් හදා බැලීමේ ස්ථානයක් ද ඉදිකෙරෙමින් පවතී.
සබ්මැරීනවල සිට විදින මිසයිල අත් හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනේ ප්‍රගතිය චන්ද්‍රිකා ඡායාරූප මගින් පමණක් තක්සේරු කිරීම අසීරුය.
එහෙත් මූලෝපායික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (International Institute for Strategic Studies) අවි ආයුධ පාලනය පිළිබඳ විශේෂඥයෙකු වන මාර්ක් ෆිට්ස්පැට්‍රික් (Mark Fitzpatrick) බීබීසීයට පැවසූ පරිදි, කිසියම් ලෙසකින් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහනට එරෙහිව ප්‍රහාරයක් එල්ල වුවහොත් සබ්මැරීනවල සිට විදින මිසයිල මගින් උතුරු කොරියාවට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වෙනත් හැකියාවක් ද හිමිවේ.